11. වලාහක සංයුත්තය
1. වලාහක වර්ගය
11. 1. 1.
සුද්ධික සූත්රය
550. සැවැත්නුවර:
මහණෙනි, තොපට වලාහක කායික (වලාහක නම් දේවනිකායෙහි උපන්) දෙවියන් දේශනා කරන්නෙමි. එය අසවු.
මහණෙනි, වලාහක කායික දෙවියෝ කවරහ යත්: මහණෙනි, ශීතවලාහක දෙවියෝ ඇතියහ, මහණෙනි, උණහවලාහක දෙවියෝ ඇතියහ, මහණෙනි, අබ්භවලාහක දෙවියෝ ඇතියහ, මහණෙනි, වාතවලාහක දෙවියෝ ඇතියහ, මහණෙනි, වස්සවලාහක දෙවියෝ ඇතියහ, මහණෙනි, මොහු වලාහකකායික දෙවියෝ යි කියනු ලැබෙති යි.
11. 1. 2.
සුචරිත සූත්රය
551. සැවැත්නුවර:
එ කල්හි එක්තරා මහණෙක්, භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. ... එකත් පස් ව හුන් ඒ මහණ , භාග්යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: “වහන්ස, යම් හෙයෙකින් මෙලො වැ එකෙක් කාබුන් මරණින් මතු වලාහකකායික දෙවියන්ගේ සහභාවයට පැමිණේ නම් එයට කිමෙක් හේතු ද, කිමෙක් ප්රත්යය දැ යි.
මහණ, මෙලොවැ එකෙක් කයින් සුසිරිත් කෙරෙයි, වදනින් සුසිරිත් කෙරෙයි, මනසින් සුසිරිත් කෙරෙයි. වලාහක කායික දෙවියෝ දීර්ඝායුෂ්කයහ, වර්ණවත්හ, සුඛබහුලහ යි ඔහු විසින් අසන ලද්දේත් වෙයි. (එහෙයින්) ඔහුට මම් කාබුන් මරණින් මතු වලාහක කායික දෙවියන්ගේ සහභාවයට පැමිණෙම් නම් යෙහෙකැ” යි මෙ බඳු සිතෙක් වෙයි. හෙ කාබුන් මරණින් මතු වලාහකකායික දෙවියන්ගේ සහභාවයට පැමිණේ.
මහණ, යම් හෙයෙකින් මෙලොවැ එකෙක් කාබුන් මරණින් මතු වලාහකකායික දෙවියන්ගේ සහභාවයට පැමිණේ නම් එයට මේ හේතු යි, මේ ප්රත්යය යි.
11. 1. 3-12.
අන්නදායකාදි සීතවලාහක සූත්ර
552-561. සැවැත්නුවර:
එකත්පසෙක හුන් ඒ මහණ, භාග්යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: වහන්ස, යම් හෙයෙකින් මෙලොවැ එකෙක් කාබුන් මරණින් මතු ශීතවලාහක දෙවියන්ගේ සහභාවයට පැමිණේ නම් එයට හේතු කිමෙක් ද, ප්රත්යය කිමෙක් දැ යි.
මහණ, මෙලොවැ එකෙක් කයින් සුසිරිත් කෙරෙයි, වචසින් සුසිරිත් කෙරෙයි, මනසින් සුසිරිත් කෙරෙයි. “ශීතවලාහක දෙවියෝ දීර්ඝායුෂ්කයහ, වර්ණවත්හ, සුඛබහුලහ යි. ඔහු විසින් අසන ලද්දේත් වෙයි. (එහෙයින්) ඔහුට මම් කාබුන් මරණින් මතු ශීතවලාහක දෙවියන්ගේ සහභාවයට පැමිණෙම් නම් මැනැවැ” යි මෙ බඳු සිතෙක් වෙයි. හේ අහර දෙයි. ... හේ බොන දෑ දෙයි. ... හේ වස්ත්ර දෙයි. ... හේ වහන් දෙයි. … හේ මල් දෙයි. ... හේ ගඳ දෙයි. ... හේ විලවුන් දෙයි. ... හේ සෙනසුන් දෙයි. ... හේ වෙසෙනතැන් දෙයි. ... හේ පහන් උපකරණ දෙයි. හේ කාබුන් මරණින් මතු ශීතවලාහක දෙවියන්ගේ සහභාවයට පැමිණේ.
මහණ, යම් හෙයෙකින් මෙලොවැ එකෙක් කාබුන් මරණින් මතු ශීතවලාහක දෙවියන්ගේ සහභාවයට පැමිණේ නම් එයට මේ හේතු යි. මේ ප්රත්යය යි.
11. 1. 13-52.
අන්නදායකාදි උණ්හවලාහකාදි සූත්ර
562-601. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ඒ මහණ, භාග්යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: වහන්ස, යම් හෙයෙකින් මෙහි එකෙක් කාබුන් මරණින් මතු උණහවලාහක දෙවියන්ගේ ... අබ්භවලාහක දෙවියන්ගේ ... වාතවලාහක දෙවියන්ගේ ... වස්සවලාහක දෙවියන්ගේ ... සහභාවයට පැමිණේ නම් එයට හේතු කිමෙක් ද, ප්රත්යය කිමෙක් දැ යි.
මහණ, මෙලොවැ එකෙක් කයින් සුසිරිත් කෙරෙයි, වචසින් සුසිරිත් කෙරෙයි, මනසින් සුසිරිත් කෙරෙයි. ඔහු විසින් “වස්සවලාහක දෙවියෝ දීර්ඝායුෂ්කයහ, වර්ණවත්හ, සුඛ බහුලහ” යි අසන ලද්දේත් වෙයි. ඔහුට: “මම් කාබුන් මරණින් මතූ වස්සවලාහක දෙවියන්ගේ සහභාවයට පැමිණෙම් නම් යෙහෙකැ” යි මෙ බඳු සිතෙක් වෙයි. හේ අහර දෙයි. ... හේ බොන දෑ දෙයි. ... හේ වස්ත්ර දෙයි. ... හේ වහන් දෙයි. ... හේ මල් දෙයි. ... හේ ගඳ දෙයි. ... හේ විලවුන් දෙයි. ... හේ සෙනසුන් දෙයි. ... හේ වෙසෙනතැන් දෙයි. ... හේ පහන් උපකරණ දෙයි. හේ කාබුන් මරණින් මතු වස්සවලාහක දෙවියන්ගේ සහභාවයට පැමිණේ.