4. 1. 2.
අනොත්තාපී සූත්රය
285. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක ආයුෂ්මත් මහසුප් තෙරණුවෝ ද ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝද, බරණැස් නුවර සමීපයෙහි මිගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි වැඩ වෙසෙති. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සවස් කලැ පලසමවතින් නැගී සිටි සේක් ආයුසමත් මහසුප් තෙරණුවන් වෙත එළඹියහ එළඹ ආයුෂ්මත් මහසුප් සමග සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පසෙක වැඩ හුන්හ. එකත්පසෙක වැඩහුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් මහසුප් තෙරණුවන්ට මෙය කීහ:
“ඇවැත්නි, කාශ්යපයෙනි, කෙලෙස් තවන වැර නැත්තේ පවට බිය නැත්තේ සම්බෝධිය පිණිස නො නිසි ය. නිවන පිණිස නො නිසි ය. අනුත්තර වූ අර්හත්ත්වය පිණිස නො නිසි ය. කෙලෙස් තවන වීර්ය්යය ඇත්තේ ම පවට බිය ඇත්තේ ම සම්බෝධිය පිණිස නිසි ය. නිවන පිණිස නිසි ය. අනුත්තර අර්හත්ත්වය ලැබීම පිණිස නිසි ය”යි මෙය කියනු ලැබෙයි.
“ඇවැත්නි, කොපමණෙකින් කෙලෙස් තවන වැර නැත්තේ පවට බිය නැත්තේ සම්බෝධිය පිණිස නො නිසි වේ ද, නිවන පිණිස නො නිසි වේද, අනුත්තර අර්හත්ත්වය ලැබීම පිණිස නො නිසි වේ ද? ඇවැත්නි, කොපමණකින් කෙලෙස් තවන වැර ඇත්තේ පවට බිය ඇත්තේ සම්බෝධිය පිණිස නිසි වේ ද, නිවන පිණිස නිසි වේද, අනුත්තර අර්හත්ත්වය ලැබීම පිණිස නිසි වේ දැ” යි?
ඇවැත්නි, මෙහි මහණ තෙමේ නූපන් ලාමක අකුශලධර්මයෝ උපදනාහු මට අනර්ත්ථය පිණිස පවතින්නාහ යි වීර්ය්යය නො කෙරේ ද, උපන් ලාමක අකුශල ධර්මයෝ ප්රහීණ නො වන්නාහු මට අනර්ත්ථය පිණිස පවත්නාහ යි වීර්ය්යය නො කෙරේද, නූපන් කුශල ධර්මයෝ නූපදනාහු මට අනර්ත්ථය පිණිස පවත්නාහ යි වීර්ය්යය නො කෙරේ ද, උපන් කුශලධර්මයෝ නිරුද්ධ වන්නාහු මට අනර්ත්ථය පිණිස පවත්නාහ යි වීර්ය්යය නො කෙරේ ද, ඇවැත්නි, මෙසේ කෙලෙස් තවන වීර්ය්යය නැත්තේ වේ.
ඇවැත්නි, කෙසේ නම් පවට බිය නැත්තේ වේ ද?
ඇවැත්නි, මෙහි මහණ තෙමේ නූපන් ලාමක අකුශලධර්මයෝ උපදනාහු මට අනර්ත්ථය පිණිස පවත්නාහ යි බියපත් නො වේ ද, උපන් ලාමක අකුශලධර්මයෝ ප්රහීණ නො වන්නාහු මට අනර්ත්ථය පිණිස පවත්නාහ යි බියපත් නො වේ ද, නූපන් කුශලධර්මයෝ නූපදනාහු මට අනර්ත්ථය පිණිස පවත්නාහ යි බියපත් නො වේ ද, උපන් කුශලධර්මයෝ නිරුද්ධ වන්නාහු මට අනර්ත්ථය පිණිස පවත්නාහ යි බියපත් නො වේ ද, ඇවැත්නි, මෙසේ පවට බිය නැත්තේ වේ.
ඇවැත්නි, මෙසේ කෙලෙස් තවන වැර නැත්තේ, පවට බිය නැත්තේ, සම්බෝධිය පිණිස නොනිසි වේ, නිවන පිණිස නො නිසි වේ. අනුත්තර අර්හත්ත්වය ලැබීම පිණිස නො නිසි වේ.
