6. 1. 4.
සම්ඵස්ස සූත්‍රය
343. සැවැත්නුවර–
රාහුල, ඒ කිමැයි හගිහි ද? චක්ඛුසම්ඵස්ස ය නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය’ ... සෝතසම්ඵස්ස ය ... ඝාණසම්ඵස්ස ය ... ජිව්හාසම්ඵස්ස ය ... කායසම්ඵස්ස ය ... මනෝසම්ඵස්ස ය නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය …
රාහුල, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ චක්ඛුසම්ඵස්සයෙහිත් කළ කිරෙයි. සෝතසම්ඵස්සයෙහිත් කලකිරෙයි. ඝාණසම්ඵස්සයෙහිත් කලකිරෙයි, ජිව්හාසම්ඵස්සයෙහිත් කලකිරෙයි, කායසම්ඵස්සයෙහිත් කලකිරෙයි, මනෝසම්ඵස්සයෙහිත් කලකිරෙයි. කළකිරෙන්නේ නො ඇලෙයි ... මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැන ගණි යි.
6. 1. 5.
වේදනා සූත්‍රය
344. සැවැත්නුවර–
රාහුල, ඒ කිමැයි හගිහි ද? චක්ඛුසම්ඵස්සයෙන් හටගත් වේදනාව නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ සෝතසම්ඵස්සයෙන් හටගත් වේදනාව ... ඝානසම්ඵස්සයෙන් හටගත් වේදනාව ... ජිව්හාසම්ඵස්සයෙන් හටගත් වේදනාව ... කායසම්ඵස්සයෙන් හටගත් වේදනාව ... මනෝසම්ඵස්සයෙන් හටගත් වේදනාව නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය’ ...
රාහුල, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ චක්ඛුසම්ඵස්සයෙන් හටගත් වේදනාවෙහිත් කලකිරෙයි. සෝතසම්ඵස්සයෙන් හටගත් ... ඝානසම්ඵස්සයෙන් හටගත් ... ජිව්හාසම්ඵස්සයෙන් හටගත් ... කායසම්ඵස්සයෙන් හටගත් ... මනෝසම්ඵස්සයෙන් හටගත් වේදනාවෙහිත් කලකිරෙයි. මේ බැව් පිණිස අනෙකක් නැතැයි දැන ගණි යි.
6. 1. 6.
සඤ්ඤා සූත්‍රය
345. සැවැත්නුවර–
රාහුල, ඒ කිමැයි හගිහි ද? රුපසඤ්ඤාව නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ ... සද්දසඤ්ඤාව ... ගන්‍ධසඤ්ඤාව ... රසසඤ්ඤාව ... ඵොට්ඨබ්බසඤ්ඤාව ... ධම්මසඤ්ඤාව නිත්‍ය ද අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය.’
රාහුල, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ රුපසඤ්ඤායෙහිත් කලකිරෙයි. සද්දසඤ්ඤායෙහිත් කලකිරෙයි. ගන්‍ධසඤ්ඤායෙහිත් කලකිරෙයි. රසසඤ්ඤායෙහිත් කලකිරෙයි. ඵොට්ඨබ්බසඤ්ඤායෙහිත් කළ කිරෙයි, ධම්මසඤ්ඤායෙහිත් කළ කිරෙයි. ... මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැන ගණි යි.
6. 1. 7.
සඤ්චේතනා සූත්‍රය
346. සැවැත්නුවර–
රාහුල, ඒ කිමැයි හගිහි ද? රූපසඤ්චේතනාව නිත්‍ය ද අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ ... සද්දසඤ්චේතනාව ... ගන්‍ධසඤ්චේතනාව ... රසසඤ්චේතනාව ... ඵොට්ඨබ්බසඤ්චේතනාව ... ධර්‍මසඤ්චේතනාව නිත්‍ය ද අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ ...
රාහුල, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ රුපසඤ්චෙතනායෙහිත් කලකිරෙයි, සද්දසඤ්චේතනායෙහිත් කලකිරෙයි, ගන්‍ධසඤ්චේතනායෙහිත් කළ කිරෙයි. රසසඤ්චේතනායෙහිත් කළ කිරෙයි. ඵොට්ඨබ්බසඤ්චේතනායෙහිත් කළ කිරෙයි. ධර්‍මසඤ්චේතනායෙහිත් කලකිරෙයි ... මේ බැව් පිණිස අනෙකක් නැතැයි දැන ගණි යි.