1. 1. 5. 10.
දෙවැනි නන්‍දික්ඛය සූත්‍රය
52. සැවැත්නුවර–
මහණෙනි, රූපය නුවණින් මෙනෙහි කරව, රූපයාගේ අනිත්‍යතාව ද යථාභූත කොට බලව, මහණෙනි, මහණ, රූපය නුවණින් මෙනෙහි කරනුයේ රූපයාගේ අනිත්‍යතාව ද ඇතිසැටි දක්නේ රූපයෙහි කලකිරෙයි, නන්‍දිසංඛ්‍යාත තෘෂ්ණාක්‍ෂයයෙන් රාගක්‍ෂය වෙයි, රාගක්‍ෂයයෙන් තෘෂ්ණාක්‍ෂය වෙයි, නන්‍දි රාගක්‍ෂයයෙන් සිත (කෙලෙසුන් කෙරෙන්) මිදුණේ වෙසෙසින් මිදුණේ යි කියනු ලැබෙයි.
මහණෙනි, වේදනාව ... මහණෙනි, සංඥාව … මහණෙනි, සංස්කාර … මහණෙනි, විඥානය නුවණින් මෙනෙහි කරව, විඥානයාගේ අනිත්‍යතා ද යථාභූත කොට බලව, මහණෙනි, මහණ විඥානය නුවණින් මෙනෙහි කරන්නේ විඥානයාගේ අනිත්‍යතා ද යථාභූත කොට දක්නේ විඥානයෙහි කලකිරෙයි, නන්‍දිසංඛ්‍යාත තෘෂ්ණාක්‍ෂය හේතුයෙන් රාගක්‍ෂය වෙයි, රාගක්‍ෂය හේතුයෙන් තෘෂ්ණාක්‍ෂය වෙයි, නන්‍දිරාගක්‍ෂය හේතුයෙන් සිත කෙලෙසුන් කෙරෙන් මිදුණේ වෙසෙසින් මිදුණේ යි කියනු ලැබේ යයි වදාළසේක.
පස්වෙනි අත්තදීපවර්‍ග යි.
එහි උද්දානය:
අත්තදීප සූත්‍ර ය, අනිච්චතා සූත්‍ර දෙක ය, සමානුපස්සනා සූත්‍ර ය, ඛන්‍ධ සූත්‍ර සෝණ සූත්‍ර දෙක ය, නන්‍දික්ඛය සූත්‍ර දෙක දැයි අත්තදීපවර්‍ගයෙහි සූත්‍ර දශයෙකි.
මූලපණ්ණාසකය සමාප්ත යි.
ඒ මූලපණ්ණාසකයේ වර්ගෝද්දානය:
නකුලපිතු වර්‍ග ය, අනිච්ච වර්‍ග ය හා භාරවර්‍ග ය නතුම්හාක වර්‍ගයෙන් ද, අත්තදීප වර්‍ගයෙන් ද පඨම පණ්ණාසකය කියනු ලැබේ.