2. 3. 3.
අනිච්ච සූත්‍රය
184. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ: වහන්ස, … නිවන් පිණිස යොමු කළ සිත් ඇති වැ වෙසෙන්නෙම් ද භාග්‍ය වතුන් වහන්සේ එ බඳු දහමක් මට සැකෙවින් දේශනා කරන සේක් නම් මැනවැ”යි.
රාධය, යමෙක් අනිත්‍ය නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකළයුතු යැ, රාගය පහකළ යුතු යැ, ඡන්‍දරාගය පහකළයුතු යි. රාධය, කිමෙක් අනිත්‍ය ද යත්: රාධය, රූපය අනිත්‍ය යැ, එහි ලා තොපගේ ඡන්‍දය පහකළයුතු යැ, රාගය පහකළයුතු යැ, ඡන්‍දරාගය පහකළයුතු යි. වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය අනිත්‍ය යැ. එහි ලා තොපගේ ඡන්‍දය පහකළයුතු යැ, රාගය පහකළයුතු යැ, ඡන්‍දරාගය පහකළ යුතු යි. රාධය යමෙක් අනිත්‍ය නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකළයුතු යැ, රාගය පහකළයුතු යැ, ඡන්‍දරාගය පහකළයුතු යි.
2. 3. 4.
අනිච්චධම්ම සූත්‍රය
185. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ: වහන්ස, … නිවන් පිණිස යොමු කළ සිත් ඇති වැ වෙසෙන්නෙම් ද, භාග්‍යවතුන් වහන්සේ එ බඳු දහමක් සැකෙවින් මට දේශනා කරන සේක් නම් මැනවැ”යි.
රාධය, යමෙක් අනිත්‍ය ස්වභාව ඇත්තේ නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකළයුතු ය, රාගය පහකළයුතු යැ. ඡන්‍දරාගය පහකළයුතු යි.
රාධ, කිමෙක් අනිත්‍ය ස්වභාව ඇත්තේ ද යත්: රාධය, රූපය අනිත්‍ය ස්වභාව ඇත්තේ යැ. එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍ද රාගය පහකටයුතු යි. වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය අනිත්‍ය ස්වභාව ඇත්තේ යැ. එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ. රාගය පහකට යුතු යැ. ඡන්‍දරාගය පහකටයුතු යි. රාධය, යමෙක් අනිත්‍ය ස්වභාව ඇත්තේ නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ. රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකට යුතු යි.
2. 3. 5.
දුක්ඛ සූත්‍රය
186. සැවැත්නුවර:
එකත්පසෙක හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ: වහන්ස, … “නිවන් පිණිස යොමු කළ සිත් ඇති වැ වෙසෙන්නෙම් ද, භාග්‍යවතුන් වහන්සේ එබඳු දහමක් සැකෙවින් මට දේශනා කරන සේක් නම් මැනවැ”යි.
රාධය, යමෙක් දුක් නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකට යුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. රාධය, කිමෙක් දුක් ද යත්: රාධය, රූපය දුක් යැ, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය දුක් ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. රාධය, යමෙක් දුක් නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකළයුතු යැ. රාගය පහකට යුතු යැ. ඡන්‍දරාගය පහකළයුතු යි.
2. 3. 6.
දුක්ඛධම්ම සූත්‍රය
187. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ: වහන්ස, … නිවන් කරා යොමු කළ සිතැති වැ වෙසෙන්නෙම් නම් භාග්‍යවතුන් වහන්සේ එබඳු දහමක් සැකෙවින් මට දේශනා කරන සේක් නම් මැනවැ”යි.
රාධය, යමෙක් දුක්ඛ ස්වභාව ඇත්තේ නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ. රාගය පහ කටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. රාධය, කිමෙක් දුඃඛස්වභාව ඇත්තේ ද යත්: රාධය, රූපය දුඃඛස්වභාව ඇත්තේ යැ. එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ. රාගය පහකටයුතු යැ. ඡන්‍දරාගය පහකටයුතු යි. වේදනාව … සංඥාව … සංස්කාරය … විඥානය දුඃඛස්වභාව ඇත්තේ යැ. එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. රාධය යමක් දුඃඛස්වභාව ඇත්තේ නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි.
2. 3. 7.
අනන්ත සූත්‍රය
188. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, …: “නිවන් කරා යොමු කළ සිත් ඇති වැ වෙසෙන්නෙම් නම් භාග්‍යවතුන් වහන්සේ එබඳු දහමක් සැකෙවින් මට දේශනා කරන සේක් නම් යහපතැ යි.
රාධය, යමෙක් අනාත්ම නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ. රාගය පහ කටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. රාධය, කිමෙක් අනාත්ම ද යත්: රාධය, රූපය අනාත්ම යැ ; එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකට යුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය අනාත්ම යැ. එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. රාධය, යමෙක් අනාත්ම නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකට යුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි.