11. 1. 13-52.
අන්නදායකාදි උණ්හවලාහකාදි සූත්ර
562-601. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ඒ මහණ, භාග්යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: වහන්ස, යම් හෙයෙකින් මෙහි එකෙක් කාබුන් මරණින් මතු උණහවලාහක දෙවියන්ගේ ... අබ්භවලාහක දෙවියන්ගේ ... වාතවලාහක දෙවියන්ගේ ... වස්සවලාහක දෙවියන්ගේ ... සහභාවයට පැමිණේ නම් එයට හේතු කිමෙක් ද, ප්රත්යය කිමෙක් දැ යි.
මහණ, මෙලොවැ එකෙක් කයින් සුසිරිත් කෙරෙයි, වචසින් සුසිරිත් කෙරෙයි, මනසින් සුසිරිත් කෙරෙයි. ඔහු විසින් “වස්සවලාහක දෙවියෝ දීර්ඝායුෂ්කයහ, වර්ණවත්හ, සුඛ බහුලහ” යි අසන ලද්දේත් වෙයි. ඔහුට: “මම් කාබුන් මරණින් මතූ වස්සවලාහක දෙවියන්ගේ සහභාවයට පැමිණෙම් නම් යෙහෙකැ” යි මෙ බඳු සිතෙක් වෙයි. හේ අහර දෙයි. ... හේ බොන දෑ දෙයි. ... හේ වස්ත්ර දෙයි. ... හේ වහන් දෙයි. ... හේ මල් දෙයි. ... හේ ගඳ දෙයි. ... හේ විලවුන් දෙයි. ... හේ සෙනසුන් දෙයි. ... හේ වෙසෙනතැන් දෙයි. ... හේ පහන් උපකරණ දෙයි. හේ කාබුන් මරණින් මතු වස්සවලාහක දෙවියන්ගේ සහභාවයට පැමිණේ.
මහණ, යම් හෙයෙකින් මෙලොවැ එකෙක් කාබුන් මරණින් මතු වස්සවලාහක දෙවියන්ගේ සහභාවයට පැමිණේ නම් එයට මේ හේතු යි, මේ ප්රත්යය යි.
11. 1. 53.
සීතවලාහක සූත්රය
602. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ඒ මහණ තෙමේ භාග්යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: වහන්ස, යම් හෙයෙකින් (සිහිල් කාලයෙහි හෝ ග්රීෂ්ම කාලයෙහි වූ) එක් කලෙක සිහිලෙක් වේ නම් එයට කිමෙක් හේතු ද කිමෙක් ප්රත්යය දැ යි.
මහණ, ශීතවලාහක නම් දෙවියෝ ඇතියහ. ඔවුන්ට යම් කලෙක “අපි සිහිල් කම්සුවෙන් කෙළනමෝ නම් මැනැව”යි මෙබඳු සිතෙක් වේ ද, ඔවුන්ගේ ඒ සිත පිහිටුවීම අනු ව සිහිල වෙයි. මහණ, යම් හෙයෙකින් එක් කලෙක සිහිලෙක් වේ නම් එයට මේ හේතුයි, මේ ප්රත්යය යි.
11. 1. 54.
උණ්හවලාහක සූත්රය
603. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ඒ මහණ තෙමේ භාග්යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: වහන්ස, “යම් හෙයෙකින් එක් කලෙක (නියමකල්හි වන උණුසුමට වෙනස්) උණුසුමෙක් වේ නම් එයට කිමෙක් හේතු ද කිමෙක් ප්රත්යය දැ”යි.
මහණ, උණ්හවලාහක නම් දෙවි කෙනෙක් අතියහ. ඔවුන්ට යම් කලෙක “අපි සිය කම් සුවෙන් කෙළනමෝ නම් මැනැවැ යි මෙබඳු සිතක් වේ ද, ඔවුන්ගේ ඒ සිත පිහිටුවීම අනුව උණුසුම වේ. මහණ, යම් හෙයෙකින් එක් කලෙක උණුසුම වේ නම් එයට මේ හේතු යි, මේ ප්රත්යය”යි.
11. 1. 55.
අබ්භවලාහක සූත්රය
604. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ඒ මහණ භාග්යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: වහන්ස, “යම් හෙයෙකින් එක්කලෙක (අනියම් වසයෙන්) වලාකුළු වේ නම් එයට කිමෙක් හේතු ද, කිමෙක් ප්රත්යය දැ”යි.
මහණ, අබ්භවලාහක නම් දෙවි කෙනෙක් ඇතියහ. ඔවුන්ට යම් කලෙක “අපි සිය කම් සුවෙන් කෙළනමෝ නම් මැනවැ”යි මෙබඳු සිතෙක් වේ ද, ඔවුන්ගේ ඒ සිත් පිහිටුවීම අනුව වලාකුළු වෙයි. මහණ, යම් හෙයෙකින් (අනියම් වසයෙන්) වලාකුළු වේ නම් එයට මේ හේතු යි, මේ ප්රත්යය’යි.