1. 7. 7.
නළකලාප සූත්රය
67. එක් කලෙක ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවෝත් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරනණුවෝත් බරණැස සමීපයෙහි ඉසිපතන නම් වූ මුවවෙනෙහි වැඩවෙසෙත්. එකල්හි ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරනණුවෝ සවස් වේලෙහි පලසමවතින් නැගී සිටි සේක් ආයුෂ්මත් ශාරිපුත්ර තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් ශාරිපුත්ර තෙරුන් සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කට යුතු කථාව නිමවා එකත්පසෙක වැඩ හුන්හ.
එකත්පසෙක වැඩහුන් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරනණුවෝ ආයුෂ්මත් ශාරිපුත්ර තෙරණුවන්ට මෙය කීහ: “ඇවැත්නි ශාරිපුත්රයෙනි, කිමෙක් ද, ජරාමරණ තමා විසින් කරණ ලද්දේ ද, ජරාමරණ මෙරමා විසින් කරණ ලද්දේ ද, ජරාමරණ තමා විසින් කරණ ලද්දේත් මෙරමා විසින් කරණ ලද්දේත් වේ ද, නොහොත් ජරාමරණ තමා විසිනුත් නො කරණ ලද්දේ මෙරමා විසිනුත් නො කරණ ලද්දේ ආකස්මික වැ - ඉබේ හටගත්තේ දැ” යි.
ඇවැත්නි කොට්ඨිතයෙනි, ජරාමරණ තමා විසින් කරණ ලද්දේ නො වේ. ජරාමරණ මෙරමා විසිනුත් කරණ ලද්දේ නො වේ. ජරාමරණ තමා විසිනුත් කරණ ලද්දේ මෙරමා විසිනුත් කරණ ලද්දේ නො වේ. ජරාමරණ තමා විසිනුත් නො කරණ ලද්දේ මෙරමා විසිනුත් නො කරණ ලද්දේ ඉබේ හටගත්තේත් නො වේ. වැලි දු ජාති ප්රත්යයයෙන් ජරාමරණ වේ යි.
ඇවැත්නි ශාරිපුත්රයෙනි, කිමෙක් ද, ජාතිය තමා විසින් කරණ ලද ද, ජාතිය මෙරමා විසින් කරණ ලද ද, ජාතිය තමා විසින් කරණ ලද්දීත් මෙරමා විසින් කරණ ලද්දීත් වේ ද, නොහොත් ජාතිය තමා විසිනුත් නො කරණ ලද්දී මෙරමා විසිනුත් නො කරණ ලද්දී ඉබේ හටගත්තී දැ යි.
ඇවැත්නි කොට්ඨිතයෙනි, ජාතිය තමා විසින් කරණ ලද්දී නො වේ. ජාතිය මෙරමා විසින් කරණ ලද්දී නො වේ. ජාතිය තමා විසින් කරණ ලද්දීත් මෙරමා විසින් කරණ ලද්දීත් නො වේ. ජාතිය තමා විසිනුත් නො කරණ ලද්දී මෙරමා විසිනුත් නො කරණ ලද්දී ඉබේ හටගත්තී ද නො වේ. වැලි දු භව ප්රත්යයයෙන් ජාතිය වේ යි.
ඇවැත්නි ශාරිපුත්රයෙනි, කිමෙක් ද, භවය තමා විසින් කරණ ලද්දේ ද, භවය මෙරමා විසින් කරණ ලද්දේ ද, භවය තමා විසින් කරණ ලද්දේත් මෙරමා විසින් කරණ ලද්දේත් වේ ද, නොහොත් භවය තමා විසිනුත් නො කරණ ලද්දේ මෙරමා විසිනුත් නො කරණ ලද්දේ ඉබේ හටගත්තේ දැ යි.
ඇවැත්නි කොට්ඨිතයෙනි, භවය තමා විසින් කරණ ලද්දේ නො වේ. භවය මෙරමා විසින් කරණ ලද්දේ නො වේ. භවය තමා විසින් කරණ ලද්දේත් මෙරමා විසින් කරණ ලද්දේත් නො වේ. භවය තමා විසිනුත් නො කරණ ලද්දේ මෙරමා විසිනුත් නො කරණ ලද්දේ ඉබේ හටගත්තේ ද නො වේ. වැලි දු උපාදාන ප්රත්යයයෙන් භවය වේ යි.
