1. 10. 8.
දෙවන සමුද්ද සූත්රය
221. සැවැත්නුවර–
මහණෙනි,යම් සේ දියබිඳු දෙකක් හෝ තුනක් තිබිය දි මහමුහුද ක්ෂය වීමට අවසන් වීමට යන්නේ ද, මහණෙනි, ඒ කිමැයි හඟිවු ද, කිමෙක් ඉතා වැඩි ද, මහමුහුදෙහි ක්ෂය වූ අවසන් වූ යම් දිය හෝ ඉතිරි වූ දෙකෙක් හෝ තුනෙක් හෝ වූ යම් දියබිදඳු හෝ දැ යි?
වහන්ස, මහමුහුදෙහි ක්ෂය වූ අවසන් වූ යම් මේ දියෙක් වේ ද, මෙය ම ඉතා වැඩි ය. ඉතිරි වූ දෙකෙක් හෝ තුනෙක් හෝ වූ දියබිඳු ඉතා මඳ ය. මහමුහුදෙහි ක්ෂය වූ අවසන් වූ දිය හා සැසදීමේහි දී ඉතිරි වූ දෙකෙක් හෝ තුනෙක් හෝ වූ දියබිඳු සියවන කලාවටත් නො ම පැමිණේ. දහස්වන කලාවටත් නො ම පැමිණේ. සියදහස් වන කලාවටත් නො ම පැමිණේ. මහණෙනි, එසෙයින් ම ... දහම් ඇස පිළිලැබීම මහදර්ත්ථයක් නිපදන්නේ වේ යි.
1. 10. 9.
පබ්බතුපම සූත්රය
222. සැවැත්නුවර–
මහණෙනි, යම් සේ පුරුෂයෙක් හිමවත් පවුරජුගේ අබඇට සතක් පමණ වූ ගල්කැට පසෙක තබන්නේ ද, මහණෙනි, ඒ කිමැයි හඟිවු ද, කිමෙක් ඉතා බොහෝ ද, පසෙක තබන ලද අබැට සතක් පමණ වූ යම් ගල්කැට හෝ යම් හිමවත් පවුරජ හෝ දැ යි?
වහන්ස, යම් මේ හිමවත් පවුරජෙක් වේ ද, මෙය ම ඉතා බොහෝ ය. පසෙක තබන ලද අබැට සතක් පමණ වූ ගල්කැට ඉතා මඳ ය. හිමවත් පවුරජු හා සැසඳීමේ දී පසෙක තබන ලද අබැට සතක් පමණ වූ ගල්කැට සියවන කලාවටත් නො ම පැමිණේ. දහස්වන කලාවටත් නො ම පැමිණේ. සියදහස්වන කලාවටත් නො ම පැමිණේ. මහණෙනි, එසෙයින් ම දහම් ඇස පිළිලැබීම මහාදර්ත්ථයක් නිපදවන්නේ වේ යි.
1. 10. 10.
දෙවන පබ්බතුපම සූත්රය
223. සැවැත්නුවර–
මහණෙනි, යම් සේ අබැට සතක් පමණ වූ ගල්කැට තිබිය දී හිමවත් පවුරජ ක්ෂය වීමට අවසන් වීමට යන්නේ ද, මහණෙනි, ඒ කිමැයි හඟිහු ද, කිමෙක් ඉතා වැඩි ද, හිමවත් පවුරජුගේ යම් ක්ෂය වූ අවසන් වූ කොටස හෝ ඉතිරි වූ අබැට සතක් පමණ වූ යම් ගල්කැට හෝ දැ යි?
වහන්ස, හිමවත් පවුරජුගේ යම් මේ ක්ෂය වූ අවසන් වූ කොටසෙක් වේ ද, මෙය ම ඉතා වැඩි ය. ඉතිරි වූ අබැට සතක් පමණ වූ ගල්කැට ඉතා මඳ ය. හිමවත් පවුරජුගේ ක්ෂය වූ, අවසන් වූ කොටස හා සැසඳීමෙහි දී ඉතිරි වූ අබැට සතක් පමණ වූ ගල්කැට සියවන කලාවටත් නො ම පැමිණේ. දහස්වන කලාවටත් නො ම පැමිණේ. සියදහස්වන කලාවටත් නො ම පැමිණේ.
