1. 3. 9.
සමණබ්‍රාහ්මණ සූත්‍රය
29. සැවැත්නුවර–
එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූ සේක. වහන්සැ’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ජරාමරණ නො දනිත් ද, ජරාමරණ සමුදය නො දනිත් ද, ජරාමරණ නිරෝධය නො දත් ද, ජරාමරණ නිරොධගාමිනී ප්‍රතිපදාව නො දනිත් ද, ජාතිය නො දනිත් ද ... භවය නො දනිත් ද ... උපාදාන නො දනිත් ද ... තෘෂ්ණාව ... වේදනාව ... ස්පර්‍ශය ... ෂඩායතන ... නාමරූප ... විඥානය ... සංස්කාර නො දනිත් ද, සංස්කාර සමුදය නො දනිත් ද, සංස්කාර නිරෝධය නො දනිත් ද, සංස්කාර නිරොධගාමිනී ප්‍රතිපදාව නො දනිත් ද, මහණෙනි, මේ මහණෝ හෝ බමුණෝ හෝ මහණුන් අතර හෝ මහණෝ ය යි හෝ සම්මත නො වෙති, බමුණන් අතර බමුණෝ ය යි හෝ සම්මත නො වෙති. මේ ආයුෂ්මත්හු ශ්‍රමණත්‍වය පිළිබඳ අර්‍ත්‍ථය හෝ බ්‍රාහ්මණත්‍වය පිළිබඳ අර්‍ත්‍ථය හෝ මෙලොව්හි දී ම තෙමේ ම විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට එළඹ නො ද වෙසෙත්.
මහණෙනි, යම්කිසි ශ්‍රමණ කෙනෙක් හො බමුණු කෙනෙක් හෝ ජරාමරණ දනිත් ද, ජරාමරණ සමුදය දනිත් ද, ජරාමරණ නිරෝධය දනිත් ද, ජරාමරණ නිරොධගාමිනී ප්‍රතිපදාව දනිත් ද, ජාතිය දනිත් ද, භවය ... උපාදාන ... තණ්හාව ... වේදනාව ... ඵස්සය ... සළායතනය ... නාමරූප ... විඤ්ඤාණය ... සඞ්ඛාර දනිත් ද, සඞ්ඛාර සමුදය දනිත් ද; මහණෙනි, ඒ මේ මහණෝ ද බමුණෝ ද ශ්‍රමණයන් කෙරෙහිත් ශ්‍රමණ ය යි සම්මතය හ. බ්‍රාහ්මණයන් කෙරෙහිත් බ්‍රාහ්මණ ය යි සම්මත ය හ. ඒ ආයුෂ්මත්හු වනාහි ශ්‍රමණත්‍වය පිළිබඳ අර්‍තවයත් බ්‍රාහ්මණත්‍වය පිළිබඳ අර්‍තවයත් මෙලෙව්හි දී ම විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට එළඹ වෙසෙති යි.
1. 3. 10.
දුතිය සමණබ්‍රාහ්මණ සූත්‍රය
30. සැවැත්නුවර–
එහි දි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූ සේක. ‘වහන්සැ’ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ජරාමරණ නො දනිත් ද, ජරාමරණ සමුදය නො දනිත් ද, ජරාමරණනිරෝධය නොදනිත් ද, ජරාමරණ නිරෝධගාමිනී ප්‍රතිපදාව නො දනිත් ද; ඔහු ඒකාන්තයෙන් ජරාමරණ ඉක්ම සිටින්නාහු ය යන මේ කාරණය විද්‍යමාන නො වේ.
(මහණෙනි, යම් කිසි ශ්‍රමණ කෙනෙක් හො බමුණු කෙනෙක් හෝ) ජාතිය නො දනිත් ද .... භවය ... උපාදාන .... තණ්හාව ... වේදනාව ... ඵස්සය ... සළායතන ... නාමරූප ... විඤ්ඤාණය ... සඞ්ඛාර නො දනිත් ද, සඞ්ඛාරසමුදය නො දනිත් ද, සඞ්ඛාරනිරෝධය නො දනිත් ද, සඞ්ඛාරා නිරෝධගාමිනීප්‍රතිපදාව නො දනිත් ද, ඔහු ඒකාන්තයෙන් සංස්කාරයන් ඉක්ම සිටින්නාහු ය යන මේ කාරණය විද්‍යමාන නො වේ.
මහණෙනි, යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ජරා මරණ දනිත් ද, ජරාමරණ සමුදය දනිත් ද, ජරාමරණ නිරෝධය දනිත් ද, ජරාමරණ නිරොධගාමිනී ප්‍රතිපදාව දනිත් ද, ඔහු ඒකාන්තයෙන් ජරාමරණ ඉක්ම සිටින්නාහු ය යන මේ කාරණය විද්‍යමාන වේ.
(මහණෙනි, යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ) ජාතිය දනිත් ද ... භවය ... උපාදාන ... තණ්හාව ... වේදනාව ... ඵස්සය ... සළායතන ... නාමරූප .... විඤ්ඤාණය ... සඞ්ඛාර දනිත් ද, සඞ්ඛාර සමුදය දනිත් ද, සඞ්ඛාර නිරෝධය දනිත් ද, සඞ්ඛාරනිරෝධගාමිනීප්‍රතිපදාව දනිත් ද; ඔහු ඒකාන්තයෙන් සංස්කාරයන් ඉක්ම සිටින්නාහු ය යන මේ කාරණය විද්‍යමාන වෙයි.
දශබලවර්‍ගය තෙවැනි යි.
එහි උද්දානය:
දසබල සූත්‍ර දෙක ය, උපනිස, අඤ්ඤතිත්‍ථිය, භූමිජ, උපවාණ, පච්චය, භික්ඛු සූත්‍ර ද, සමණ බ්‍රාහ්මණ සූත්‍ර දෙකදැ යි සූත්‍ර දශයෙකි.