6. 1. 5.
වේදනා සූත්රය
344. සැවැත්නුවර–
රාහුල, ඒ කිමැයි හගිහි ද? චක්ඛුසම්ඵස්සයෙන් හටගත් වේදනාව නිත්ය ද, අනිත්ය ද? ‘වහන්ස, අනිත්ය ය.’ සෝතසම්ඵස්සයෙන් හටගත් වේදනාව ... ඝානසම්ඵස්සයෙන් හටගත් වේදනාව ... ජිව්හාසම්ඵස්සයෙන් හටගත් වේදනාව ... කායසම්ඵස්සයෙන් හටගත් වේදනාව ... මනෝසම්ඵස්සයෙන් හටගත් වේදනාව නිත්ය ද, අනිත්ය ද? ‘වහන්ස, අනිත්ය ය’ ...
රාහුල, මෙසේ දක්නා ශ්රැතවත් ආර්ය්යශ්රාවක තෙමේ චක්ඛුසම්ඵස්සයෙන් හටගත් වේදනාවෙහිත් කලකිරෙයි. සෝතසම්ඵස්සයෙන් හටගත් ... ඝානසම්ඵස්සයෙන් හටගත් ... ජිව්හාසම්ඵස්සයෙන් හටගත් ... කායසම්ඵස්සයෙන් හටගත් ... මනෝසම්ඵස්සයෙන් හටගත් වේදනාවෙහිත් කලකිරෙයි. මේ බැව් පිණිස අනෙකක් නැතැයි දැන ගණි යි.
6. 1. 6.
සඤ්ඤා සූත්රය
345. සැවැත්නුවර–
රාහුල, ඒ කිමැයි හගිහි ද? රුපසඤ්ඤාව නිත්ය ද, අනිත්ය ද? ‘වහන්ස, අනිත්ය ය.’ ... සද්දසඤ්ඤාව ... ගන්ධසඤ්ඤාව ... රසසඤ්ඤාව ... ඵොට්ඨබ්බසඤ්ඤාව ... ධම්මසඤ්ඤාව නිත්ය ද අනිත්ය ද? ‘වහන්ස, අනිත්ය ය.’
රාහුල, මෙසේ දක්නා ශ්රැතවත් ආර්ය්යශ්රාවක තෙමේ රුපසඤ්ඤායෙහිත් කලකිරෙයි. සද්දසඤ්ඤායෙහිත් කලකිරෙයි. ගන්ධසඤ්ඤායෙහිත් කලකිරෙයි. රසසඤ්ඤායෙහිත් කලකිරෙයි. ඵොට්ඨබ්බසඤ්ඤායෙහිත් කළ කිරෙයි, ධම්මසඤ්ඤායෙහිත් කළ කිරෙයි. ... මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැන ගණි යි.
6. 1. 7.
සඤ්චේතනා සූත්රය
346. සැවැත්නුවර–
රාහුල, ඒ කිමැයි හගිහි ද? රූපසඤ්චේතනාව නිත්ය ද අනිත්ය ද? ‘වහන්ස, අනිත්ය ය.’ ... සද්දසඤ්චේතනාව ... ගන්ධසඤ්චේතනාව ... රසසඤ්චේතනාව ... ඵොට්ඨබ්බසඤ්චේතනාව ... ධර්මසඤ්චේතනාව නිත්ය ද අනිත්ය ද? ‘වහන්ස, අනිත්ය ය.’ ...
රාහුල, මෙසේ දක්නා ශ්රැතවත් ආර්ය්යශ්රාවක තෙමේ රුපසඤ්චෙතනායෙහිත් කලකිරෙයි, සද්දසඤ්චේතනායෙහිත් කලකිරෙයි, ගන්ධසඤ්චේතනායෙහිත් කළ කිරෙයි. රසසඤ්චේතනායෙහිත් කළ කිරෙයි. ඵොට්ඨබ්බසඤ්චේතනායෙහිත් කළ කිරෙයි. ධර්මසඤ්චේතනායෙහිත් කලකිරෙයි ... මේ බැව් පිණිස අනෙකක් නැතැයි දැන ගණි යි.
