13. 1. 12.
සමාපත්ති වුට්ඨාන කුසල සූත්රය
673. සැවැත්නුවර:
මහණෙනි, මේ ධ්යායීහු සිවුදෙනෙකි. කවර සිවුදෙනෙක් ද යත්:
මහණෙනි, මෙහි ඇතැම් ධ්යායී පුද්ගලයෙක් සමාධියෙහි සමවතට සමවැදීමෙහි දක්ෂ වෙයි. සමාධියෙහි සමවතින් වහා නැඟී සිටීමෙහි දක්ෂ නො වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්යායී පුද්ගලයෙක් සමාධියෙහි වුට්ඨානකුසල වෙයි, සමාධියෙහි සමාපත්තිකුසල නො වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්යායී පුද්ගලයෙක් සමාධියෙහි නො මැ සමාපත්තිකුසලත් සමාධියෙහි නො මැ වුට්ඨාන කුසලත් වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාපත්තිකුසලත් සමාධියෙහි වුට්ඨානකුසලත් වේ.
මහණෙනි, එහි ලා යම් මේ ධ්යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාපත්තිකුසලත් (සමවතට සමවැදීමෙහි දක්ෂත්) සමාධියෙහි වුට්ඨානකුසලත් (ධ්යානයෙන් නැඟී සිටීමේ දක්ෂත්) වේ නම් මේ තෙමේ මේ සිවු ධ්යාන කරනසුල්ලන්ගෙන් අග්ර ද ... උසස් ද වේ යි.
13. 1. 13.
සමාපත්ති කල්ලිත කුසල සූත්රය
674. සැවැත්නුවර:
මහණෙනි, මේ ධ්යායීහු සිවුදෙනෙකි. කවර සිවුදෙනෙක් ද යත්:
මහණෙනි, මෙහි ඇතැම් ධ්යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාපත්ති කුසල වෙයි, සමාධියෙහි සමවතට යෝග්ය කිරීමෙහි දක්ෂ නො වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්යායී පුද්ගලයෙක් සමාධියෙහි කල්ලිතකුසල (සමවතට යෝග්ය කිරීමෙහි දක්ෂ) වෙයි. සමාධියෙහි සමාපත්තිකුසල නො වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්යායී පුද්ගලයෙක් සමාධියෙහි නො මැ සමාපත්තිකුසලත් සමාධියෙහි නො මැ කල්ලිත කුසලත් වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාපත්තිකුසලත් සමාධියෙහි කල්ලිතකුසලත් වෙයි.
මහණෙනි, එහි ලා යම් මේ ධ්යායී පුද්ගල සමාධියෙහි සමාපත්තිකුසලත් සමාධියෙහි කල්ලිතකුසලත් වෙයි නම් මේ තෙමේ මේ සිවු වැදෑරුම් ධ්යායී පුද්ගලයන් ගෙන් ... උතුම් ද වේ යයි.
13. 1. 14.
සමාපත්ති ආරම්මණ කුසල සූත්රය
675. සැවැත්නුවර:
මහණෙනි, මේ ධ්යායීහු සිවුදෙනෙකි. කවර සිවුදෙනෙක් ද යත්:
මහණෙනි, මෙහි ඇතැම් ධ්යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාපත්තිකුසල වෙයි. සමාධියෙහි සමවත පිළිබඳ අරම්මණකුසල (කිසුණු අරමුණු කෙරෙහි දක්ෂ) නො වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්යායී පුද්ගලයෙක් සමාධියෙහි ‘අරම්මණකුසල වෙයි. සමාධියෙහි සමාපත්තිකුසල නො වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්යායී පුද්ගලයෙක් සමාධියෙහි නො මැ සමාපත්තිකුසලත් සමාධියෙහි නො මැ අරම්මණකුසලත් වේ.