1. 5. 4.
ලෝක සූත්‍රය
44. සැවැත්නුවර–
මහණෙනි, ලෝකයේ (පඤ්චස්කන්‍ධයේ) හටගැණීමත් නැතිවීමත් දේශනා කරන්නෙමි එය අසවු.
මහණෙනි, පඤ්චස්කන්‍ධ ලෝකයේ හටගැණීම කවරේ ද යත්: ඇසත් රූපත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී. ඒ තුණේ එක්වීම ස්පර්‍ශ ය යි. ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේදනාව වේ. වේදනාප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ. තෘෂ්ණාප්‍රත්‍යයයෙන් උපාදාන වේ. උපාදාන ප්‍රත්‍යයයෙන් භවය වේ. භවප්‍රත්‍යයයෙන් ජාතිය වේ. ජාතිප්‍රත්‍යයයෙන් ජරාමරණ සෝක පරිදේව දුක්ඛදොමනස්ස උපායාසයෝ හටගණිත්. මහණෙනි, මේ ලෝකයේ හට ගැණීම යි.
කණත් ශබ්දත් නිසා නැහැයත් ගඳත් නිසා ... දිවත් රසත් නිසා ... කයත් ස්ප්‍රෂ්ටව්‍යත් නිසා ... සිතත් දහමුත් නිසා මනෝවිඤ්ඤාණය උපදී ඒ තුණේ එක්වීම ස්පර්‍ශ යයි. ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේදනාව වේ. වේදනාප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ ... ජාතිප්‍රත්‍යයයෙන් ජරාමරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ හටගණිත්. මහණෙනි, මේ ලෝකයේ හටගැණීම යි.
මහණෙනි, ලෝකයේ නැතිවීම කවරේ ද යත්: ඇසත් රූපත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී. ඒ තුණේ එක්වීම ස්පර්‍ශ යයි. ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේදනාව වේ. වේදනා ප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ. ඒ තෘෂ්ණාවේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් උපාදානනිරෝධය වේ. උපාදානනිරෝධයෙන් භවනිරෝධය වේ . ... මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ. මහණෙනි මේ ලෝකයේ නැතිවීම ය.
කණත් ශබ්දත් නිසා ... නැහැයත් ගඳත් නිසා ... දිවත් රසත් නිසා ... කයත් සප්‍රෂ්ටව්‍යත් නිසා ... සිතත් දහමුත් නිසා මනෝවිඤ්ඤාණය උපදී. ඒ තුණේ එක්වීම ස්පර්‍ශ ය යි. ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේදනාව වේ. වේදනා ප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ ඒ තෘෂ්ණාවේ ම නිරවශේෂ විරාගනිරෝධයෙන් උපාදානනිරෝධය වේ. උපාදානනිරෝධයෙන් භවනිරෝධය වේ. ... මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ. මහණෙනි, මේ ලෝකයේ නැතිවීම යි.
1. 5. 5.
ඤාතික සූත්‍රය
45. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ඤාතික ගම්හි ගැඩොලින් කළ පහයෙහි වසන සේක.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එකලාව විවේකී ව වැඩහුන් සේක මේ දහම් ක්‍රමය වදාළ සේක:
ඇසත් රූපත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී. ඒ තුණේ එක්වීම ස්පර්‍ශ ය යි. ස්පර්‍ශ ප්‍රත්‍යයයෙන් වේදනාව වේ. වේදනා ප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ. තෘෂ්ණාප්‍රත්‍යයයෙන් උපාදාන වේ. ... මෙසේ මේ හුදු දුක්රැසේ හට ගැණීම වේ.
කණත් ශබ්දත් නිසා ... නැහැයත් ගඳත් නාසා ... දිවත් රසත් නිසා ... කයත් ස්ප්‍රෂ්ටව්‍යත් නිසා ... සිතත් දහමුත් නිසා මනෝවිඤ්ඤාණය උපදී. ඒ තුණ එක් වීම ස්පර්‍ශය යි. ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වේ. වේදනා ප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වේ. තෘෂ්ණා ප්‍රත්‍යයෙන් උපාදාන වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ ට ගැණීම වේ.
ඇසත් රූපත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී. ඒ තුණ එක්වීම ස්පර්‍ශය යි. ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වේ. වේදනා ප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ. ඒ තෘෂ්ණාවේ ම නිරවශේෂ විරාග නිරෝධයෙන් උපාදානනිරෝධය වේ. උපාදාන නිරෝධයෙන් භවනිරෝධය වේ. ... මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ.
කණත් ශබ්දත් නිසා ... නැහැයත් ගඳත් නිසා ... දිවත් රසත් නිසා ... කයත් ස්ප්‍රෂ්ටව්‍යත් නිසා ... සිතත් දහමුත් නිසා මනෝවිඤ්ඤාණය උපදී. ඒ තුණ එක්වීම ස්පර්‍ශය යි. ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේදනාව වේ. වේදනා ප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ. ඒ තෘෂ්ණාවේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් උපාදාන නිරෝධය වේ. උපාදානනිරෝධයෙන් භව නිරෝධය වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ යි (වදාළ සේක.)
එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේගේ උපශ්‍රැතියෙහි (=දේශනාව ඇසෙන තන්හි) සිටියේ වෙයි. භාග්‍යවතුන් වහන්සේ උපශ්‍රැතියෙහි සිටි ඒ මහණ දුටුසේක. දැක ඒ මහණහට මෙය වදාළ සේක: මහණ, තෙපි මේ ධර්‍මක්‍රමය ඇසුවහු ද? වහන්ස, එසේ ය. මහණ, තෙපි මේ ධර්‍මක්‍රමය උගණිවු. මහණ, තෙපි මේ ධර්‍මචක්‍රමය පිරිවහවු. මහණ තෙපි මෙ ධර්‍මක්‍රමය දරවු. මහණ, මේ ධර්‍මක්‍රමය අර්‍ත්‍ථ සහිතය, මගබඹසරට මුල් වූයේ ය.
1. 5. 6.
අඤ්ඤතරබ්‍රාහ්මණ සූත්‍රය
46. සැවැත්නුවර–
ඉක්බිති එක්තරා බමුණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූයේ ය. සතුටු වියයුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ඒ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය:
භවත් ගෞතමයෙනි, කිමෙක් ද, හෙ තෙමේ කෙරේ ද, හෙ තෙමේ විඳී ද? බමුණ,“හෙ තෙමේ කෙරෙයි. හෙ තෙමේ විඳී” යනු මේ එක් අන්තයෙකි. (=කෙළවරෙකි.)
භවත් ගෞතමයෙනි, කිමෙක් ද අනෙකෙක් කෙරේ ද, අනෙකෙක් විඳී ද? බමුණ, “අනෙකෙක් කෙරෙයි. අනෙකෙක් විඳී” යනු දෙවන අන්ත යයි.