1. 3. 3.
උපනිස සූත්රය
23 සැවැත්නුවර–
මහණෙනි, මම දන්නහුට දක්නහුට ආස්රවක්ෂය කියමි. නො දන්නහුට නො දක්නහුට නො වේ. මහණෙනි, කුමක් දන්නහුට කුමක් දක්නහුට ආස්රවක්ෂය වේ ද? “මේ රූපය. රූපයේ හටගැන්ම මෙසේ ය. රූපයේ නිරෝධය මෙසේ ය. මේ වේදනා ය. ... මේ සංඥාය. ... මේ සංස්කාර ය. ... මේ විඥානය ය. විඥානයේ හටගැන්ම මෙසේ ය. විඥානයේ නිරෝධය මෙසේ ය”යි මහණෙනි මෙ සේ දන්නහුට මෙසේ දක්නහුට ආස්රවක්ෂය වේ.
මහණෙනි, ආස්රවක්ෂය වූ කල්හි අර්හත්ඵලසඞ්ඛ්යාත ක්ෂයයෙහි යම් ඒ ප්රත්යවේක්ෂාඥානයෙක් වන්නේ ද, එය ද ප්රත්යය සහිත ය යි කියමි. ප්රත්යය රහිත ය යි නො කියමි. මහණෙනි, ක්ෂයඥානයෙහි ප්රත්යය කුමක් ද? (අර්හත්ඵල) විමුක්තිය යි කිය යුතු වන්නේ ය. මහණෙනි, මම විමුක්තිය ද ප්රත්යය සහිත ය යි කියමි. ප්රත්යය රහිත ය යි නොකියමි. මහණෙනි, විමුක්තියට ප්රත්යය කුමක් ද? විරාගය (මාර්ගය) යි කිය යුතු වන්නේ ය. මහණෙනි, මම විරාගය ද ප්රත්යය සහිත ය යි කියමි. ප්රත්යය රහිත ය යි නො කියමි. මහණෙනි, විරාගයට ප්රත්යය කුමක් ද? නිර්වේදය යි කිය යුතු වන්නේ ය. මහණෙනි, නිර්වේදය ද ප්රත්යය සහිත යයි මම කියමි. ප්රත්යය රහිත ය යි නො කියමි. මහණෙනි, නිර්වේදයට ප්රත්යය කුමක් ද? යථාභූතඥානදර්ශනය යි කිය යුතු වන්නේ ය.
මහණෙනි, යථාභූතඥානදර්ශනය ද ප්රත්යය සහිත ය යි මම කියමි. ප්රත්යය රහිත ය යි නො කියමි. මහණෙනි, යථාභූතඥානදර්ශනයට ප්රත්යය කුමක් ද? සමාධිය යි කිය යුතු වන්නේ ය. මහණෙනි, මම සමාධිය ද ප්රත්යය සහිත ය යි කියමි. ප්රත්යය රහිත ය යි නො කියමි. මහණෙනි, සමාධියට ප්රත්යය කුමක් ද? සුඛය යි කිය යුතු වන්නේ ය. මහණෙනි, මම සුඛය ද ප්රත්යය සහිත යයි කියමි. ප්රත්යය රහිත ය යි නො කියමි. මහණෙනි, සුඛයට ප්රත්යය කුමක් ද? පස්සද්ධි ය යි කියයුතු වන්නේ ය. මහණෙනි, මම පස්සද්ධිය ද ප්රත්යය සහිත ය යි කියමි. ප්රත්යය රහිත ය යි නො කියමි. මහණෙනි, පස්සද්ධියට ප්රත්යය කුමක්ද? ප්රීතිය යි කිය යුතු වන්නේ ය. මහණෙනි, මම ප්රීතිය ද ප්රත්යය සහිත ය යි කියමි. ප්රත්යය රහිත ය යි නො කියමි. මහණෙනි, ප්රීතියට ප්රත්යය කුමක් ද? ප්රාමෝද්යය යි කිය යුතු වන්නේ ය. මහණෙනි, මම ප්රාමෝද්යය ද ප්රත්යය සහිත ය යි කියමි. ප්රත්යය රහිත ය යි නො කියමි.
මහණෙනි, ප්රාමෝද්යයට ප්රත්යය කුමක් ද? ශ්රද්ධාව යි කිය යුතු වන්නේ ය. මහණෙනි, මම ශ්රද්ධාව ද ප්රත්යය සහිත ය යි කියමි. ප්රත්යය රහිත ය යි නො කියමි. මහණෙනි, ශ්රද්ධාවට ප්රත්යය කුමක් ද? දුඃඛය යි කිය යුතු වන්නේ ය. මහණෙනි, මම දුඃඛය ද ප්රත්යය සහිත ය යි කියමි. ප්රත්යය රහිත ය යි නො කියමි මහණෙනි, දුඃඛයට ප්රත්යය කුමක් ද? ජාතිය යි කියයුතු වන්නේ ය. මහණෙනි, මම ජාතිය ද ප්රත්යය සහිත යයි කියමි. ප්රත්යය රහිත ය යි නො කියමි. මහණෙනි, ජාතියට ප්රත්යය කුමක් ද? භවය යි කිය යුතු වන්නේය. මහණෙනි, මම භවය ද ප්රත්යය සහිත ය යි කියමි. ප්රත්යය රහිත ය යි නො කියමි. මහණෙනි, භවයට ප්රත්යය කුමක් ද? උපාදානය යි කිය යුතු වන්නේ ය. මහණෙනි, මම උපාදානය ද ප්රත්යය සහිත ය යි කියමි. ප්රත්යය රහිත ය යි නො කියමි. මහණෙනි, උපාදානයට ප්රත්යය කුමක් ද? තෘෂ්ණාව යි කිය යුතු වන්නේ ය. මහණෙනි, මම තෘෂ්ණාව ද ප්රත්යය සහිත ය යි කියමි. ප්රත්යය රහිත ය යි නො කියමි. මහණෙනි, තෘෂ්ණාවට ප්රත්යය කුමක් ද? වේදනාව යි කිය යුතු වන්නේ ය. මහණෙනි, මම වේදනාව ද ප්රත්යය සහිත ය යි කියමි. ප්රත්යය රහිත ය යි නො කියමි. මහණෙනි, වේදනාවට ප්රත්යය කුමක් ද? ස්පර්ශය යි කිය යුතු වන්නේ ය. මහණෙනි, මම ස්පර්ශය ද ප්රත්යය සහිත ය යි කියමි. ප්රත්යය රහිත ය යි නො කියමි.