13. 1. 34.
වුට්ඨාන සප්පායකාරී සූත්රය
695. සැවැත්නුවර:
... මහණෙනි, මෙහි ඇතැම් ධ්යාන කරනසුල්ලෙක් සමාධියෙහි වුට්ඨානකුසල වේ, සමාධියෙහි සප්පයකාරි නො වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්යාන කරනසුල්ලෙක් සමාධියෙහි සප්පයකාරි වේ, සමාධියෙහි වුට්ඨානකුසල නො වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්යාන කරනසුල්ලෙක් සමාධියෙහි නො ම වුට්ඨානකුසලත් සමාධියෙහි නො ම සප්පායකාරිත් වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්යාන කරනසුල්ලෙක් සමාධියෙහි වුට්ඨානකුසලත් සමාධියෙහි සප්පයකාරිත් වේ.
මහණෙනි, එහි ලා යම් මේ ධ්යාන කරනසුල්ලෙක් සමාධියෙහි වුට්ඨානකුසලත් සමාධියෙහි සප්පයකාරිත් වේ නම් මේ තෙමේ මේ සිවුධ්යාන කරන්නවුන්ගෙන් ... උසස් ද වේ යි.
13. 1. 35.
කල්ලිත ආරම්මණ සූත්රය
696. සැවැත්නුවර:
මහණෙනි, මේ ධ්යායීහු සිවුදෙනෙකි. කවර සිවුදෙනෙක් ද යත්:
මහණෙනි, මෙහි ඇතැම් ධ්යාන කරනසුල්ලෙක් සමාධියෙහි කල්ලිතකුසල වේ, සමාධියෙහි ආරම්මණකුසල නො වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්යාන කරන සුල්ලෙක් සමාධියෙහි ආරම්මණකුසල වේ, සමාධියෙහි කල්ලිතකුසල නො වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්යාන කරනසුල්ලෙක් සමාධියෙහි නො ම කල්ලිතකුසලත් සමාධියෙහි නො ම ආරම්මණකුසලත් වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්යාන කරනසුල්ලෙක් සමාධියෙහි කල්ලිතකුසලත් සමාධියෙහි ආරම්මණකුසලත් වේ.
මහණෙනි, එහි ලා යම් මේ ධ්යාන කරනසුල්ලෙක් සමාධියෙහි කල්ලිත කුසලත් සමාධියෙහි ආරම්මණකුසලත් වේ නම් මේ තෙමේ මේ සිවුධ්යාන කරනසුල්ලන්ගෙන් ... උසස් ද වේ යි.
13. 1. 36.
කල්ලිත ගෝචර සූත්රය
697. සැවැත්නුවර:
මහණෙනි, මේ ධ්යායීහු සිවුදෙනෙකි. කවර සිවුදෙනෙක් ද යත්:
මහණෙනි, මෙහි ඇතැම් ධ්යාන කරනසුල්ලෙක් සමාධියෙහි කල්ලිතකුසල වේ, සමාධියෙහි ගෝචරකුසල නො වේ ... උසස් ද වේ යි.
13. 1. 37.
කල්ලිත අභිනීහාර සූත්රය
698. සැවැත්නුවර:
... සමාධියෙහි කල්ලිතකුසල වේ. සමාධියෙහි අභිනීභාරකුසල නො වේ ...
13. 1. 38.
කල්ලිත සක්කච්චකාරී සූත්රය
699. සැවැත්නුවර:
... සමාධියෙහි කල්ලිතකුසල වේ. සමාධියෙහි සක්කච්චකාරි නො වේ ...