1. 1. 3. 8.
අභිනන්දන සූත්රය
29. සැවැත්නුවර–
මහණෙනි, යමෙක් රූපය අභිනන්දනා කෙරෙයි (සතුටින් පිළිගනියි) ද හේ දුක් අභිනන්දනා කෙරෙයි. යමෙක් දුක් අභිනන්දනා කෙරෙයි ද හේ දුකින් නො මිදුණේ යයි කියමි. යමෙක් වේදනා අභිනන්දනා කෙරෙයි ද … යමෙක් සංඥාව අභිනන්දනා කෙරෙයි ද … යමෙක් සංස්කාර අභිනන්දනා කෙරෙයි ද … යමෙක් විඥානය අභිනන්දනා කෙරෙයි ද හේ දුක් අභිනන්දනා කෙරෙයි, යමෙක් දුක් අභිනන්දනා කෙරෙයි ද හේ දුකින් නො මිදුණේ යයි කියමි.
මහණෙනි, යමෙකුන් රූපය අභිනන්දනා නො කෙරෙයි ද හේ දුක් අභිනන්දනා නො කෙරෙයි, යමෙක් දුක් අභිනන්දනා නො කෙරෙයි ද හේ දුකින් මිදුණේ යයි කියමි. යමෙක් වේදනා අභිනන්දනා නො කෙරෙයි ද … යමෙක් සංඥාව අභිනන්දනා නො කෙරෙයි ද … යමෙක් සංස්කාර අභිනන්දනා නො කෙරෙයි ද … යමෙක් විංඥානය අභිනන්දනා නො කෙරෙයි ද හේ දුක් අභිනන්දනා නො කෙරෙයි, යමෙක් දුක් අභිනන්දනා නො කෙරෙයි ද හේ දුකින් මිදුණේ යයි කියමි යි.
1. 1. 3. 9.
උප්පාද සූත්රය
30. සැවැත්නුවර–
මහණෙනි, රූපයාගේ යම් ඉපදීමෙක් ස්ථිතියක් අභිනිර්වෘතියක් පහළවීමෙක් ඇත් ද තෙල දුඃඛයාගේ උත්පාද යයි, රෝගයන්ගේ ස්ථිතිය යි, ජරාමරණයාගේ පහළවීම යි. වේදනාවගේ යම් ඉපදීමෙක් … සංඥාවගේ යම් ඉපදීමෙක් … සංස්කාරයන්ගේ යම් ඉපදීමෙක් … විඥානයාගේ යම් උත්පාදයෙක් ස්ථිතියක් අභිනිර්වෘතියක් ප්රාදුර්භාවයෙක් ඇත් ද, තෙල දුඃඛයාගේ උත්පාදය යි. රෝගයන්ගේ ස්ථිතිය යි. ජරාමරණයන්ගේ පහළවීම යි.
මහණෙනි, රූපයාගේ යම් නිරෝධයෙක් ව්යූපශමයෙක් (සන්හිඳීමෙක්) අස්තයට යෑමෙක් ඇත් ද, තෙල දුඃඛයාගේ නිරෝධ යයි, ව්යුපශම යයි, අස්තඞ්ගම යයි. වේදනායෙහි යම් නිරෝධයෙක් … සංඥායෙහි යම් නිරෝධයෙක් … සංස්කාරයන්ගේ යම් නිරෝධයෙක් … විඥානයාගේ යම් නිරෝධයෙක් සන්හිඳීමෙක් අස්තයට යෑමෙක් ඇත් ද, තෙල දුඃඛයාගේ නිරෝධ ය, සන්හිඳීම අස්තයට යෑම් වේ යයි.
1. 1. 3. 10.
අඝමූල සූත්රය
31. සැවැත්නුවර–
මහණෙනි, තොපට දුඃඛය ද, දුඃඛ මූලය ද දේශනා කරමි. එය අසව:
මහණෙනි, දුඃඛය කවරෙ යත්:
මහණෙනි, රූපය දුක් යැ, වේදනාව දුක් යැ, සංඥාව දුක් යැ, සංස්කාර දුක් යැ, විඥානය දුක් යැ, මහණෙනි, මේ දුකැයි කියනු ලැබේ.
මහණෙනි, දුඃඛමූලය කවරෙ යත්:
පුනර්භවය ඇති කරන නන්දිරාගසහගත වූ ඒ ඒ භවයෙහි අභිනන්දනා කරන යම් තෘෂ්ණාවක් ඇත් ද, ඒ කවර යැ: කාමතෘෂ්ණා යැ, භවතෘෂ්ණා යැ, විභාවතෘෂ්ණා යි. මහණෙනි, මේ දූඃඛමූල යයි කියනු ලැබේ.