1. 2. 3.
සමණබ්‍රාහ්මණ සූත්‍රය
13. සැවැත්නුවර–
මහණෙනි, යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ජරාමරණ නො දනිත් ද, ඔහු තුමූ ජරාමරණ සමුදය නො දනිත්. ජරාමරණනිරෝධය නො දනිත්. ජරාමරණනිරෝධගාමිනීප්‍රතිපදාව නො දනිත්. ජාතිය ... භවය - උපාදානය - තණ්හාව - වේදනාව - ඵස්සය - සළායතන - නාමරූප - විඤ්ඤාණය - සඞ්ඛාර නො දනිද් ද, ඔහු සඞ්ඛාරසමුදය නො දනිත්. සඞ්ඛාරනිරෝධය නො දනිත්. සඞ්ඛාරනිරෝධගාමිනීපටිපදාව නො දනිත්. මහණෙනි, ඒ මේ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණසම්මත වූවෝත් බ්‍රාහ්මණයන් කෙරෙහි බ්‍රාහ්මණසම්මත වූවෝත් නො වෙත්. ඒ ආයුෂ්මත්හු (ආර්‍ය්‍යඵල සඞ්ඛ්‍යාත) ශ්‍රමණයන් පිළිබඳ අර්‍ත්‍ථයත් බමුණන් පිළිබඳ අර්‍ත්‍ථයත් මෙ ලෙව්හි දී ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ නො ද වෙසෙති.
මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ජරාමරණ දනිද් ද, ඔහු ජරාමරණසමුදය දනිත්. ජරාමරණනිරෝධය දනිත්. ජරාමරණනිරෝධගාමිනීපටිපදාව දනිත්, ජාතිය -පෙ- භවය - උපාදාන - තෘෂ්ණාව - වේදනාව - ස්පර්‍ශය - ෂඩායතන - නාමරූප - විඥානය - සංස්කාරයන් දනිද් ද, ඔහු සංස්කාරසමුදය දනිත්. සංස්කාරනිරෝධය දනිත්. සංස්කාරනිරොධගාමිණීප්‍රතිපත්තිය දනිත්. මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් කෙරෙහිත් ශ්‍රමණ ය යි සම්මතයහ. බ්‍රාහ්මණයන් කෙරෙහිත් බ්‍රාහ්මණ ය යි සම්මතයහ. ඒ ආයුෂ්මත්හු ද ආර්‍ය්‍යඵලසඞ්ඛ්‍යාත ශ්‍රමණත්‍වය පිළිබඳ අර්‍ත්‍ථයත් බ්‍රාහ්මණත්‍වය පිළිබඳ අර්‍ත්‍ථයත් මේ අත්බැව්හි දී ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට (ඊට) පැමිණ වෙසෙත්.
1. 2. 4.
දුතිය සමණබ්‍රාහ්මණ සූත්‍රය
14 සැවැත්නුවර–
මහණෙනි, යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මේ ධර්‍මයන් නො දනිද් ද, ඔහු තුමූ මේ ධර්‍මයන්ගේ සමුදය නො දනිත්. මේ ධර්‍මයන්ගේ නිරෝධය නො දනිත්. මේ ධර්‍මයන්ගේ නිරෝධගාමිනීප්‍රතිපත්තිය නො දනිත්. කවර ධර්‍මයන් නො දනිද් ද? කවර ධර්‍මයන්ගේ සමුදය නො දනිද් ද? කවර ධර්‍මයන්ගේ නිරෝධය නො දනිද් ද? කවර ධර්‍මයන්ගේ නිරොධගාමිණීප්‍රතිපදාව නො දනිද් ද? ජරාමරණ නො දනිත්. ජරාමරණසමුදය නෙ දනිත්. ජරාමරණනිරෝධය නො දනිත්. ජරාමරණනිරෝධගාමිනීප්‍රතිපදාව නො දනිත්. ජාතිය ... භවය - උපාදාන - තණ්හාව - වේදනාව - ඵස්සය - සළායතන - නාමරූප - විඤ්ඤාණය - සඞ්ඛාර නො දනිද් ද? සඞ්ඛාරසමුදය නො දනිත්. සඞ්ඛාරනිරෝධය නො දනිත්. සඞ්ඛාරනිරෝධගාමිනීප්‍රතිපදාව නො දනිත්.
(යම් කෙනෙක්) මේ ධර්‍මයන් නො දනිද් ද, (ඔහුතුමූ). මේ ධර්‍මයන්ගේ සමුදය නො දනිත්. මේ ධර්‍මයන්ගේ නිරෝධය නො දනිත්. මේ ධර්‍මයන්ගේ නිරෝධගාමිනීප්‍රතිපදාව නො දනිත්. මහණෙනි, ඒ මේ ශ්‍රමණයෝත් බ්‍රාහ්මණයෝත් ශ්‍රමණයන් කෙරෙහිත් ශ්‍රමණයෝ ය යි සම්මත නො වෙති. බ්‍රාහ්මණයන් කෙරෙහිත් බ්‍රාහ්මණයෝ ය යි සම්මත නො වෙති. ඒ ආයුෂ්මත්හු ද ශ්‍රමණත්‍වය පිළිබඳ අර්‍ත්‍ථය හෝ බ්‍රාහ්මණත්‍වය පිළිබඳ අර්‍ත්‍ථය හෝ මේ අත්බැව්හි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට (ඊට) පැමිණ නො වෙසෙත්.
මහණෙනි, යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මේ ධර්‍මයන් දනිද් ද, ඔහු මේ ධර්‍මයන්ගේ සමුදය දනිත්. මේ ධර්‍මයන්ගේ නිරෝධය දනිත්. මේ ධර්‍මයන්ගේ නිරෝධගාමිනීප්‍රතිපදාව දනිත්. කවර ධර්‍මයන් දනිද් ද? කවර ධර්‍මයන්ගේ සමුදය දනිද් ද? කවර ධර්‍මයන්ගේ නිරෝධය දනිද් ද? කවර ධර්‍මයන්ගේ නිරෝධගාමිනීප්‍රතිපදාව දනිද් ද? ජරාමරණ දනිත්. ජරාමරණසමුදය දනිත්. ජරාමරණනිරෝධය දනිත්. ජරාමරණනිරෝධගාමිනීප්‍රතිපදාව දනිත්. ජාතිය ... භවය - උපාදාන - තණ්හාව - වේදනාව - ඵස්සය - සළායතන - නාමරූප - විඤ්ඤාණය - සඞ්ඛාර දනිද් ද, සඞ්ඛාරසමුදය දනිත්. සඞ්ඛාරනිරෝධය දනිත්. සඞ්ඛාරනිරෝධගාමිනීප්‍රතිපදාව දනිත්.