13. 1. 13.
සමාපත්ති කල්ලිත කුසල සූත්‍රය
674. සැවැත්නුවර:
මහණෙනි, මේ ධ්‍යායීහු සිවුදෙනෙකි. කවර සිවුදෙනෙක් ද යත්:
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාපත්ති කුසල වෙයි, සමාධියෙහි සමවතට යෝග්‍ය කිරීමෙහි දක්‍ෂ නො වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි කල්ලිතකුසල (සමවතට යෝග්‍ය කිරීමෙහි දක්‍ෂ) වෙයි. සමාධියෙහි සමාපත්තිකුසල නො වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි නො මැ සමාපත්තිකුසලත් සමාධියෙහි නො මැ කල්ලිත කුසලත් වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාපත්තිකුසලත් සමාධියෙහි කල්ලිතකුසලත් වෙයි.
මහණෙනි, එහි ලා යම් මේ ධ්‍යායී පුද්ගල සමාධියෙහි සමාපත්තිකුසලත් සමාධියෙහි කල්ලිතකුසලත් වෙයි නම් මේ තෙමේ මේ සිවු වැදෑරුම් ධ්‍යායී පුද්ගලයන් ගෙන් ... උතුම් ද වේ යයි.
13. 1. 14.
සමාපත්ති ආරම්මණ කුසල සූත්‍රය
675. සැවැත්නුවර:
මහණෙනි, මේ ධ්‍යායීහු සිවුදෙනෙකි. කවර සිවුදෙනෙක් ද යත්:
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාපත්තිකුසල වෙයි. සමාධියෙහි සමවත පිළිබඳ අරම්මණකුසල (කිසුණු අරමුණු කෙරෙහි දක්‍ෂ) නො වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි ‘අරම්මණකුසල වෙයි. සමාධියෙහි සමාපත්තිකුසල නො වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි නො මැ සමාපත්තිකුසලත් සමාධියෙහි නො මැ අරම්මණකුසලත් වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාපත්තිකුසලත් සමාධියෙහි අරම්මණකුසලත් වේ.
මහණෙනි, එහි ලා යම් මේ ධ්‍යායී පුද්ගල සමාධියෙහි සමාපත්තිකුසලත් සමාධියෙහි අරම්මණකුසලත් වේ නම් මේ තෙමේ මේ සිවු වැදෑරුම් ධ්‍යායී පුද්ගලයන්ගෙන් ... උතුම් ද වේ යි.
13. 1. 15.
සමාපත්ති ගෝචර කුසල සූත්‍රය
676. සැවැත්නුවර:
මහණෙනි, මේ ධ්‍යායීහු සිවු දෙනෙකි. කවර සිවුදෙනෙක් ද යත්:
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාපත්තිකුසල වෙයි, සමාධියෙහි ගෝචර කුසල (සමවත පිළිබඳ කමටහන් ගෝචරයෙහි හා පිණ්ඩපාත ගෝචරයෙහි දක්‍ෂ) නො වේ ... උතුම් ද වේ යි.
(චතුකෝටිකය විස්තර කටයුතු යි )
13. 1. 16.
සමාපත්ති අභිනීහාර කුසල සූත්‍රය
677. සැවැත්නුවර:
... සමාධියෙහි සමාපත්තිකුසල වෙයි, සමාධියෙහි අභිනීභාරකුසල (සමවත පිළිබඳ අරමුණු එළවා ගැනීමෙහි දක්‍ෂ) නො වේ ...
13. 1. 17.
සමාපත්ති සක්කච්චකාරී සූත්‍රය
678. සැවැත්නුවර:
... සමාධියෙහි සමාපත්තිකුසල වෙයි. සමාධියෙහි සමවත සකසා කරනසුලු නො වේ ...
13. 1. 18.
සමාපත්ති සාතච්චකාරී සූත්‍රය
679. සැවැත්නුවර:
... සමාධියෙහි සමාපත්තිකුසල වෙයි. සමාධියෙහි සමවත නිතර කරනසුලු නො වේ ...