4. ඡන්ද වර්ගය
1. 9. 4. 1-11.
ජරාමරණාදි සූත්ර
115-125. [මහණෙනි, ජරාමරණ තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ජරාමරණයෙහි තතු සේ දැනීම පිණිස] කත්තුකම්යතා කුසලච්ඡන්දය කට යුතු යි.
5. උස්සෝළහි වර්ගය
1. 9. 5. 1-11.
ජරාමරණාදි සූත්ර
126-136. [මහණෙනි, ජරාමරණ තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ජරාමරණයෙහි තතු සේ දැනීම පිණිස] අධිමාත්ර වීර්ය්යය කට යුතු යි.
6. අප්පටිවානි වර්ගය
1. 9. 6. 1-11.
ජරාමරණාදි සූත්ර
137-147. [මහණෙනි, ජරාමරණ තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ජරාමරණයෙහි තතු සේ දැනීම පිණිස] නො පසු බස්නා වීර්ය්යය කට යුතු යි.
7. ආතප්ප වර්ගය
1. 9. 7. 1-11.
ජරාමරණාදි සූත්ර
148-158. [මහණෙනි, ජරාමරණ තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ජරාමරණයෙහි තතු සේ දැනීම පිණිස] කෙලෙස් තවන වීර්ය්යය කට යුතු යි.
8. විරිය වර්ගය
1. 9. 8. 1-11.
ජරාමරණාදි සූත්ර
159-169. [මහණෙනි, ජරාමරණ තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ජරාමරණයෙහි තතු සේ දැනීම පිණිස ] වීර්ය්යය කට යුතු යි.1.9.9. 1-11
9. සාතච්ච වර්ගය
1. 9. 9. 1-11.
ජරාමරණාදි සූත්ර
170-180. [මහණෙනි, ජරාමරණ තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ජරාමරණයෙහි තතු සේ දැනීම පිණිස ] සත්තක්රියා කට යුතු යි.
10. සති වර්ගය
1. 9. 10. 1-11.
ජරාමරණාදි සූත්ර
181-191. [මහණෙනි, ජරාමරණ තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ජරාමරණයෙහි තතු සේ දැනීම පිණිස ] (චතුස්සත්යපරිග්රාහක) සිහිය කට යුතු යි.
11. සම්පජඤ්ඤ වර්ගය
1. 9. 11. 1-11.
ජරාමරණාදි සූත්ර
192-202. [මහණෙනි, ජරාමරණ තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ජරාමරණයෙහි තතු සේ දැනීම පිණිස ] (චතුස්සත්යපරිග්රාහක) ඥානය කට යුතු යි.1.9.12. 1-11
12. අප්පමාද වර්ගය
1. 9. 12. 1-11.
ජරාමරණාදි සූත්ර
203-213. [මහණෙනි, ජරාමරණ තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ජරාමරණයෙහි තතු සේ දැනීම පිණිස ] (සත්යභාවනායෙහි) අප්රමාදය කට යුතු යි.
අන්තර පෙය්යාල නව වැනි යි.
එහි වර්ග නාමාවලිය:
සත්ථු, සික්ඛා, යෝග, ඡන්ද, උස්සේළහී, අප්පටිවනී, ආතප්ප, විරිය, සාතච්ච, සති, සම්පජඤ්ඤ, අප්පමාද යි (පෙය්යාල වර්ග) දොළසකි යි.
අන්තරපෙය්යාල සුත්රාන්තයෝ නිමියහ.
ඔහු වර්ග දොළසකි. සූත්ර එක්සිය දෙතිසෙක් වේ. අන්තර පෙය්යාලයෙහි යම් සූත්රයෝ වෙද්ද, ඔහු චතුස්සත්ය විභාගයෙන් කියන ලදහ යි.