6. 1. 8.
තණ්හා සූත්රය
347. සැවැත්නුවර–
රාහුල, ඒ කිමැයි හගිහි ද, රූපතණ්හාව නිත්ය ද, අනිත්ය ද? ‘වහන්ස, අනිත්ය ය’ ... සද්දතණ්හාව ... ගන්ධතණ්හාව ... රසතණ්හාව ... ඵොට්ඨබ්බතණ්හාව ... ධම්මතණ්හාව නිත්ය ද, අනිත්ය ද? ‘වහන්ස, අනිත්ය ය.’ ...
රාහුල, මෙසේ දක්නා ශ්රැතවත් ආර්ය්යශ්රාවක තෙමේ රුපතණ්හාවෙහිත් කලකිරෙයි, සද්දතණ්හාවෙහිත් කලකිරෙයි, ගන්ධතණ්හාවෙහිත් කලකිරෙයි, රසතණ්හායෙහිත් කලකිරෙයි, ඵොට්ඨබ්බතණ්හායෙහිත් කලකිරෙයි, ධම්මතණ්හායෙහිත් කලකිරෙයි. කළකිරෙන්නේ නො ඇලෙයි ... මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැන ගණි යි.
6. 1. 9.
ධාතු සූත්රය
348. සැවැත්නුවර–
රාහුල, ඒ කිමැයි හගිහි ද? පඨවීධාතුව නිත්ය ද, අනිත්ය ද? ‘වහන්ස, අනිත්ය ය.’ ... ආපෝධාතුව ... තේජෝධාතුව ... වායෝධාතුව ... ආකාසධාතුව ... විඤ්ඤාණ ධාතුව නිත්ය ද, අනිත්ය ද? ‘වහන්ස, අනිත්ය ය.’ ...
රාහුල මෙසේ දක්නා ශ්රැතවත් ආර්ය්යශ්රාවක තෙමේ පඨවීධාතුයෙහි ද කලකිරෙයි, ආපෝධාතුයෙහි ද කලකිරෙයි, තේජෝධාතුයෙහි ද කලකිරෙයි, වායෝධාතුයෙහි ද කලකිරෙයි, ආකාසධාතුයෙහි ද කලකිරෙයි, විඤ්ඤාණධාතුයෙහි ද කලකිරෙයි. කළකිරෙන්නේ නො ඇලෙයි. ... මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැන ගණි යි.
6. 1. 10.
ඛන්ධ සූත්රය
349. සැවැත්නුවර–
රාහුල, ඒ කිමැයි හගිහි ද, රූපය නිත්ය ද, අනිත්ය ද? ‘වහන්ස, අනිත්ය ය.’ ... වේදනාචා ... සඤ්ඤාව ... සඞ්ඛාර ... විඤ්ඤාණය නිත්ය ද, අනිත්ය ද? ‘වහන්ස, අනිත්ය ය ...’
රාහුල, මෙසේ දක්නා ශ්රැතවත් ආර්ය්යශ්රාවක තෙමේ රූපයෙහි ද කලකිරෙයි, වේදනායෙහි ද කලකිරෙයි, සඤ්ඤායෙහි ද කලකිරෙයි, සඞ්ඛාරයන්හි ද කලකිරෙයි, විඤ්ඤාණයෙහි ද කලකිරෙයි. කළකිරෙන්නේ නො ඇලෙයි. නො ඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේ යි දැනීම වෙයි. “ජාතිය ක්ෂය වූවා ය. මගබඹසර වැස නිමවන ලදී. කටයුතු කරණ ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැන ගණි’ යි.
[අයාචනාවෙන් දෙසූ ] පළමුවැනි වර්ගය යි.
එහි උද්දාන:
චක්ඛු, රූප, විඤ්ඤාණ, සම්ඵස්ස, වේදනා, සඤ්ඤා, සඤ්චේතනා, තණ්හා, ධාතු යන ඔහු ඛන්ධ සූත්රය සමග දශයෙකි.