5. 1. 10.
සගාථ සූත්රය
306. සැවැත්නුවර–
මහණෙනි, ලාභ සත්කාර කීර්තිප්රශංසා දරුණු ය ...
මහණෙනි, මෙහි මම ලාභ සත්කාරයෙන් මඩනා ලද ගන්නා ලද සිත් ඇති, කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණි ඇතැම් පුඟුලකු දකිමි.
මහණෙනි, මෙහි මම අසත්කාරයෙන් මඩනා ලද ගන්නා ලද සිත් ඇති කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණි ඇතැම් පුඟුලකු දකිමි.
මහණෙනි, මෙහි මම සත්කාරයෙන් ද, අසත්කාරයෙන් ද යන දෙකින් ම මඩනා ලද ගන්නා ලද සිත් ඇති කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණි ඇතැම් පුඟුලකු දකිමි.
මහණෙනි, ලාභ සත්කාර කීර්තිප්රශංසා දරුණු ය, තියුණු ය, රළු ය, අනුත්තර වූ අර්හත්ත්වාවබෝධය පිණිස අන්තරාය කර ය. මහණෙනි, එහෙයින් මෙහි මෙසේ හික්මිය යුතු: “උපන් ලාභ සත්කාරකීර්ති ප්රශංසා බැහැර ලන්නෙමු. උපන් ලාභ සත්කාර කීර්තිප්රශංසා අපගේ සිත ගෙණ නො ම සිටිනේ ය” යි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු ම යි.
භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෲන් වහන්සේ මෙය වදාරා යළි මතු ද මෙය වදාළසේක:
සත්කාර කරණු ලබන අප්රමාණ සමාධිවිහරණ ඇති යමකුගේ සමාධිය අසත්කාරයෙන් ද සත්කාරයෙන් ද යන දෙකින් නො සැලේ ද,
ධ්යාන කරණසුලු සතතක්රියා ඇති සූක්ෂම දෘෂ්ටි හා විදර්ශනා ඇති උපාදානක්ෂය සඞ්ඛ්යාත නිවනෙහි ඇලුනු ඔහුට සත්පුරුෂයා යි කියති යි.
දාරුණවර්ගය පළමුවැනි යි.
එහි උද්දානය:
දාරුණ, බළිස, කුම්ම, දීඝලෝමි, මීළ්හක, අසනි, දිද්ධ, සිඟාල, වේරම්බ, සගාථක යි සූත්ර දශයෙකි යි.
2. පාති වර්ගය
5. 2. 1.
සුවණ්ණපාති සූත්රය
307. සැවැත්නුවර–
මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්රශංසා දරුණු ය …
මහණෙනි, මම මෙහි ඇතැම් පුඟුලකු “මේ ආයුෂ්මත් තෙමේ රිදී සුණු පිරුණු රන්තලියක් හේතු කොට ද දැන දැන මුසා නොම බණන්නේ ය” යි මෙසේ සිතින් සිත පිරිසිඳ දනිමි. පසු කලෙක ලාභසත්කාර කීර්ති ප්රශංසායෙන් මඩනා ලද ක්ෂය කොට ගන්නා ලද සිත් ඇතිව දැන දැන මුසා බණන ඒ පුඟුල් දකිමි.
මහණෙනි, ලාභ සත්කාර කීර්තිප්රශංසා මෙසේ දරුණු ය. ... උපන් ලාභ සත්කාර කීර්ති ප්රශංසා දුරු කරන්නෙමු ... මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
5. 2. 2.
රුපියපාති සූත්රය
308. සැවැත්නුවර–
මහණෙනි, ලාභ සත්කාර කීර්තිප්රශංසා දරුණු ය …
මහණෙනි, මම මෙහි ඇතැම් පුඟුලකු “මේ ආයුෂ්මත් තෙමේ රන්සුණු පිරුණු රීදීතලියක් හේතු කොට ද දැන දැන මුසා නො ම බණන්නේ ය” යි මෙසේ සිතින් සිත පිරිසිඳ දනිමි. පසු කලෙක ලාභ සත්කාර කීර්ති ප්රශංසායෙන් මඩනා ලද ගන්නා ලද සිත් ඇතිව දැන දැන මුසා බණන ඒ පුඟුල් දකිමි.
මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්රශංසා මෙසේ දරුණු ය ... උපන් ලාභ සත්කාර කීර්ති ප්රශංසා දුරු කරන්නෙමු ... මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.