1. 10. 7.
සමුද්ද සූත්රය
220. සැවැත්නුවර–
මහණෙනි, යම් සේ පුරුෂයෙක් මහසමුදුරෙන් දියබිඳු දෙකක් හෝ තුනක් හෝ නගා ලන්නේ ද, මහණෙනි, ඒ කිමැයි හඟිවු ද, කිමෙක් ඉතා බොහෝ ද, නගන ලද යම් දියබිඳු දෙක හෝ තුන හෝ ද, මහසමුදුරෙහි යම් දිය හෝ දැයි?
වහන්ස, යම් මේ මහසමුදුරෙහි දිය වේ ද, මෙය ම ඉතා බොහෝ ය. නගන ලද දියබිඳු දෙක හෝ තුන හෝ ඉතා මඳ ය. මහසමුදුරෙහි දිය හා සැසඳීමෙහි දී නගන ලද දියබිඳු දෙක හෝ තුන හෝ සියවන කලාවටත් නො ම පැමිණේ. දහස්වන කලාවටත් නො ම පැමිණේ. සියදහස්වන කලාවටත් නො ම පැමිණේ. මහණෙනි, එසෙයින් ම … දහම් ඇස පිළිලැබීම මහදර්ත්ථයක් නිපදවන්නේ වේ යි.
1. 10. 8.
දෙවන සමුද්ද සූත්රය
221. සැවැත්නුවර–
මහණෙනි,යම් සේ දියබිඳු දෙකක් හෝ තුනක් තිබිය දි මහමුහුද ක්ෂය වීමට අවසන් වීමට යන්නේ ද, මහණෙනි, ඒ කිමැයි හඟිවු ද, කිමෙක් ඉතා වැඩි ද, මහමුහුදෙහි ක්ෂය වූ අවසන් වූ යම් දිය හෝ ඉතිරි වූ දෙකෙක් හෝ තුනෙක් හෝ වූ යම් දියබිදඳු හෝ දැ යි?
වහන්ස, මහමුහුදෙහි ක්ෂය වූ අවසන් වූ යම් මේ දියෙක් වේ ද, මෙය ම ඉතා වැඩි ය. ඉතිරි වූ දෙකෙක් හෝ තුනෙක් හෝ වූ දියබිඳු ඉතා මඳ ය. මහමුහුදෙහි ක්ෂය වූ අවසන් වූ දිය හා සැසදීමේහි දී ඉතිරි වූ දෙකෙක් හෝ තුනෙක් හෝ වූ දියබිඳු සියවන කලාවටත් නො ම පැමිණේ. දහස්වන කලාවටත් නො ම පැමිණේ. සියදහස් වන කලාවටත් නො ම පැමිණේ. මහණෙනි, එසෙයින් ම ... දහම් ඇස පිළිලැබීම මහදර්ත්ථයක් නිපදන්නේ වේ යි.
1. 10. 9.
පබ්බතුපම සූත්රය
222. සැවැත්නුවර–
මහණෙනි, යම් සේ පුරුෂයෙක් හිමවත් පවුරජුගේ අබඇට සතක් පමණ වූ ගල්කැට පසෙක තබන්නේ ද, මහණෙනි, ඒ කිමැයි හඟිවු ද, කිමෙක් ඉතා බොහෝ ද, පසෙක තබන ලද අබැට සතක් පමණ වූ යම් ගල්කැට හෝ යම් හිමවත් පවුරජ හෝ දැ යි?
වහන්ස, යම් මේ හිමවත් පවුරජෙක් වේ ද, මෙය ම ඉතා බොහෝ ය. පසෙක තබන ලද අබැට සතක් පමණ වූ ගල්කැට ඉතා මඳ ය. හිමවත් පවුරජු හා සැසඳීමේ දී පසෙක තබන ලද අබැට සතක් පමණ වූ ගල්කැට සියවන කලාවටත් නො ම පැමිණේ. දහස්වන කලාවටත් නො ම පැමිණේ. සියදහස්වන කලාවටත් නො ම පැමිණේ. මහණෙනි, එසෙයින් ම දහම් ඇස පිළිලැබීම මහාදර්ත්ථයක් නිපදවන්නේ වේ යි.
1. 10. 10.
දෙවන පබ්බතුපම සූත්රය
223. සැවැත්නුවර–
මහණෙනි, යම් සේ අබැට සතක් පමණ වූ ගල්කැට තිබිය දී හිමවත් පවුරජ ක්ෂය වීමට අවසන් වීමට යන්නේ ද, මහණෙනි, ඒ කිමැයි හඟිහු ද, කිමෙක් ඉතා වැඩි ද, හිමවත් පවුරජුගේ යම් ක්ෂය වූ අවසන් වූ කොටස හෝ ඉතිරි වූ අබැට සතක් පමණ වූ යම් ගල්කැට හෝ දැ යි?