ඇවැත්නි, කෙසේ කෙළෙස් තවන වැර ඇත්තේ වේ ද?
ඇවැත්නි, මෙහි මහණ තෙමේ නූපන් ලාමක අකුශලධර්මයෝ උපදනාහු මට අනර්ත්ථය පිණිස පවත්නාහ යි වීර්ය්යය කෙරේ ද, උපන් ලාමක අකුශලධර්මයෝ ප්රහීණ නො වන්නාහු මට අනර්ත්ථය පිණිස පවත්නාහ යි වීර්ය්යය කෙරේ ද, නූපන් කුශලධර්මයෝ නූපදනාහු මට අනර්ත්ථය පිණිස පවත්නාහ යි වීර්ය්යය කෙරේ ද, උපන් කුශලධර්මයෝ නිරුද්ධ වන්නාහු මට අනර්ත්ථය පිණිස පවත්නාහ යි වීර්ය්යය කෙරේ ද; ඇවැත්නි, මෙසේ කෙළෙස් තවන වැර ඇත්තේ වේ.
ඇවැත්නි, කෙසේ පවට බිය ඇත්තේ වේ ද?
ඇවැත්නි, මෙහි මහණ තෙමේ නූපන් ලාමක අකුශලධර්මයෝ උපදනාහු මට අනර්ත්ථය පිණිස පවත්නාහ යි බයි ද, උපන් ලාමක අකුශලධර්මයෝ ප්රහීණ නො වන්නාහු මට අනර්ත්ථය පිණිස පවත්නාහ යි බයි ද, නූපන් කුශල ධර්මයෝ නූපදනාහු මට අනර්ත්ථය පිණිස පවත්නාහ යි බයි ද, උපන් කුශලධර්මයෝ නිරුද්ධවන්නාහු මට අනර්ත්ථය පිණිස පවත්නාහ යි බයි ද, ඇවැත්නි, මෙසේ පවට බිය ඇත්තේ වෙයි.
ඇවැත්නි, මෙසේ කෙලෙස් තවන වැර ඇත්තේ පවට බිය ඇත්තේ සම්බෝධිය පිණිස නිසි වේ. නිවන පිණිස නිසි වේ. අනුත්තර අර්හත්ත්වය ලැබීම පිණිස නිසි වේ යි.
4. 1. 3.
චන්දූපම සූත්රය
286. සැවැත්නුවර–
මහණෙනි, (කිසිවකු කෙරෙහි නො ඇලෙමින් අහස් නගින) චන්ද්රයා වැනිව සත්ථවාදියෙන්) කය ඉවත් කොට ම සිත ඉවත් කොට ම නිති (ආගන්තුකයකු මෙන්) අලුත් ව කුලයන්හි ප්රගල්භ (ගැටීම්) රහිතව කුලයන් වෙත එළඹෙවු. මහණෙනි, යම් සේ පුරුෂයෙක් ගරාවැටුනු ලිඳක් හෝ කඳුබෑවුමක් හෝ ගංඉවුරු බුන් තැනක් හෝ කය ඉවත් කොට ම සිත ඉවත් කොට ම බලන්නේ ද, මහණෙනි එසෙයින් ම චන්ද්රයා වැනි ව කය ඉවත් කොට ම සිත ඉවත් කොට ම නිතර අලුත් ව, කුලයන්හි නො ගැටී කුලයන් වෙත එළඹෙවු. මහණෙනි, කසුප් තෙමේ සඳ වැනි ව කය ඉවත් කොට ම සිත ඉවත් කොට ම නිතර අලුත් ව කුලයන්හි නො ගැටී කුලයන් වෙත එළඹෙයි.
මහණෙනි, ඒ කිමැයි හඟිවු ද, කෙබඳු මහණෙක් කුලයන් වෙත එළඹෙන්නට නිසි දැ යි?
“වහන්ස, අපගේ ධර්මයෝ භාග්යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ. භාග්යවතුන් වහන්සේ නේතෘ කොට ඇත්තාහ. භාග්යවතුන් වහන්සේ පිහිට කොට ඇත්තාහ. වහන්ස, මේ භාෂිතයෙහි අර්ත්ථය භාග්යවතුන් වහන්සේට ම වැටහේවා, මැනවි. (ඒ අර්ත්ථය) භාග්යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූහු දරන්නාහ” යි.