1. 6. 1.
පරිවීමංසන සූත්රය
51. මා විසින් මෙසේ අසන ලදී. එක් කලක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වෙසෙන සේක. එහි දී භාග්යවතුන් වහන්සේ මහණෙනි යි භික්ෂූන් ඇමතූ සේක. වහන්සැ යි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
මහණෙනි, මහණ තෙමේ හැම අයුරින් මැනැවින් දුක් දුරු කිරීම පිණිස පිරික්සන්නේ කෙතෙකින් පිරික්සාද? “වහන්ස, අපගේ ධර්මයෝ භාග්යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ. භාග්යවතුන් වහන්සේ නේතෘ කොට ඇත්තාහ. භාග්යවතුන් වහන්ස, මැනැවි, මේ භාෂිතයාගේ අර්ත්ථය භාග්යවතුන් වහන්සේට ම වැටහේවා. භාග්යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූහු දරන්නාහ” යි. ඇත්තාහ භාග්යවතුන් වහන්ස,
“මහණෙනි, එසේ නම් අසවු. මැනැවින් මෙනෙහි කරවු. කියන්නෙමි” යි.
“වහන්ස, එසේය” යි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
මහණෙනි, මෙහි මහණ තෙමේ පිරික්සන්නේ “නන් වැදෑරුම් නන් අයුරු දුක් වූ යම් මේ ජරාමරණ ලෝකයෙහි උපදී ද, මේ දුක කිමෙක් නිදාන කොට ඇත්තේද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කිමෙක් ජාති කොට ඇත්තේ ද, කුමක් පභව කොට ඇත්තේ ද, කුමක් ඇති කල්හි ජරාමරණ වේ ද, කුමක් නැති කල්හි ජරාමරණ නො වේ දැ” යි පිරික්සයි.
හෙතෙමේ පිරික්සන්නේ “නන්වැදෑරුම් නන් අයුරු වූ දුක් වූ යම් මේ ජරාමරණ ලෙව්හි උපදී ද, මේ දුක ජාතිය නිදාන කොට ඇත්තේය. ජාතිය ජාති කොට ඇත්තේ ය. ජාතිය පභව කොට ඇත්තේය. ජාතිය ඇති කල්හි ජරාමරණ වෙයි. ජාතිය නැති කල්හි ජරාමරණ නො වේ” යයි මෙසේ දැන ගණී.
හෙතෙමේ ජරාමරණත් දැන ගණී. ජරාමරණ සමුදයයත් දැන ගණී. ජරාමරණ නිරෝධයත් දැන ගණී. ජරාමරණනිරෝධයට සරුප් ව යනසුලු යම් ප්රතිපදාවක් වේ නම් එය ද දැන ගණී. එසේ පිළිපන්නේ නිවණට අනුකූල වූ පිළිවෙතෙහි හැසිරෙන්නේ ද වෙයි.
මහණෙනි, මේ මහණ තෙමේ හැම අයුරින් මැනවින් දුක් ක්ෂය කිරීම පිණිස ජරාමරණ නිරෝධය පිණිස පිළිපන්නේ වේ යයි කියනු ලැබේ.
යලි මතු ද පිරික්සන්නේ “මේ ජාතිය කුමක් නිදාන කොට ඇත්තේ ද, කිමෙක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් පභව කොට ඇත්තේ ද, කුමක් ඇති කල්හි ජාතිය වේ ද, කුමක් නැති කල්හි ජාතිය නො වේ දැ යි” පිරික්සයි.
හෙතෙම පිරික්සන්නේ “ජාතිය භවය නිදාන කොට ඇත්තේය. භවය සමුදය කොට ඇත්තේ ය. භවය ජාති කොට ඇත්තේ ය. භවය පභව කොට ඇත්තේ ය. භවය ඇති කල්හි ජාතිය වේ. භවය නැති කල්හි ජාතිය නො වේ” ය යි මෙසේ දැන ගණී.
හෙතෙමේ ජාතියත් දැන ගණී. ජාතිසමුදයත් දැන ගණී. ජාතිනිරෝධයත් දැන ගණී. ජාතිනිරෝධයට සරුප් ව යනසුලු යම් ප්රතිපදාවක් වේ නම් එයත් දැන ගණී. එසේ පිළිපන්නේ නිවනට අනුකූල පිළිවෙතෙහි හැසිරෙන්නේ ද වේ.
