13. 1. 35.
කල්ලිත ආරම්මණ සූත්රය
696. සැවැත්නුවර:
මහණෙනි, මේ ධ්යායීහු සිවුදෙනෙකි. කවර සිවුදෙනෙක් ද යත්:
මහණෙනි, මෙහි ඇතැම් ධ්යාන කරනසුල්ලෙක් සමාධියෙහි කල්ලිතකුසල වේ, සමාධියෙහි ආරම්මණකුසල නො වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්යාන කරන සුල්ලෙක් සමාධියෙහි ආරම්මණකුසල වේ, සමාධියෙහි කල්ලිතකුසල නො වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්යාන කරනසුල්ලෙක් සමාධියෙහි නො ම කල්ලිතකුසලත් සමාධියෙහි නො ම ආරම්මණකුසලත් වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්යාන කරනසුල්ලෙක් සමාධියෙහි කල්ලිතකුසලත් සමාධියෙහි ආරම්මණකුසලත් වේ.
මහණෙනි, එහි ලා යම් මේ ධ්යාන කරනසුල්ලෙක් සමාධියෙහි කල්ලිත කුසලත් සමාධියෙහි ආරම්මණකුසලත් වේ නම් මේ තෙමේ මේ සිවුධ්යාන කරනසුල්ලන්ගෙන් ... උසස් ද වේ යි.
13. 1. 36.
කල්ලිත ගෝචර සූත්රය
697. සැවැත්නුවර:
මහණෙනි, මේ ධ්යායීහු සිවුදෙනෙකි. කවර සිවුදෙනෙක් ද යත්:
මහණෙනි, මෙහි ඇතැම් ධ්යාන කරනසුල්ලෙක් සමාධියෙහි කල්ලිතකුසල වේ, සමාධියෙහි ගෝචරකුසල නො වේ ... උසස් ද වේ යි.
13. 1. 37.
කල්ලිත අභිනීහාර සූත්රය
698. සැවැත්නුවර:
... සමාධියෙහි කල්ලිතකුසල වේ. සමාධියෙහි අභිනීභාරකුසල නො වේ ...
13. 1. 38.
කල්ලිත සක්කච්චකාරී සූත්රය
699. සැවැත්නුවර:
... සමාධියෙහි කල්ලිතකුසල වේ. සමාධියෙහි සක්කච්චකාරි නො වේ ...
13. 1. 39.
කල්ලිත සාතච්චකාරී සූත්රය
700. සැවැත්නුවර:
... සමාධියෙහි කල්ලිතකුසල වේ, සමාධියෙහි සාතච්චකාරී නො වේ ...
13. 1. 40.
කල්ලිත සප්පායකාරී සූත්රය
701. සැවැත්නුවර:
... සමාධියෙහි කල්ලිතකුසල වේ, සමාධියෙහි සප්පායකාරි නො වේ ...
13. 1. 41.
ආරම්මණ ගෝචර සූත්රය
702. සැවැත්නුවර:
මහණෙනි, මේ ධ්යායීහු සිවුදෙනෙකි. කවර සිවු දෙනෙක් ද යත්:
මහණෙනි, මෙහි ඇතැම් ධ්යාන කරනසුල්ලෙක් සමාධියෙහි ආරම්මණකුසල වේ, සමාධියෙහි ගෝචරකුසල නො වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්යාන කරනසුල්ලෙක් සමාධියෙහි ගෝචරකුසල වේ, සමාධියෙහි ආරම්මණකුසල නො වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්යාන කරනසුල්ලෙක් සමාධියෙහි නො ම ආරම්මණකුසලත් සමාධියෙහි නො ම ගෝචරකුසලත් වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්යාන කරනසුල්ලෙක් සමාධියෙහි ආරම්මණකුසලත් සමාධියෙහි ගෝචරකුසලත් වේ.
මහණෙනි, එහි ලා යම් මේ ධ්යාන කරනසුල්ලෙක් … උසස් ද වේ යි.
13. 1. 42.
ආරම්මණ අභිනීහාර සූත්රය
703. සැවැත්නුවර:
මහණෙනි, මේ ධ්යායීහු සිවුදෙනෙකි. කවර සිවු දෙනෙක් ද යත්: … සමාධියෙහි ආරම්මණ කුසල වේ, සමාධියෙහි අභිනීභාරකුසල නො වේ ... උසස් ද වේ යි.