1. 1. 2. 10.
ආනන්ද සූත්රය
21. සැවැත්නුවර–
ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹැ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙකැ හුන්හ. එකත්පසෙකැ හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට තෙල සැල කළහ.:
වහන්ස, නිරෝධ යැ. නිරෝධ යැ යි කියනු ලැබෙයි. වහන්ස, කවර ධර්ම කෙනෙකුන්ගේ නිරෝධයෙන් ‘නිරෝධය යි’ කියනු ලැබේ ද?
ආනන්දය, රූපය අනිත්ය යැ, ප්රත්යයන් විසින් කරන ලද, ප්රතීත්යසමුත්පන්න යැ, කියවන සැහැවි ඇතැ, වියවන සැහැවි ඇතැ, විරාගස්වභාව ඇතැ, නිරෝධ ස්වභාය ඇති. ඒ රූපයාගේ නිරෝධ හේතුයෙන් “නිරෝධය” යි කියනු ලැබෙයි. වේදනා අනිත්ය යැ ... සංඥා අනිත්ය යැ ... සංස්කාරයෝ අනිත්යහ ... විඥානය අනිත්ය යැ, ප්රත්යයන් විසින් කරන ලද, ප්රත්යයෙන් සමුත්පන්න යැ, ක්ෂයස්වභාව ව්යයස්වභාව විරාගස්වභාව නිරෝධස්වභාව ඇති. ඒ විඥානයාගේ නිරෝධයෙන් “නිරෝධය” යි කියනු ලැබෙයි.
ආනන්ද මේ ධර්මයන්ගේ නිරෝධයෙන් “නිරෝධය” යි කියනු ලැබේ.
දෙවැනි අනිත්ය වර්ගය යි.
එහි උද්දානය:
අනිච්ච සූත්රය, දුක්ඛ සූත්රය, අනත්ත සූත්රය, යදනිච්චාදි අන්ය තුන් සූත්රයෝ යැ, හේතු වසයෙන් සූත්රයෝ තුන් දෙනෙකැ ආනන්ද සූත්රයෙන් මෙසේ වර්ගය පිරිණි.