මහණෙනි, මේ මහණ තෙමේ හැම අයුරින් මැනවින් දුක් ගෙවීම පිණිස ජාතිනිරෝධය පිණිස පිළිපන්නේ වේ යයි කියනු ලැබේ.
යලි මතු ද පිරික්සන්නේ “මේ භවය වනාහි කිමෙක් නිදාන කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කිමෙක් ජාති කොට ඇත්තේ ද, කුමක් පභව කොට ඇත්තේ ද, කුමක් ඇති කල්හි භවය වේ ද, කුමක් නැති කල්හි භවය නො වේ දැ යි” පිරික්සයි.
හෙතෙම පිරික්සන්නේ “භවය උපාදාන නිදාන කොට ඇත්තේ ය. උපාදාන සමුදය කොට ඇත්තේ ය. උපාදාන ජාති කොට ඇත්තේ ය. උපාදාන පභව කොට ඇත්තේ ය. උපාදාන ඇති කල්හි භවය වේ. උපාදාන නැති කල්හි භවය නො වේ” ය යි මෙසේ දැන ගණී.
හෙතෙමේ භවයත් දැන ගණී. භවසමුදයත් දැන ගණී. භවනිරෝධයත් දැන ගණී. භවනිරෝධයට සරුප් ව යනසුලු යම් ප්රතිපදාවක් වේ නම් එයත් දැන ගණී. එසේ පිළිපන්නේ නිවනට අනුකූල පිළිවෙතෙහි පිළිපන්නේ ද වේ.
මහණෙනි, මේ මහණ තෙමේ හැම අයුරින් මැනවින් දුක් ක්ෂය කිරීම පිණිස භවනිරෝධය පිණිස පිළිපන්නේ වේ යයි කියනු ලැබේ.
යලි මතු ද පිරික්සන්නේ “මේ උපාදාන කුමක් නිදාන කොට ඇත්තේ ද ... මේ තෘෂ්ණාව කුමක් නිදාන කොට ඇත්තේ ද ... මේ වේදනාව කුමක් නිදාන කොට ඇත්තේ ද … මේ ස්පර්ශය කුමක් නිදාන කොට ඇත්තේ ද ... මේ ෂඩායතන කුමක් නිදාන කොට ඇත්තේ ද … මේ නාමරූප කුමක් නිදාන කොට ඇත්තේ ද ... මේ විඥානය කුමක් නිදාන කොට ඇත්තේ ද … මේ සංස්කාරයෝ කිමෙක් නිදාන කොට ඇත්තාහු ද, කුමක් සමුදය කොට ඇත්තාහු ද, කිමෙක් ජාති කොට ඇත්තාහු ද, කුමක් පභව කොට ඇත්තාහු ද, කුමක් ඇති කල්හි සංස්කාරයෝ වෙත් ද, කුමක් නැති කල්හි සංස්කාරයෝ නො වෙද්දැ” යි පිරික්සයි. හෙතෙමේ පිරික්සන්නේ සංස්කාරයෝ අවිද්යාව නිදාන කොට ඇතියහ. අවිද්යාව සමුදය කොට ඇතියහ. අවිද්යාව ජාති කොට ඇතියහ. අවිද්යාව පභව කොට ඇතියහ. අවිද්යාව ඇති කල්හි සංස්කාරයෝ වෙත්. අවිද්යාව නැති කල්හි සංස්කාරයෝ නො වෙ ති” යි මෙසේ දැන ගණී. හෙතෙමේ සංස්කාරයනුත් දැන ගණී. සංස්කාරසමුදයත් දැන ගණී. සංස්කාරනිරොධයත් දැන ගණී. සංස්කාරනිරෝධයට සරුප් ව යනසුලු යම් ප්රතිපදාවක් වේ නම් එයත් දැන ගණී. එසේ පිළිපන්නේ නිවනට අනුකූල පිළිවෙතෙහි හැසිරෙන්නේ ද වේ.
මහණෙනි, මේ මහණ තෙමේ හැම ලෙසින් මැනවින් දුක් ගෙවීම පිණිස සඞ්ඛාරනිරෝධය පිණිස පිළිපන්නේ වේ යයි කියනු ලැබේ.