3. ආයාචන වර්‍ගය
2. 3. 1.
මාර සූත්‍රය
182. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ: වහන්ස, මම් භාග්‍යවතුන් වහන්සේ වෙතින් යම් දහමක් අසා එකලා වැ ගණයා කෙරෙන් වෙන් වැ නොපමා වැ කෙලෙස් තවන වැර ඇති වැ නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති වැ වෙසෙම් ද, භාග්‍යවතුන් වහන්සේ එබඳු දහමක් සැකෙවින් මට දේශනා කරන සේක් නම් මැනවැ”යි.
රාධය, යමෙක් මාර ද, එහි තොපගේ ඡන්‍දය (දුර්‍වල රාගය) දුරු කටයුතු යැ. රාගය (බලවත් රාගය) පහකටයුතු යැ. ඡන්‍දරාගය පහකටයුතු යි. රාධය මාර කවරේ ද යත්:
රාධ, රූපය මාර යැ, එහි ලා තොපගේ ඡන්‍දය පහ කටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය මාර යැ, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහ කටයුතු යැ, ඡන්‍ද රාගය පහකටයුතු යි. රාධය යමෙක් මරු ද එහි ඡන්‍දය පහකටයුතුය, රාගය පහකට යුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි.
2. 3. 2.
මාරධම්ම සූත්‍රය
183. සැවැත්නුවර:
එකත්පසෙකැ හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ: වහන්ස, ... නිවන් පිණිස යොමුකළ සිත් ඇති වැ වෙසෙන්නෙම් ද භාග්‍ය වතුන් වහන්සේ එ බඳු දහමක් මට සැකෙවින් දෙසනසේක් නම් මැනවැ”යි.
රාධය, යමෙක් මරණධර්‍ම (මැරෙනසුලු) නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. රාධය, කවරෙක් මරණධර්‍ම වේ ද යත්: රාධය, රූපය මරණධර්‍ම යැ. එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතුයැ, ඡන්‍දරාගය පහකට යුතු යි. වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය මරණධර්‍ම ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. රාධය, යමෙක් මරණධර්‍ම නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ. ඡන්‍දරාගය පහකටයුතු යි.
2. 3. 3.
අනිච්ච සූත්‍රය
184. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ: වහන්ස, … නිවන් පිණිස යොමු කළ සිත් ඇති වැ වෙසෙන්නෙම් ද භාග්‍ය වතුන් වහන්සේ එ බඳු දහමක් මට සැකෙවින් දේශනා කරන සේක් නම් මැනවැ”යි.
රාධය, යමෙක් අනිත්‍ය නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකළයුතු යැ, රාගය පහකළ යුතු යැ, ඡන්‍දරාගය පහකළයුතු යි. රාධය, කිමෙක් අනිත්‍ය ද යත්: රාධය, රූපය අනිත්‍ය යැ, එහි ලා තොපගේ ඡන්‍දය පහකළයුතු යැ, රාගය පහකළයුතු යැ, ඡන්‍දරාගය පහකළයුතු යි. වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය අනිත්‍ය යැ. එහි ලා තොපගේ ඡන්‍දය පහකළයුතු යැ, රාගය පහකළයුතු යැ, ඡන්‍දරාගය පහකළ යුතු යි. රාධය යමෙක් අනිත්‍ය නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකළයුතු යැ, රාගය පහකළයුතු යැ, ඡන්‍දරාගය පහකළයුතු යි.
2. 3. 4.
අනිච්චධම්ම සූත්‍රය
185. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ: වහන්ස, … නිවන් පිණිස යොමු කළ සිත් ඇති වැ වෙසෙන්නෙම් ද, භාග්‍යවතුන් වහන්සේ එ බඳු දහමක් සැකෙවින් මට දේශනා කරන සේක් නම් මැනවැ”යි.
රාධය, යමෙක් අනිත්‍ය ස්වභාව ඇත්තේ නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකළයුතු ය, රාගය පහකළයුතු යැ. ඡන්‍දරාගය පහකළයුතු යි.
රාධ, කිමෙක් අනිත්‍ය ස්වභාව ඇත්තේ ද යත්: රාධය, රූපය අනිත්‍ය ස්වභාව ඇත්තේ යැ. එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍ද රාගය පහකටයුතු යි. වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය අනිත්‍ය ස්වභාව ඇත්තේ යැ. එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ. රාගය පහකට යුතු යැ. ඡන්‍දරාගය පහකටයුතු යි. රාධය, යමෙක් අනිත්‍ය ස්වභාව ඇත්තේ නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ. රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකට යුතු යි.
2. 3. 5.
දුක්ඛ සූත්‍රය
186. සැවැත්නුවර:
එකත්පසෙක හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ: වහන්ස, … “නිවන් පිණිස යොමු කළ සිත් ඇති වැ වෙසෙන්නෙම් ද, භාග්‍යවතුන් වහන්සේ එබඳු දහමක් සැකෙවින් මට දේශනා කරන සේක් නම් මැනවැ”යි.