2. 2. 9.
ඛයධම්ම සූත්රය
178. සැවැත්නුවර:
එකත්පසෙකැ හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට මෙය සැල කළහ: “වහන්ස, ‘ඛයධම්ම, ඛයධම්ම (නැසෙන සුලු)“යි කියනු ලැබේ. වහන්ස කිමෙක් ඛයධම්ම වේ දැ යි.
රාධය, රූපය ඛයධම්ම යැ, වේදනාව ඛයධම්ම යැ, සංඥාව ඛයධම්ම යැ, සංස්කාර ඛයධම්ම යැ. විඥානය ඛයධම්ම යි. රාධය මෙසේ දක්නා ශ්රැතවත් ආර්ය්යශ්රාවක … මේ රහත් බව පිණිස අනෙකෙක් නැතැ යි දැනගනී”.
2. 2. 10.
වයධම්ම සූත්රය
179. සැවැත්නුවර:
එකත්පසෙකැ හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට මෙය සැල කළහ: වහන්ස, “වයධම්ම, වයධම්ම (වැනසෙන සුලු) යි කියනු ලැබෙයි, ‘වහන්ස කිමෙක් වයධම්ම වේ දැ”යි?
රාධය, රූපය වයධම්ම යැ, වේදනාව වයධම්ම යැ, සංඥාව වයධම්ම යැ, සංස්කාර වයධම්ම යැ විඥානය වයධම්ම යි. රාධය මෙසේ දක්නා ශ්රැතවත් ආර්ය්යශ්රාවක … මේ රහත් බව පිණිස අනෙකෙක් නැතැ යි දැනගනී.
2. 2. 11.
සමුදයධම්ම සූත්රය
180. සැවැත්නුවර:
එකත්පස් ව හුන් රාධ තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට මෙය සැල කළහ: වහන්ස, ‘සමුදයධම්ම, සමුදයධම්ම (හටගන්නාසුලු)’යි කියනු ලැබෙයි, වහන්ස, කිමෙක් සමුදය ධම්ම වේ දැ යි?
රාධය, රූපය සමුදයධම්ම යැ. වේදනාව සමුදයධම්ම යැ. සංඥාව, සමුදයධම්ම යැ. සංස්කාර සමුදයධම්ම යැ. විඥානය සමුදයධම්ම යි. රාධය මෙසේ දක්නා ශ්රැතවත් ආර්ය්යශ්රාවක … මේ රහත් බව පිණිස අනෙකෙක් නැතැ යි දැනගනී.
2. 2. 12.
නිරෝධධම්ම සූත්රය
181. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට මෙය සැල කළහ: වහන්ස, ‘නිරෝධධම්ම, නිරෝධධම්ම (නිරුද්ධ වනසුලු)’ යි කියනු ලැබෙයි. වහන්ස, කිමෙක් නිරෝධධම්ම වේ දැ”යි.
“රාධය, රූපය ‘නිරෝධධම්ම යැ, වේදනාව නිරෝධධම්ම යැ, සංඥාව නිරෝධධම්ම යැ, සංස්කාර නිරෝධධම්ම යැ, විඥානය නිරෝධධම්ම යි. රාධය, මෙසේ දක්නා ශ්රැතවත් ආර්ය්යශ්රාවක … මේ රහත් බව පිණිස අනෙකෙක් නැතැ”යි දැනගනීයි.
දුතිය මාරවර්ග යි
එහි සූත්රනාමාවලිය:
මාර සූත්රය ද, මාරධම්ම සූත්රය ද, අනික් අනිච්ච සූත්ර දෙකෙක් ද, දුක්ඛ සූත්ර දෙකෙක් ද කියන ලද යැ. එසේ ම අනත්ත සූත්ර ද දෙකෙකි. ඛයධම්ම වයධම්ම සමුදයධම්ම සූත්රයෝ ද වෙති. නිරෝධධම්ම සූත්රයෙන් (ඔහු) දොළසෙක් වෙත්.