මහණෙනි, එසෙයින් ම දහම් අවබෝධ කළ දෘෂ්ටිසම්පන්න ආර්ය්යශ්රාවක පුද්ගලයාගේ ක්ෂය වූ අවසන් වූ යම් මේ දුකෙක් වේ ද, එය ම ඉතා වැඩි ය. ඉතිරි වූ දුක ඉතා මඳ ය. ක්ෂය වූ අවසන් වූ පළමු දුක් රැස හා සැසඳීමේ දී සත්වරක් ඉපදීම හිම් කොට ඇති යම් මේ දුකෙක් වේ නම් එය සියවන කලාවටත් නො ම පැමිණේ. දහස්වන කලාවටත් නො ම පැමිණේ. සියදහස්වන කලාවටත් නො ම පැමිණේ. මහණෙනි, ධර්මාවබෝධය එසේ මහත් වැඩ ඇත්තෙකි. දහම් ඇස පිළිලැබීම එසේ මහත් වැඩ ඇත්තෙකි යි.
1. 10. 11.
තෙවන පබ්බතුපම සූත්රය
224. සැවැත්නුවර–
මහණෙනි, යම් සේ පුරුෂයෙක් සිනේරු පවුරජුගේ මුංඇට සතක් පමණ වූ ගල්කැට පසෙක තබන්නේ ද, මහණෙනි, ඒ කිමැයි, හඟිවු ද, කිමෙක් ඉබොහෝ ද, පසෙක තබන ලද මුංඇට සතක් පමණ වූ යම් ගල්කැට හෝ යම් සිනේරු පවුරජ හෝ දැ යි?
වහන්ස, යම් මේ සිනේරු පවුරජෙක් වේ ද, මෙය ම ඉබොහෝ ය. පසෙක තබන ලද මුංඇට සතක් පමණ වූ ගල්කැට ඉමඳ ය. සිනේරු පවුරජු හා සැසඳීමේ දී පසෙක තබනලද මුංඇට සතක් පමණ වූ ගල්කැට සිය වන කලාවටත් නො ම පැමිණේ. දහස් වන කලාවටත් නො ම පැමිණේ. සියදහස් වන කලාවටත් නො ම පැමිණේ.
මහණෙනි, එසෙයින් ම දෘෂ්ටිසම්පන්න ආර්ය්යශ්රාවක පුද්ගලයාගේ අධිගමය හා සැසඳීමේ දී අන්තොටු මහණ බමුණු පිරිවැජ්ජන්ගේ අධිගමය සිය වන කලාවටත් නො ම පැමිණෙයි. දහස් වන කලාවටත් නො ම පැමිණෙයි. සියදහස් වන කලාවටත් නො ම පැමිණෙයි. මහණෙනි, දෘෂ්ටිසම්පන්න පුද්ගල තෙමේ එසේ මහත් අධිගම ඇත්තෙකි. එසේ මහත් අභිඥා ඇත්තෙකි යි.
අභිසමයවර්ගය දසවැනි යි.
එහි උද්දානය:
නඛසිඛා පොක්ඛරණී සූත්ර දෙක ය, සම්භෙජ්ජ උදක සූත්ර දෙක ය, පඨවි සූත්ර දෙක ය, සමුද්ද සූත්ර දෙක ය, පබ්බතූපම සූත්ර තුණ යැ යි සූත්ර එකොළොසෙකි යි.
අභිසමයසංයුත්තය නිමියේ ය.
එහි වර්ගනාමාවලිය:
බුද්ධ , ආහාර, දසබල, කළාරඛත්තිය යි වර්ග සතරෙකි. ගහපතිවර්ගය පස්වැන්න ය. දුක්ඛවර්ගය, මහාවර්ගය යි දෙකෙකි. සමණබ්රාහ්මණවර්ගය අටවැන්න ය. අන්තර පෙය්යාලවර්ගය නවවැන්න ය. අභිසමයවර්ගය දසවැන්න වෙ යි.