2. 3. 4.
සත්තකම්මපථ සූත්රය
250. සැවැත්නුවර–
මහණෙනි, සත්වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: පරපණ නසන්නෝ පරපණ නසන්නවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. අන්සතු දැ ගන්නෝ අන්සතු දැ ගන්නවුන් සමග … කාමයන්හි වරදවා හැසිරෙන්නෝ කාමයන්හි වරදවා හැසිරෙන්නවුන් සමග … මුසවා බණන්නෝ මුසවා බණන්නවුන් සමග … පිසුණුබස් බණන්නෝ පිසුණුබස් බණන්නවුන් සමග … පරොස්බස් බණන්නෝ පරොස්බස් බණන්නවුන් සමග … හිස්බස් බණන්නෝ හිස්බස් බණන්නවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්.
පණිවායෙන් වෙන් වූවෝ … අයිනාදනින් වෙන් වූවෝ … කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන් වූවෝ … මුසවායෙන් වෙන් වූවෝ … පිසුණුබසින් වෙන් වූවෝ … පරොස්බසින් වෙන් වූවෝ … හිස්බස් බිණුමෙන් වෙන් වූවෝ හිස්බස් බිණුමෙන් වෙන් වූවන් සමග සැසැඳෙත්. එකතු වෙති යි.
2. 3. 5.
දසකම්මපථ සූත්රය
251. සැවැත්නුවර–
මහණෙනි, සත්වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: පරපණ නසන්නෝ පරපණ නසන්නවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. මෙරමා සතු දැ ගන්නෝ … කාමයන්හි වරදවා හැසිරෙන්නෝ … මුසවා බණන්නෝ … පිසුණුබස් බණන්නෝ … පරොස්බස් බණන්නෝ … හිස්බස් බණන්නෝ … දැඩිලොබ බහුල කොට ඇත්තෝ දැඩිලොබ බහුල කොට ඇත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. ව්යාපාදයට පැමිණි සිතැත්තෝ ව්යාපාදයට පැමිණි සිතැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත් මිසදිටුවෝ මිසදිටුවන් සමග සැසැඳෙත්, එකතු වෙත්.
පණිවාසයෙන් වෙන් වූවෝ පණිවායෙන් වෙන් වූවන් සමග සැසැඳෙත්, එකතු වෙත්. අයිනාදනින් වෙන් වූවෝ … කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන් වූවෝ … මුසවායෙන් වෙන් වූවෝ ... පිසුණුබසින් වෙන් වූවෝ … පරොස්බසින් වෙන් වූවෝ … හිස්බස් බිණුමෙන් වෙන් වූවෝ … අභිධ්යාව බහුල කොට නැත්තෝ අභිධ්යාව බහුල කොට නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත් … ව්යාපාදයට නොපැමිණි සිතැත්තෝ ව්යාපාදයට නො පැමිණි සිතැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. සමිදිටුවෝ සමිදිටුවන් සමග සැසැඳෙති, එකතු වෙති යි.
2. 3. 6.
අට්ඨඞ්ගික සූත්රය
252. සැවැත්නුවර–
මහණෙනි, සත්වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: මිත්ථ්යා දෘෂ්ටි ඇත්තෝ මිත්ථ්යා දෘෂ්ටි ඇත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. මිත්ථ්යා සංකල්ප ඇත්තෝ … මිත්ථ්යා වචන ඇත්තෝ … මිත්ථ්යා කර්මාන්ත ඇත්තෝ … මිත්ථ්යා ආජීව ඇත්තෝ … මිත්ථ්යා ව්යායාම ඇත්තෝ … මිත්ථ්යා ස්මෘති ඇත්තෝ … මිත්ථ්යා සමාධි ඇත්තෝ මිත්ථ්යා සමාධි ඇත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්.
සම්යග්දෘෂ්ටි ඇත්තෝ සම්යග්දෘෂ්ටි ඇත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත් … සම්යක් සඞ්කල්ප ඇත්තෝ … සම්යක් වචන ඇත්තෝ … සම්යක් කර්මාන්ත ඇත්තෝ … සම්යගාජීව ඇත්තෝ … සම්යග්ව්යායාම ඇත්තෝ … සම්යක් ස්මෘති ඇත්තෝ … සම්යක් සමාධි ඇත්තෝ සම්යක් සමාධි ඇත්තවුන් සමග සැසැඳෙති, එකතුවෙතියි.
2. 3. 7.
දසඞ්ගික සූත්රය
253. සැවැත්නුවර–
මහණෙනි, සත්වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: මිත්ථ්යා දෘෂ්ටි ඇත්තෝ මිත්ථ්යා දෘෂ්ටි ඇත්තවුන් සමග සැසැඳෙත් එකතු වෙත්. මිත්ථ්යා සඞ්කල්ප ඇත්තෝ … මිත්ථ්යා වචන ඇත්තෝ … මිත්ථ්යා කර්මාන්ත ඇත්තෝ … මිත්ථ්යා ආජීව ඇත්තෝ … මිත්ථ්යා ව්යායාම ඇත්තෝ … මිත්ථ්යා ස්මෘති ඇත්තෝ … මිත්ථ්යා සමාධි ඇත්තෝ … මිත්ථ්යා ඥාන ඇත්තෝ මිත්ථ්යා ඥාන ඇත්තවුන් සමග සැසැඳෙත් එකතු වෙත්. මිත්ථ්යා විමුක්ති ඇත්තෝ මිත්ථ්යා විමුක්ති ඇත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්.
සම්යග් දෘෂ්ටි ඇත්තෝ සම්යග් දෘෂ්ටි ඇත්තවුන් සමග සැසැඳෙත්. එකතු වෙත් … සම්යක් සඞ්කල්ප ඇත්තෝ … සම්යග් වචන ඇත්තෝ … සම්යක් කර්මාන්ත ඇත්තෝ … සම්යගාජීව ඇත්තෝ … සම්යග්ව්යායාම ඇත්තෝ … සම්යක් ස්මෘති ඇත්තෝ … සම්යක් සමාධි ඇත්තෝ … සම්යග් ඥාන ඇත්තෝ සම්යග් ඥාන ඇත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. සම්යග් විමුක්ති ඇත්තෝ සම්යග් විමුක්ති ඇත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙති.
(සියලු තැන්හි අතීතානාගතපච්චුප්පන්න කළ යුතු යි.)
සූත්ර සත පිළිබඳ උද්දානය:
අසමාහිත, දුස්සීල, පඤ්චසික්ඛාද, සත්තකම්මපථ, දසකම්මපථ, අට්ඨඞ්ගික යන සූත්ර හා දසඞ්ගික සූත්රය දැ යි සූත්ර සතෙකි.
කම්මපථවර්ගය තුන්වැනි යි.