1. 10. 3.
සම්භෙජ්ජඋදක සූත්‍රය
216. සැවැත්නුවර–
මහණෙනි, යම් සේ යම් තැනෙක්හි මේ මහානදීහු එක් ව ගලා බසිද්ද, එකට මුසු වෙද්ද, ඒ කවර නදීහු ද යත්: ගඞ්ගා, යමුනා, අචිරවතී, සරභූ, මහී යන මොහු යි. පුරුෂයෙක් තෙමේ එයින් දෙකක් හෝ තුණක් හෝ දියබිඳු නගන්නේ ය. මහණෙනි, ඒ කිමැයි හගීවු ද, කිමෙක් ඉබොහෝ ද,නගන ලද යම් දියබිඳු දෙක තුන හෝ ගඞ්ගා එක් වූ තැන යම් දියෙක් හෝ දැ යි?
වහන්ස, ගඞ්ගා එක් වූ තැන යම් මේ දියෙක් වේ ද, මෙය ම ඉතා බොහෝ ය. නගන ලද දෙකක් හෝ තුණක් හෝ වූ දියබිඳු ඉතා මඳ ය. ගඞ්ගා එක් වූ තැන දිය හා සැසඳීමෙහි දී නගන ලද දෙකක් හෝ තුණක් හෝ වූ දියබිඳු සියවන කලාවටත් නො ම පැමිණේ. දහස්වන කලාවටත් නො ම පැමිණේ. සියදහස් වන කලාවටත් නො ම පැමිණේ. මහණෙනි, එසෙයින් ම ... දහම් ඇස පිළිලැබීම මහදර්‍ත්‍ථයක් නිපදවන්නේ වේ යි.
1. 10. 4.
දෙවන සම්භෙජ්ජඋදක සූත්‍රය
217. සැවැත්නුවර–
මහණෙනි, යම් සේ යම් තැනෙක මේ මහානදීහු එක් ව ගලා බසිද්ද, එක් වෙද්ද, ඒ කවර නදීහු ද යත්: ගඞ්ගා, යමුනා, අචිරවතී, සරභූ, මහී යන මොහු යි. දියබිඳු දෙකක් හෝ තුනක් හෝ තබා ඒ දිය ක්‍ෂය වීමට අවසන් වීමට යන්නේ ය. මහණෙනි, ඒ කිමැ යි හඟිහු ද, කිමෙක් ඉතා වැඩි ද, ක්‍ෂය වූ අවසන් වූ ගඞ්ගා එක් වූ තැන වූ යම් දිය හෝ ඉතිරි වූ දෙකෙක් හෝ තුනෙක් හෝ වූ යම් දියබිඳු හෝ දැ යි?
වහන්ස, ක්‍ෂය වූ අවසන් වූ ගඞ්ගා එක් වූ තැන යම් දියෙක් වේ ද, මෙය ම ඉතා බොහෝ ය. ඉතිරි වූ දෙකෙක් හෝ තුනෙක් හෝ වූ දියබිඳු ඉතා මඳ ය. ක්‍ෂය වූ අවසන් වූ ගඞ්ගා එක් වූ තැන වූ දිය හා සැසඳීමෙහි දී ඉතිරි වූ දෙකෙක් හෝ තුනෙක් හෝ වූ දියබිඳු සියවන කලාවටත් නො ම පැමිණේ. දහස්වන කලාවටත් නො ම පැමිණේ. සියදහස් වන කලාවටත් නො ම පැමිණෙයි. මහණෙනි, එපරිද්දෙන් ම ආර්‍ය්‍යශ්‍රාවකයා විසින් … දහම් ඇස පිළිලැබීම මහදර්‍ත්‍ථයක් නිපදවන්නේ වේ යි.
1. 10. 5.