ඇවැත්නි ශාරිපුත්රයෙනි, කිමෙක් ද, උපාදාන තමා විසින් කරණ ලද්දේ ද ... තෘෂ්ණාව තමා විසින් කරණ ලද්දී ද ... වේදනාව් තමා විසින් කරණ ලද්දී ද ... ස්පර්ශය තමා විසින් කරණ ලද්දේ ද ... ෂඩායතන තමා විසින් කරණ ලද්දේ ද … නාමරූප තමා විසින් කරණ ලද්දේ ද, නාමරූප මෙරමා විසින් කරණ ලද්දේ ද, නාමරූප තමා විසින් කරණ ලද්දේත් මෙරමා විසින් කරණ ලද්දේත් වේ ද, නොහොත් නාමරූප තමා විසිනුත් නො කරණ ලද්දේ මෙරමා විසිනුත් නො කරණ ලද්දේ ඉබේ හටගත්තේදැ යි.
ඇවැත්නි කොට්ඨිතයෙනි, නාමරූප තමා විසින් කරණ ලද්දේ නො වේ. නාමරූප මෙරමා විසින් කරණ ලද්දේ නො වේ. නාමරූප තමා විසින් කරණ ලද්දේත් මෙරමා විසින් කරණ ලද්දේත් නො වේ. නාමරූප තමා විසිනුත් නො කරණ ලද්දේ මෙරමා විසිනුත් නො කරණ ලද්දේ ඉබේ හටගත්තේත් නො වේ. වැලි දු විඥාන ප්රත්යයයෙන් නාමරූප වේ යි.
ඇවැත්නි ශාරිපුත්රයෙනි, කිමෙක් ද, විඤ්ඤාණය තමා විසින් කරණ ලද්දේ ද, විඤ්ඤාණය මෙරමා විසින් කරණ ලද්දේ ද, විඤ්ඤාණය තමා විසින් කරණ ලද්දේත් මෙරමා විසින් කරණ ලද්දේත් වේ ද, නොහොත් විඤ්ඤාණය තමා විසිනුත් නො කරණ ලද්දේ මෙරමා විසිනුත් නො කරණ ලද්දේ ඉබේ හටගත්තේ දැ යි.
ඇවැත්නි කොට්ඨිතයෙනි, විඤ්ඤාණය තමා විසින් කරණ ලද්දේ නො වේ. විඤ්ඤාණය මෙරමා විසින් කරණ ලද්දේ නො වේ. විඤ්ඤාණය තමා විසින් කරණ ලද්දේත් මෙරමා විසින් කරණ ලද්දේත් නො වේ. විඤ්ඤාණය තමා විසිනුත් නො කරණ ලද්දේ මෙරමා විසිනුත් නො කරණ ලද්දේ ඉබේ හටගත්තේ ද නො වේ. වැලි දු නාමරූප ප්රත්යයයෙන් විඤ්ඤාණය වේ යි.
දැන් වූ කලී අපි ආයුෂ්මත් සැරියුත් තෙරුන්ගේ භාෂිතය මෙසේ දනිමු: “ඇවැත්නි කොට්ඨිතයෙනි, නාමරූප තමා විසින් කරණ ලද්දේ නො වේ. නාමරූප මෙරමා විසින් කරණ ලද්දේ නො වේ. නාමරූප තමා විසින් කරණ ලද්දේත් මෙරමා විසින් කරණ ලද්දේත් නො වේ. නාමරූප තමා විසිනුත් නො කරණ ලද්දේ මෙරමා විසිනුත් නො කරණ ලද්දේ ඉබේ හටගත්තේ ද නො වේ. වැලි දු විඥාන ප්රත්යයයෙන් නාමරූප වේ” යි.
දැන් වූ කලී අපි ආයුෂ්මත් සැරියුත් තෙරුන්ගේ භාෂිතය මෙසේ දනිමු: “ඇවැත්නි කොට්ඨිතයෙනි, විඤ්ඤාණය තමා විසින් කරණ ලද්දේ නො වේ. විඤ්ඤාණය මෙරමා විසින් කරණ ලද්දේ නො වේ. විඤ්ඤාණය තමා විසින් කරණ ලද්දේත් මෙරමා විසින් කරණ ලද්දේත් නො වේ. විඤ්ඤාණය තමා විසිනුත් නො කරණ ලද්දේ මෙරමා විසිනුත් නො කරණ ලද්දේ ඉබේ හටගත්තේත් නො වේ. වැලි දු නාමරූප ප්රත්යයයෙන් විඤ්ඤාණය වේ”යි.
ඇවැත්නි ශාරිපුත්රයෙනි, කෙසේ නම් මේ භාෂිතයේ අර්ත්ථය දත යුතු ද? ඇවැත්නි, එසේ නම් තොපට උපමාවක් කරන්නෙමි. මෙහි ඇතැම් නුවණැති පුරුෂයෝ උපමාවෙන් ද භාෂිතයේ අර්ත්ථය දැන ගණිත්.