1. 2. 2. 10.
සුරාධ සූත්රය
72. සැවැත්නුවර:
එකල්හි ආයුෂ්මත් සුරාධ තෙරණුවෝ භාග්යවතුන් වහන්සේ වැඩහුන් තැනට එළැඹියහ. භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙකැ හුන්හ. එකත්පසෙකැ හුන් ආයුෂ්මත් සුරාධ තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට තෙල සැලකළහ:
වහන්ස, කිසෙයින් දන්නාහුගේ කිසෙයින් දක්නාහුගේ සිත සවිඥානක වූ මේ කයෙහිත් බැහැර රූපාදි සියලු නිමිති විෂයෙහිත් අහිඞ්කාර (-දිට්ඨි) මමිඞ්කාර (-තණ්හා) මාන පහවූයේ වේ ද, මාන කොටස් මැනැවින් ඉක්මැ වූයේ ක්ලේශව්යපශමයෙන් ශාන්ත වූයේ කෙලෙසුන් කෙරෙන් මිදුණේ වේ දැ යි?
සුරාධ, ආධ්යාත්ම වේවයි බාහිර වේවයි ඖදාරික වේවයි සූක්ෂම වේවයි හීන වේවයි ප්රණීත වේවයි අතීත – අනාගත – ප්රත්යුත්පන්න යම්කිසි රූපයෙක් ඇත් ද දුර හෝ ළඟ හෝ යම් රූපයෙක් ඇත් ද, ඒ සියලු රූපය “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්ම නො වේ ය” යි මෙසේ තෙල ඇති සැටි සම්යක් ප්රඥාවෙන් දැන උපාදාන විසින් නො ගෙන කෙලෙසුන් කෙරෙන් මිදුණේ වෙයි.
යම්කිසි වේදනාවක් ... යම්කිසි සංඥාවක් ... යම්කිසි සංස්කාර ... අතීත – අනාගත – ප්රත්යුත්පන්න වූ අධ්යාත්ම වේවයි බාහිර වේවයි ඖදාරික වේවයි සූක්ෂම වේවයි හීන වේවයි ප්රණීත වේවයි යම්සිකි විඥානයෙක් ඇත් ද, දුර හෝ ළඟ හෝ යම් විඥානයෙක් ඇත් ද, ඒ සියලු විඥානය “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්ම නො වේ ය” යි මෙසේ තෙල ඇති සැටි සම්යක්ප්රඥායෙන් දැන උපාදාන විසින් නො ගෙන කෙලෙසුන් කෙරෙන් මිදුණේ වෙයි.
සුරාධ, මෙසේ දන්නහුගේ මෙසේ දක්නහුගේ සිත මේ විඥාන සහිත කයෙහි ද, බාහිර සියලු නිමිත්තයන්හි ද දිට්ඨි - තණ්හා - මානයෙන් පහවූයේ වෙයි, මාන කොටස් මොනොවට ඉක්මැවූයේ ශාන්ත වූයේ මොනොවට මිදුණේ වෙයි. ... ආයුෂ්මත් සුරාධ තෙරණුවෝ රහතුන් අතුරෙහි අන්යතර කෙනෙක් වූහ යි.
දෙවැනි අරහන්තවර්ග යි.
එහි උද්දානය:
උපාදිය, මඤ්ඤමාන, යළි අභිනන්දනා අනිච්ච, දුක්ඛ, අනත්ත, අත්තනිය, රජනීය, රාධ, සුරාධ දැ යි සූත්ර දශයකින් දෙවැනි වර්ගය පිරුණේ වෙයි.
3. ඛජ්ජනීය වර්ගය
1. 2. 3. 1.
අස්සාද සූත්රය
73. සැවැත්නුවර:
මහණෙනි, අශ්රැතවත් පෘථග්ජන රූපයාගේ ආශ්වාද ද,ආදීනව ද, නිස්සරණය ද ඇති සැටි නො දනියි. වේදනාවගේ ... සංඥාවගේ ... සංස්කාරයන්ගේ ... විඥානයාගේ ආස්වාද ද, ආදීනව ද, නිශ්ශරණ ද ඇති සැටි නො දනියි.
මහණෙනි, ශ්රැතවත් ආර්ය්යශ්රාවක රූපයාගේ ආස්වාදත් ආදීනවත් නිශ්ශරණත් ඇති සැටි දනියි. වේදනාවගේ ... සංඥාවගේ ... සංස්කාරයන්ගේ ... විඥානයාගේ ආස්වාදත් ආදීනවත් නිස්සරණත් ඇති සැටි දනී යි.
1. 2. 3. 2.
පළවැනි සමුදය සූත්රය
74. සැවැත්නුවර:
මහණෙනි, අශ්රැතවත් පෘථග්ජන රූපයාගේ සමුදය ද, අස්තඞ්ගමය ද, ආස්වාදය ද, ආදීනව ද, නිශ්ශරණය ද ඇති සැටි නො දනියි. වේදනාවගේ ... සංඥාවගේ ... සංස්කාරයන්ගේ ... විඥානයාගේ සමුදය ද, අස්තඞ්ගමය ද, ආස්වාදය ද, ආදීනව ද, නිශ්ශරණ ද ඇති සැටි නො දනියි.
මහණෙනි, ශ්රැතවත් ආර්ය්යශ්රාවක රූපයාගේ සමුදයත්, අස්තඞ්ගමයත්, ආස්වාදයත්, ආදීනවත්, නිශ්ශරණත් ඇති සැටි දනියි. වේදනාවගේ ... සංඥාවගේ ... සංස්කාරයන්ගේ ... විඥානයාගේ සමුදයත්, අස්තඞ්ගමයත් ආස්වාදයත්, ආදීනවත්, නිශ්ශරණයත් ඇතිසැටි දනී යි.
1. 2. 3. 3.
දෙවැනි සමුදය සූත්රය
75. සැවැත්නුවර:
මහණෙනි, ශ්රැතවත් ආර්ය්යශ්රාවක රූපයාගේ සමුදය ද, අස්තඞ්ගමය ද, ආස්වාදය ද, ආදීනව ද, නිශ්ශරණය ද, ඇති සැටි දනියි. වේදනාවගේ ... සංඥාවගේ ... සංස්කාරයන්ගේ ... විඥානයාගේ සමුදය ද, අස්තඞ්ගමය ද, ආස්වාදය ද, ආදීනව ද, නිශ්ශරණය ද ඇති සැටි දනී යි.