පඨවි සූත්‍රය
218. සැවැත්නුවර–
මහණෙනි, යම් සේ පුරුෂයෙක් මහපොළොවෙන් ඩෙබර ඇට සතක් පමණ වූ මැටි ගුළි ගෙණ තබන්නේ ද, මහණෙනි, ඒ කිමැයි හගිවූ ද, කිමෙක් ඉතා බොහෝ ද, ගෙණ තබන ලද ඩෙබර ඇට සතක් පමණ වූ යම් මැටිගුළි හෝ යම් මහපොළොව හෝ දැ යි?
වහන්ස, යම් මහපොළොව වේ ද, මෙය ම ඉතා බොහෝ ය. තබන ලද ඩෙබර ඇට සතක් පමණ වූ මැටි ගුළි ඉතා මඳ ය. මහපොළොව හා සැසඳීමෙහි දී තබන ලද ඩෙබර ඇට සතක් පමණ වූ මැටිගුළි සියවන කලාවටත් නො ම පැමිණේ. දහස්වන කලාවටත් නො ම පැමිණේ. සියදහස් වන කලාවටත් නො ම පැමිණෙයි. මහණෙනි, එසෙයින් ම … දහම් ඇස පිළිලැබීම මහදර්‍ත්‍ථයක් නිපදවන්නේ වේ යි.
1. 10. 6.
දෙවන පඨවි සූත්‍රය
219. සැවැත්නුවර–
මහණෙනි, යම් සේ ඩෙබර ඇට සතක් පමණ මැටිගුළි තිබිය දී මහපොළොව ක්‍ෂය වීමට අවසන් වීමට යන්නේ ද, මහණෙනි, ඒ කිමැයි හඟිවු ද, කිමෙක් ඉබොහෝ ද, මහපොළොවෙහි යම් ගෙවුනු අවසන් වූ කොටස හෝ ඉතිරි වූ ඩෙබර ඇට සතක් පමණ වූ යම් මැටිගුළි හෝ දැයි?
වහන්ස, මහපොළොවෙහි ගෙවුනු අවසන් වූ යම් කොටසෙක් වේ නම් මෙය ම ඉතා බොහෝ ය. ඉතිරි වූ ඩෙබර ඇට සතක් පමණ වූ මැටිගුළි ඉතා මඳ ය. මහාපොළොවෙහි ක්‍ෂය වූ අවසන් වූ කොටස හා සැසඳීමෙහි දී ඉතිරි වූ ඩෙබරඇට සතක් පමණ වූ මැටිගුළි සියවන කලාවටත් නො ම පැමිණේ. දහස්වන කලාවටත් නො ම පැමිණේ. සියදහස් වන කලාවටත් නො ම පැමිණේ. මහණෙනි, එසෙයින් ම ... දහම් ඇස පිළිලැබීම මහදර්‍ත්‍ථයක් නිපදවන්නේ වේ යි.
1. 10. 7.
සමුද්ද සූත්‍රය
220. සැවැත්නුවර–
මහණෙනි, යම් සේ පුරුෂයෙක් මහසමුදුරෙන් දියබිඳු දෙකක් හෝ තුනක් හෝ නගා ලන්නේ ද, මහණෙනි, ඒ කිමැයි හඟිවු ද, කිමෙක් ඉතා බොහෝ ද, නගන ලද යම් දියබිඳු දෙක හෝ තුන හෝ ද, මහසමුදුරෙහි යම් දිය හෝ දැයි?
වහන්ස, යම් මේ මහසමුදුරෙහි දිය වේ ද, මෙය ම ඉතා බොහෝ ය. නගන ලද දියබිඳු දෙක හෝ තුන හෝ ඉතා මඳ ය. මහසමුදුරෙහි දිය හා සැසඳීමෙහි දී නගන ලද දියබිඳු දෙක හෝ තුන හෝ සියවන කලාවටත් නො ම පැමිණේ. දහස්වන කලාවටත් නො ම පැමිණේ. සියදහස්වන කලාවටත් නො ම පැමිණේ. මහණෙනි, එසෙයින් ම … දහම් ඇස පිළිලැබීම මහදර්‍ත්‍ථයක් නිපදවන්නේ වේ යි.