1. 10. 2.
පොක්ඛරණී සූත්‍රය
215. සැවැත්නුවර–
මහණෙනි, යම් සේ අයමින් පණස්යොදනක් ඇති විතරින් පණස් යොදනක් ඇති ගැඹරින් පණස්යොදනක් ඇති දියෙන් පිරුණු මුවවට සම වූ කවුඩන් විසින් පිය හැකි පොකුණක් වේ ද, පුරුෂයෙක් තෙමේ ඒ පොකුණෙන් කුසතණ අගින් දිය නගන්නේ ය. මහණෙනි, ඒ කිමැයි හඟිවු ද, කිමෙක් ඉබොහෝ ද, කුසතණඅඟින් නගන ලද යම් දියෙක් හෝ පොකුණෙහි වූ යම් දියෙක් හෝ දැ යි?
වහන්ස, පොකුණෙහි වූ යම් මේ දියෙක් වේ ද, මෙය ම ඉබොහෝ ය. කුසතණ අගින් නගන ලද දිය ඉමඳ ය. පොකුණෙහි දිය හා සැසඳීමෙහි දී කුසතණ අගින් නගන ලද දිය සියවන කලාවටත් නො ම පැමිණෙ යි. දහස්වන කලාවටත් නො ම පැමිණෙයි. සියදහස්වන කලාවටත් නො ම පැමිණේ.
මහණෙනි, එපරිද්දෙන් ම ධර්‍මය අවබෝධ කළ දෘෂ්ටිසම්පන්න ආර්‍ය්‍යශ්‍රාවක පුද්ගලයා විසින් ක්‍ෂය කරණ ලද අවසන් කරණ ලද යම් මේ දුකෙක් වේ ද, මෙය ම ඉබොහෝ ය. ඉතිරි වූ දුක ඉමඳ ය. සත්වරක් ඉපදීම පරම කොට ඇති යම් මේ දුකෙක් වේ ද, එය ක්‍ෂය කරණ ලද අවසන් කරණ ලද පළමු දුක්රැස හා සැසදීමේ දී සියවැනි කලාවටත් නො ම පැමිණෙයි. දහස්වන කලාවටත් නො ම පැමිණෙයි. සියදහස්වන කලාවටත් නො ම පැමිණේ. මහණෙනි, ධර්‍මාවබෝධය මෙසේ මහදර්‍ත්‍ථයක් නිපදවන්නේ ය. දහම්ඇස පිළිලැබීම මෙසේ මහදර්‍ත්‍ථයක් නිපදවන්නේ වේ යි.
1. 10. 3.
සම්භෙජ්ජඋදක සූත්‍රය
216. සැවැත්නුවර–
මහණෙනි, යම් සේ යම් තැනෙක්හි මේ මහානදීහු එක් ව ගලා බසිද්ද, එකට මුසු වෙද්ද, ඒ කවර නදීහු ද යත්: ගඞ්ගා, යමුනා, අචිරවතී, සරභූ, මහී යන මොහු යි. පුරුෂයෙක් තෙමේ එයින් දෙකක් හෝ තුණක් හෝ දියබිඳු නගන්නේ ය. මහණෙනි, ඒ කිමැයි හගීවු ද, කිමෙක් ඉබොහෝ ද,නගන ලද යම් දියබිඳු දෙක තුන හෝ ගඞ්ගා එක් වූ තැන යම් දියෙක් හෝ දැ යි?
වහන්ස, ගඞ්ගා එක් වූ තැන යම් මේ දියෙක් වේ ද, මෙය ම ඉතා බොහෝ ය. නගන ලද දෙකක් හෝ තුණක් හෝ වූ දියබිඳු ඉතා මඳ ය. ගඞ්ගා එක් වූ තැන දිය හා සැසඳීමෙහි දී නගන ලද දෙකක් හෝ තුණක් හෝ වූ දියබිඳු සියවන කලාවටත් නො ම පැමිණේ. දහස්වන කලාවටත් නො ම පැමිණේ. සියදහස් වන කලාවටත් නො ම පැමිණේ. මහණෙනි, එසෙයින් ම ... දහම් ඇස පිළිලැබීම මහදර්‍ත්‍ථයක් නිපදවන්නේ වේ යි.
1. 10. 4.
දෙවන සම්භෙජ්ජඋදක සූත්‍රය
217. සැවැත්නුවර–
මහණෙනි, යම් සේ යම් තැනෙක මේ මහානදීහු එක් ව ගලා බසිද්ද, එක් වෙද්ද, ඒ කවර නදීහු ද යත්: ගඞ්ගා, යමුනා, අචිරවතී, සරභූ, මහී යන මොහු යි. දියබිඳු දෙකක් හෝ තුනක් හෝ තබා ඒ දිය ක්‍ෂය වීමට අවසන් වීමට යන්නේ ය. මහණෙනි, ඒ කිමැ යි හඟිහු ද, කිමෙක් ඉතා වැඩි ද, ක්‍ෂය වූ අවසන් වූ ගඞ්ගා එක් වූ තැන වූ යම් දිය හෝ ඉතිරි වූ දෙකෙක් හෝ තුනෙක් හෝ වූ යම් දියබිඳු හෝ දැ යි?
වහන්ස, ක්‍ෂය වූ අවසන් වූ ගඞ්ගා එක් වූ තැන යම් දියෙක් වේ ද, මෙය ම ඉතා බොහෝ ය. ඉතිරි වූ දෙකෙක් හෝ තුනෙක් හෝ වූ දියබිඳු ඉතා මඳ ය. ක්‍ෂය වූ අවසන් වූ ගඞ්ගා එක් වූ තැන වූ දිය හා සැසඳීමෙහි දී ඉතිරි වූ දෙකෙක් හෝ තුනෙක් හෝ වූ දියබිඳු සියවන කලාවටත් නො ම පැමිණේ. දහස්වන කලාවටත් නො ම පැමිණේ. සියදහස් වන කලාවටත් නො ම පැමිණෙයි. මහණෙනි, එපරිද්දෙන් ම ආර්‍ය්‍යශ්‍රාවකයා විසින් … දහම් ඇස පිළිලැබීම මහදර්‍ත්‍ථයක් නිපදවන්නේ වේ යි.