2. අනිච්ච වර්ගය
1. 1. 2. 1.
අනිත්ය සූත්රය
12. සැවැත්නුවර–
මහණෙනි, රූපය අනිත්ය යැ, වේදනාව අනිත්ය යැ, සංඥාව අනිත්ය යැ, සංස්කාර අනිත්ය යැ, විඥානය අනිත්ය යි. මෙසෙයින් (විදසුන් නුවණින්) දක්නා ශ්රැතවත් ආර්ය්යශ්රාවක රූපයෙහිදු කලකිරෙයි, වෙදනායෙහිදු කලකිරෙයි, සංඥායෙහිදු කලකිරෙයි, සංස්කාරයන්හිදු කලකිරෙයි, විඥානයෙහිදු කලකිරෙයි. කලකිරෙනුයේ නො ඇලෙයි. නො ඇලීම හේතුයෙන් (කෙලෙසුන් කෙරෙන්) මිදෙයි, මිදුණු කල්හි, මිදුණැයි (ප්රත්යවේක්ෂා) ඥානය වෙයි: “ජාතිය ගෙවිණ, මඟබඹසර වැස නිමවනලදී. සිවුමඟ කරණී කරන ලද, මේ රහත්බව සඳහා අන් කිසෙහි නැතැ” යි දනී යයි.
1. 1. 2. 2.
දුක්ඛ සූත්රය
13. සැවැත්නුවර–
මහණෙනි, රූපය දුක් යැ, වේදනාව දුක් යැ, සංඥාව දුක් යැ, සංස්කාර දුක් යැ, විඥානය දුක යි. මහණෙනි, මෙසේ (විදසුන් නුවණින්) දක්නා … මේ රහත් බව සඳහා අන් කිසෙක් නැතැයි දනී යයි.
1. 1. 2. 3.
අනත්ත සූත්රය
14. සැවැත්නුවර–
මහණෙනි, රූපය අනාත්මය යැ, වේදනාව අනාත්ම යැ, සංඥාව අනාත්ම යැ, සංස්කාර අනාත්ම යැ, විඥානය අනාත්ම යි. මහණෙනි, මෙසේ දක්නා … මේ රහත්බව සඳහා අන් කිසෙක් නැතැයි දනී යයි.
1. 1. 2. 4.
යදනිච්ච සූත්රය
15. සැවැත්නුවර–
මහණෙනි, රූපය අනිත්ය යැ, යමක් අනිත්ය නම් එය දුක් යැ, යමක් දුක් නම් එය අනාත්ම යැ, යමක් අනාත්ම නම් එය “තෙල මා අයත් නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වෙයි” මෙසෙයින් තෙල යථාභූත කොට මනා නුවණින් දැක්කයුතු.
වේදනාව අනිත්ය යැ … සංඥාව අනිත්ය යැ … සංස්කාර අනිත්ය යැ … විඥානය අනිත්ය යැ. යමක් අනිත්ය නම් එය දුක් යැ. යමක් දුක් නම් එය අනාත්ම යැ, යමක් අනාත්ම නම් එය “තෙල මා අයත් නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වෙයි” මෙසෙයින් තෙල යථාභූත කොට සම්යක්ප්රඥායෙන් දැක්ක යුතු.
මහණෙනි, මෙසෙයින් දක්නා ශ්රැතවත් ආර්ය්යශ්රාවක රූපයෙහිදු කලකිරෙයි … මේ රහත් බව සඳහා අන් කිසෙක් නැතැයි දනී යයි.
1. 1. 2. 5.
යංදුක්ඛ සූත්රය
16. සැවැත්නුවර–
මහණෙනි, රූපය දුක් යැ, යමක් දුක් නම් එය අනාත්ම යැ, යමක් අනාත්ම නම් එය “තෙල මා අයත් නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වෙයි” මෙසේ තෙල ඇති සැටියෙන් සම්යක්ප්රඥායෙන් දැක්ක යුතු. වේදනාව දුක් යැ … සංඥාව දුක් යැ … සංස්කාර දුක් යැ … විඥානය දුක යි. යමක් දුක් නම් එය අනාත්ම යි. යමක් අනාත්ම නම් එය “තෙල මා අයත් නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වෙයි” මෙසේ තෙල ඇතිසැටියෙන් සම්යක්ප්රඥායෙන් දැක්ක යුතු.
මහණෙනි, මෙසේ දක්නා… මේ රහත් බව සඳහා අන්කිසෙක් නැතැයි දනී, යයි.
1. 1. 2. 6.
යදනත්ත සූත්රය
17. සැවැත්නුවර–
මහණෙනි, රූපය අනාත්ම යි, යමක් අනාත්ම නම් එය “තෙල මා අයත් නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙල මාගේ ආත්මය නො වෙයි” මෙසේ තෙල යථාභූත කොට සම්යක් ප්රඥායෙන් දැක්කයුතු, වේදනාව අනාත්ම යැ … සංඥාව අනාත්ම යැ … සංස්කාර අනාත්ම යැ … විඥානය අනාත්ම යි. යමක් අනාත්ම නම් එය “තෙල මා අයත් නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වෙයි” මෙසේ තෙල යථාභූත කොට සම්යක් ප්රඥායෙන් දැක්කයුතු.
මහණෙනි, මෙසෙයින් දක්නා … මේ රහත් බව සඳහා අන්කිසෙක් නැතැයි දනී යයි.
1. 1. 2. 7.
පඨම හේතු සූත්රය
18. සැවැත්නුවර–
මහණෙනි, රූපය අනිත්ය යැ, රූපයාගේ ඉපැත්මට යමක් හේතු වේ නම් ප්රත්යය වේ නම්, හෙ ද අනිත්ය යි. මහණෙනි, රූපය අනිත්ය සම්භූතයි. කොයින් නිත්ය වන්නේ ද, වේදනාව අනිත්ය යැ … සංඥාව අනිත්ය යැ … සංස්කාර අනිත්ය යැ … විඥානය අනිත්ය යැ, විඥානයාගේ ඉපැත්මට යමක් හේතු වේ ද, යමක් ප්රත්ය වේ ද, හෙ ද අනිත්ය යැ. කොයින් නිත්ය වන්නේ ද.
මහණෙනි මෙසේ දක්නා … මේ රහත් බව සඳහා අන් කිසෙක් නැතැයි දනී යයි.