5. 4. 8-13.
පිතුසූත්‍රාදිෂට්කය
334-339 සැවැත්නුවර–
මහණෙනි, ලාභ සත්කාර කීර්තිප්‍රශංසා දරුණු ය, තියුණු ය, රළු ය, අනුත්තර අර්‍හත්ත්‍වාවබෝධයට අන්තරායකර ය. මහණෙනි, මෙහි මම ඇතැම් පුඟුලකු “මේ ආයුෂ්මත් තෙමේ
පියා හේතු කොට ද (අට වැන්න)
බෑයා හේතු කොට ද ... (නවවැන්න)
බුහුන හේතු කොට ද ... (දසවැන්න)
පුතා හේතු කොට ද ... (එකොළොස්වැන්න)
දුව හේතු කොට ද ... දොළොස්වැන්න)
බිරිය හේතු කොට ද දැන දැන මුසා නො බණන්නේ ය” යි මෙසේ සිතින් සිත පිරිසිඳ දනිමි. පසු කලෙක ලාභ සත්කාර කීර්තිප්‍රශංසායෙන් මඬනා ලද ගන්නා ලද සිත් ඇති දැන දැන මුසා බණන ඒ මොහු දකිමි.
මහණෙනි, ලාභ සත්කාර කීර්තිප්‍රශංසා මෙසේ දරුණු ය, තියුණු ය, රළු ය, අනුත්තර අර්‍හත්ත්‍වාවබෝධයට අන්තරාකාර ය.
මහණෙනි, එහෙයින් මෙහි මෙසේ හික්මිය යුතු: “උපන් ලාභසත්කාර කීර්තිප්‍රශංසා දුරු කරන්නෙමු. උපන් ලාභ සත්කාර කීර්තිප්‍රශංසා අපගේ සිත ක්‍ෂය කොට නො ම සිටින්නේ ය” යි. මහණෙනි, මෙසේ තොප විසින් හික්මිය යුතු මැ යි. (තෙළෙස් වැන්න.)
සඞ්ඝභේදවර්‍ගය සිවුවැනි යි.
එහි උද්දානය:
හින්දි, මූල, සුක්ක, ධම්ම,පක්කන්ත, රථ, මාතු, පීතු, භාතු, භගිනී, පුත්ත, ධීතු, පජාපති යි සූත්‍ර තෙළෙසකි යි.
ලාභසක්කාර සංයුත්තය නිමියේ ය.