1. 5. 3.
දුක්ඛ සූත්රය
43. සැවැත්නුවර–
මහණෙනි, දුක් හටගැන්ම ද නැතිවීම ද දේශනා කරන්නෙමි. එය අසවු.
මහණෙනි, දුක් හටගැන්ම කවරේ ද යත්: ඇසත් රූපත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී. මේ දහම් තුණේ එක්වීම ස්පර්ශය යි. ස්පර්ශප්රත්යයෙන් වේදනාව වේ. වේදනාප්රත්යයෙන් තෘෂ්ණාව වේ. මහණෙනි, මේ දුක් හටගැන්මයි.
කණත් ශබ්දත් නිසා ... නැහැයත් ගඳත් නිසා ... දිවත් රසත් නිසා ... කයත් ස්ප්රෂ්ටව්යත් නිසා ... සිතත් දහමුත් නිසා මනෝවිඤ්ඤාණය උපදී. ඒ දහම් තුණේ එක්වීම ස්පර්ශ ය යි. ස්පර්ශප්රත්යයයෙන් වේදනාව වේ වේදනාප්රත්යයයෙන් තෘෂ්ණාව වේ. මහණෙනි, මේ දුක් හටගැණීම යි.
මහණෙනි, දුක් නැතිවීම කවරේ ද යත්: ඇසත් රූපත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී. ඒ දහම් තුණේ එක්වීම ස්පර්ශ ය යි. ස්පර්ශප්රත්යය යෙන් වේදනාව වේ. වේදනාප්රත්යයයෙන් තෘෂ්ණාව වේ. ඒ තෘෂ්ණාවේ ම නිරවශේෂ විරාගනිරෝධයෙන් උපාදානනිරෝධය වේ. උපාදානනිරෝධයෙන් භවනිරෝධය වේ. භවනිරෝධයෙන් ජාතිනිරෝධය වේ. ජාතිනිරෝධයෙන් ජරාමරණ සෝකපරිදේව දුක්ඛදොමනස්ස උපායාසයෝ නිරුද්ධ වෙත්. මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ. මහණෙනි, මේ දුක් නැතිවීම යි.
කණත් ශබ්දත් නිසා සෝතවිඤ්ඤාණය උපදී ... නැහැයත් ගඳත් නිසා ඝාණවිඤ්ඤාණය උපදී ... දිවත් රසත් නිසා ... කයත් ස්ප්රෂ්ටව්යයත් නිසා ... සිතත් දහමුත් නිසා මනෝවිඤ්ඤාණය උපදී. ඒ දහම් තුණේ එක්වීම ස්පර්ශ ය යි. ස්පර්ශප්රත්යයයෙන් වේදනාව වේ වේදනාප්රත්යයෙන් තෘෂ්ණාව වේ. ඒ තෘෂ්ණාවේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් උපාදානනිරෝධය වේ. උපාදානනිරෝධයෙන් භවනිරෝධය වේ. භවනිරෝධයෙන් ජාතිනිරොධය වේ. ජාතිනිරෝධයෙන් ජරාමරණ සෝකපරිදේව දුක්ඛදොමනස්ස උපායාසයෝ නිරුද්ධ වෙත්. මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ. මහණෙනි, මේ දුක් නැතිවීම යි.
1. 5. 4.
ලෝක සූත්රය
44. සැවැත්නුවර–
මහණෙනි, ලෝකයේ (පඤ්චස්කන්ධයේ) හටගැණීමත් නැතිවීමත් දේශනා කරන්නෙමි එය අසවු.
මහණෙනි, පඤ්චස්කන්ධ ලෝකයේ හටගැණීම කවරේ ද යත්: ඇසත් රූපත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී. ඒ තුණේ එක්වීම ස්පර්ශ ය යි. ස්පර්ශප්රත්යයයෙන් වේදනාව වේ. වේදනාප්රත්යයයෙන් තෘෂ්ණාව වේ. තෘෂ්ණාප්රත්යයයෙන් උපාදාන වේ. උපාදාන ප්රත්යයයෙන් භවය වේ. භවප්රත්යයයෙන් ජාතිය වේ. ජාතිප්රත්යයයෙන් ජරාමරණ සෝක පරිදේව දුක්ඛදොමනස්ස උපායාසයෝ හටගණිත්. මහණෙනි, මේ ලෝකයේ හට ගැණීම යි.
කණත් ශබ්දත් නිසා නැහැයත් ගඳත් නිසා ... දිවත් රසත් නිසා ... කයත් ස්ප්රෂ්ටව්යත් නිසා ... සිතත් දහමුත් නිසා මනෝවිඤ්ඤාණය උපදී ඒ තුණේ එක්වීම ස්පර්ශ යයි. ස්පර්ශප්රත්යයයෙන් වේදනාව වේ. වේදනාප්රත්යයයෙන් තෘෂ්ණාව වේ ... ජාතිප්රත්යයයෙන් ජරාමරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ හටගණිත්. මහණෙනි, මේ ලෝකයේ හටගැණීම යි.
මහණෙනි, ලෝකයේ නැතිවීම කවරේ ද යත්: ඇසත් රූපත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී. ඒ තුණේ එක්වීම ස්පර්ශ යයි. ස්පර්ශප්රත්යයයෙන් වේදනාව වේ. වේදනා ප්රත්යයයෙන් තෘෂ්ණාව වේ. ඒ තෘෂ්ණාවේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් උපාදානනිරෝධය වේ. උපාදානනිරෝධයෙන් භවනිරෝධය වේ . ... මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ. මහණෙනි මේ ලෝකයේ නැතිවීම ය.
කණත් ශබ්දත් නිසා ... නැහැයත් ගඳත් නිසා ... දිවත් රසත් නිසා ... කයත් සප්රෂ්ටව්යත් නිසා ... සිතත් දහමුත් නිසා මනෝවිඤ්ඤාණය උපදී. ඒ තුණේ එක්වීම ස්පර්ශ ය යි. ස්පර්ශප්රත්යයයෙන් වේදනාව වේ. වේදනා ප්රත්යයයෙන් තෘෂ්ණාව වේ ඒ තෘෂ්ණාවේ ම නිරවශේෂ විරාගනිරෝධයෙන් උපාදානනිරෝධය වේ. උපාදානනිරෝධයෙන් භවනිරෝධය වේ. ... මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ. මහණෙනි, මේ ලෝකයේ නැතිවීම යි.
1. 5. 5.
ඤාතික සූත්රය
45. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්යවතුන් වහන්සේ ඤාතික ගම්හි ගැඩොලින් කළ පහයෙහි වසන සේක.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ එකලාව විවේකී ව වැඩහුන් සේක මේ දහම් ක්රමය වදාළ සේක: