1. 3. 4.
අඤ්ඤතිත්ථිය සූත්රය
24. රජගහනුවර –
ඉක්බිති ආයුෂ්මත් ශාරිපුත්ර ස්ථවිරයන් වහන්සේ පෙරවරු හැඳ පෙරව පා සිවුරැ ගෙණ රජගහනුවරට පිඬු පිණිස පිවිසි සේක. එකල්හි ආයුෂ්මත් ශාරිපුත්ර ස්ථවිරයන් වහන්සේට, “රජගහ නුවර පිඬු පිණිස හැසිරීමට ඉතා අලුයම මම අන්තොටු පිරිවැජ්ජන්ගේ අරම කරා එළඹෙන්නෙම් නම් ඉතා යෙහෙකැ”යි මේ අදහස පහළ විය. ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේ අන්තොටු පිරිවැජ්ජන්ගේ අරම කරා එළැඹියහ. එළැඹ ඒ අන්තොටු පිරිවැජ්ජන් සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන්නා වූ ආයුෂ්මත් ශාරිපුත්ර ස්ථවිරයන් වහන්සේට ඒ අන්තොටු පිරිවැජ්ජෝ මෙය කීවාහු ය:
ඇවැත්නි ශාරීපුත්රයෙනි, කර්මවාදී වූ ඇතැම් මහණබමුණෝ ඇත්තාහ. ඔහු දුක තමා විසින් කරණ ලද්දේ ය යි පණවත්. ඇවැත්නි, ශාරීපුත්රයෙනි, කර්මවාදී වූ ඇතැම් මහණ බමුණෝ ඇත්තාහ. ඔහු දුක මෙරමා විසින් කරණ ලද්දේ ය යි පණවත්. ඇවැත්නි ශාරීපුත්රයෙනි, කර්මවාදී වූ ඇතැම් මහණ බමුණෝ ඇත්තාහ. ඔහු දුක තමා විසිනුත් මෙරමා විසිනුත් කරණ ලදැ යි පණවත්. ඇවැත්නි ශාරීපුත්රයෙනි. කර්මවාදී වූ ඇතැම් මහණ බමුණෝ ඇත්තාහ. ඔහු දුක තමා විසිනුත් මෙරමා විසිනුත් නො කරණ ලද්දේ ආකස්මිකව (ඉබේ) හට ගත්තේ ය යි පණවත්. ඇවැත්නි ශාරීපුත්රයෙනි, මෙහි ලා මහණ ගොයුම් තෙමේ කිනම් වාද ඇත්තේ ද, කුමක් කියන සුලු වූයේ ද, කෙසේ විසඳන්නා වූ අපි මහණ ගොයුම්හු විසින් කියන ලද්දක් කියන්නමෝ ද? මහණ ගොයුම්හට බොරුවෙන් නො ම අබිබවා කියන්නමෝ ද? දහමට ද අනුදහමක් පවසන්නමෝ ද? කරුණු සහිත කිසියම් වාදානුපාතයෙක් ගැරහිය යුතු තැනට නොම පැමිණෙන්නේ ද’යි.
ඇවැත්නි, දුක ප්රත්යයයෙන් හට ගත්තෙකැ යි භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. කුමක් ප්රත්යය කොට ද? ස්පර්ශය ප්රත්යය කොට ය. මෙසේ කියන්නේ භාග්යවතුන් වහන්සේ විසින් කියන ලද්දක් කියන්නේ වන්නේ ය. භාග්යවතුන් වහන්සේට බොරුවෙන් නො ද අබිබවා කියන්නේ ය. දහමට ද අනුදහමක් පවසන්නේ ය. කරුණු සහිත කිසියම් වාදානුපාතයෙක් ගැරහිය යුතු තැනට නො ද පැමිණෙන්නේ ය.
ඇවැත්නි, කර්මවාදී වූ යම් ඒ මහණ බමුණු කෙනෙක් දුක තමා විසින් කරණ ලද්දේ ය යි පණවත් ද, එ ද ස්පර්ශප්රත්යයෙනි. කර්මවාදී වූ යම් ඒ මහණ බමුණු කෙනෙකුත් දුක මෙරමා විසින් කරණ ලදැ යි පණවද් ද, එ ද ස්පර්ශප්රත්යයෙනි. කර්මවාදී වූ යම් ඒ මහණ බමුණු කෙනෙකුත් දුක තමා විසිනුදු මෙරමා විසිනුදු කරණ ලදැ යි පණවත් ද, එ ද ස්පර්ශප්රත්යයෙනි. කර්මවාදී වූ යම් ඒ මහණ බමුණු කෙනෙකුත් දුක තමා විසිනුත් මෙරමා විසිනුත් නො කරණ ලද්දේ ආකස්මිකව හටගත්තේ ය යි පණවද් ද, එ ද ස්පර්ශප්රත්යයෙනි.
ඇවැත්නි, එහි කර්මවාදී වූ යම් ඒ මහණ බමුණු කෙනෙක් දුක තමා විසින් කරණ ලද්දේ ය යි පණවද් ද, ඔහු ඒකාන්තයෙන් ස්පර්ශයෙන් වෙන් ව (දුක්වේදනා) විඳින්නාහු ය යන මේ කාරණය විද්යමාන නො වේ. කර්මවාදී වූ යම් ඒ මහණ බමුණු කෙනෙක් දුක මෙරමා විසින් කරණ ලදැ යි පණවත් ද, ඔහු ඒකාන්තයෙන් ස්පර්ශයෙන් වෙන් ව විඳින්නාහු ය යන මේ කාරණය විද්යමාන නො වේ කර්මවාදී වූ යම් ඒ මහණ බමුණු කෙනෙක් දුක තමා විසිනුත් මෙරමා විසිනුත් කරණ ලදැ යි පණවත් ද, ඔහු ඒකාන්තයෙන් ස්පර්ශයෙන් වෙන් ව විඳින්නාහු ය යන මේ කාරණය විද්යමාන නො වේ. කර්මවාදී වූ යම් ඒ මහණ බමුණු කෙනෙකුත් දුක තමා විසිනුදු මෙරමා විසිනුදු නො කරණ ලද්දේ ඉබේ හට ගත්තේ යයි පණවත් ද, ඔහු ඒකාන්තයෙන් ස්පර්ශයෙන් වෙන් ව විඳින්නාහු ය යන මේ කාරණය විද්යමාන නොවේ.
ආයුෂ්මත් ආනන්දස්ථවිර තෙම් ඒ අන්තොටු පිරිවැජ්ජන් සමග ආයුෂ්මත් ශාරීපුත්රස්ථවිරයන් වහන්සේගේ මේ කථාසල්ලාපය ඇසුයේ ම ය. ඉක්බිති ආයුෂ්මත් ආනන්දස්ථවිර තෙමේ රජගහනුවර පිඬු පිණිස හැසිරැ පසුබත පිණ්ඩපාතයෙන් වැළකුනේ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්දස්ථවිර තෙමේ ඒ අන්තොටු පිරිවැජ්ජන් සමග ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේගේ යම් පමණ කථාසල්ලාපයෙක් වී ද, ඒ සියල්ල භාග්යවතුන් වහන්සේට සැළ කෙළේය.
ආනන්ද, මැනවි. මැනවි. ශාරීපුත්ර තෙමේ ම පවසන්නේ මොනොවට පවසන්නේ ය. ආනන්ද, දුක ප්රත්යයෙන් හට ගත්තේ ය යි මා විසින් කියන ලදි. කුමක් ප්රත්යය කොට ද? ස්පර්ශය ප්රත්යය කොට ය. මෙසේ කියන්නේ මා විසින් කියන ලද්දක් කියන්නේ වන්නේ ය. මා බොරුවෙන් නො ම අබිබවා කියන්නේ ය. දහමට ද අනුදහමක් පවසන්නේ ය. කරුණු සහිත කිසියම් වාදානුපාතයෙක් ගැරහිය යුතු තැනට නොද පැමිණෙන්නේ ය.
ආනන්ද, එහි කර්මවාදී වූ යම් ඒ මහණ බමුණු කෙනෙක් දුක තමා විසින් කරණ ලද්දේ යයි පණවද් ද, එ ද ස්පර්ශ ප්රත්යයයෙනි. යම් ඒ ... යම් ඒ ... යම් ඒ කර්මවාදී වූ මහණ බමුණු කෙනෙකුත් දුක තමා විසිනුදු මෙරමා විසිනුදු නො කරණ ලද්දේ ඉබේ හට ගත්තේ ය යි පණවද් ද, එ ද ස්පර්ශප්රත්යයයෙනි.
ආනන්ද, එහි කර්මවාදී වූ යම් මහණ බමුණු කෙනෙකුත් දුක තමා විසින් කරණ ලද්දේ ය යි පවසද් ද, ඔහු ඒකාන්තයෙන් ස්පර්ශයෙන් වෙන් ව විඳින්නාහු ය යන මේ කාරණය විද්යමාන නොවේ. යම් ඒ ... යම් ඒ ... යම් ඒ කර්මවාදී වූ මහණ බමුණු කෙනෙකුත් දුක තමා විසිනු දු මෙරමා විසිනු දු නො කරණ ලද්දේ ඉබේ හට ගත්තේ ය යි පණවත් ද, ඔහු ඒකාන්තයෙන් ස්පර්ශයෙන් වෙන් ව විඳින්නාහු ය යන මේ කාරණය විද්යමාන නො වේ.
ආනන්ද, එක්කලෙක මම මේ රජගහනුවර ම කලන්දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වෙසෙමි. ආනන්ද එකල්හි මම පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙණ රජගහනුවරට පිඬු පිණිස පිවිසියෙමි. ආනන්ද, ඒ මට රජගහනුවර පිඬු පිණිස හැසිරීමට කල් වැඩි ය, මම අන්තොටු පිරිවැජ්ජන්ගේ අරම කරා එළඹෙන්නෙම් නම් යෙහෙකැ”යි මේ අදහස වී ය. ආනන්ද, එකල්හි මම අන්තොටු පිරිවැජ්ජන්ගේ අරම වෙත එළඹියෙමි. එළඹ ඒ අන්තොටු පිරිවැජ්ජන් සමග සතුටු වීමි. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පසෙක හිඳගත්තෙමි. ආනන්ද, එකත්පසෙක හිඳ ගත් මට ඒ අන්තොටු පිරිවැජ්ජෝ මෙය කීහ: