2. පාති වර්ගය
5. 2. 1.
සුවණ්ණපාති සූත්රය
307. සැවැත්නුවර–
මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්රශංසා දරුණු ය …
මහණෙනි, මම මෙහි ඇතැම් පුඟුලකු “මේ ආයුෂ්මත් තෙමේ රිදී සුණු පිරුණු රන්තලියක් හේතු කොට ද දැන දැන මුසා නොම බණන්නේ ය” යි මෙසේ සිතින් සිත පිරිසිඳ දනිමි. පසු කලෙක ලාභසත්කාර කීර්ති ප්රශංසායෙන් මඩනා ලද ක්ෂය කොට ගන්නා ලද සිත් ඇතිව දැන දැන මුසා බණන ඒ පුඟුල් දකිමි.
මහණෙනි, ලාභ සත්කාර කීර්තිප්රශංසා මෙසේ දරුණු ය. ... උපන් ලාභ සත්කාර කීර්ති ප්රශංසා දුරු කරන්නෙමු ... මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
5. 2. 2.
රුපියපාති සූත්රය
308. සැවැත්නුවර–
මහණෙනි, ලාභ සත්කාර කීර්තිප්රශංසා දරුණු ය …
මහණෙනි, මම මෙහි ඇතැම් පුඟුලකු “මේ ආයුෂ්මත් තෙමේ රන්සුණු පිරුණු රීදීතලියක් හේතු කොට ද දැන දැන මුසා නො ම බණන්නේ ය” යි මෙසේ සිතින් සිත පිරිසිඳ දනිමි. පසු කලෙක ලාභ සත්කාර කීර්ති ප්රශංසායෙන් මඩනා ලද ගන්නා ලද සිත් ඇතිව දැන දැන මුසා බණන ඒ පුඟුල් දකිමි.
මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්රශංසා මෙසේ දරුණු ය ... උපන් ලාභ සත්කාර කීර්ති ප්රශංසා දුරු කරන්නෙමු ... මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
5. 2. 3-10.
සුවණ්ණනික්ඛ සුත්රාදි අෂ්ටකය සූත්රය
309-316. සැවැත්නුවර–
මහණෙනි, ලාභසත්කාර කීර්ති ප්රශංසා දරුණු ය. …
මහණෙනි, මෙහි මම ඇතැම් පුඟුලෙකු “මේ ආයුෂ්මත් තෙමේ
රන්නිකක් හේතු කොට ද ... (තෙවැන්න)
රන්නික සියක් හේතු කොට ද ... (සිවුවැන්න)
සිඟුරන්නිකක් හේතු කොට ද ... (පස්වැන්න)
සිඟුරන්නික සියක් හේතු කොට ද ... (සවැන්න)
රනින් පිරුණු පොළොව හේතු කොට ද ... (සත්වැන්න)
කිසියම් ආමිසයක් හේතු කොට ද ... (අටවැන්න)
ජීවිතය හේතු කොට ද ... (නවවැන්න)
ජනපද කල්යාණිය හේතු කොට ද,, දැන දැන මුසා නො ම බණන්නේ ය යි මෙසේ සිතින් සිත පිරිසිඳ දනිමි. පසු කලෙක ලාභ සත්කාර කීර්ති ප්රශංසායෙන් මඩනා ලද ගන්නා ලද සිත් ඇතිව දැන දැන මුසා බණන ඒ මොහු දකිමි.
මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්රශංසා මෙසේ දරුණු ය ... උපන් ලාභ සත්කාර කීර්ති ප්රශංසා දුරු කරන්නෙමු ... මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි. (දසවැන්න)
පාතිවර්ගය දෙවෙනි යි.
එහි උද්දානය:
පාති සූත්ර දෙක ය, සුවණ්ණ සූත්ර දෙක ය, අනෙක් සිඞ්ගී නමින් සූත්ර දෙකක, පඨවි, කිඤ්චික්ඛ, ජීවිත, ජනපදකල්යාණි සූත්ර ය යි සූත්ර දශයෙකි.