1. 8. 10.
පජ්ජෝත සූත්රය.
[දෙවි:]
80. ලොව පහන කිමෙක් ද? ලොව නිදිවරන්නා කවරෙක් ද? සමග ජීවත්වන්නවුන්ට කවරෙක් කර්මාන්තයෙහි (සහාය) වේ ද? කිමෙක් ඔහුගේ ඉරියව්ව (දිවිපැවැත්ම) වේ ද?
කිමෙක් අලසයාත් අනලසයාත් මව පුතකු පුස්නාක් සෙයින් පුස්නේ ද? පොළොව ඇසුරු කළ යම් ප්රාණීහු වෙත් නම් (ඒ) සත්ත්වයෝ කුමක් ඇසුරු කොට ජීවත් වෙද් ද?
[භගවත්හු:]
නුවණ ලොව පහන ය. සිහිය ලොව නිදිවරන්නා ය. එක්ව ජීවත් වන්නවුන්ට කර්මාන්තයෙහි ගෙරිහු (සහාය) වෙති. හීවට ඔහුගේ ඉරියව්ව (දිවිපැවැත්ම) යි.
වැස්ස අලසයාත් අනලසයාත් මව පුතකු පුස්නාක් සෙයින් පුස්නේ ය, පොළොව ඇසුරු කළ යම් ප්රාණීහු වෙත් නම් ඒ සත්ත්වයෝ වැස්ස නිසා ජීවත් වෙත්.
1. 8. 11.
අරණ සූත්රය.
[දෙවි:]
81. මේ ලෙව්හි කවුරු කෙලෙස් නැත්තෝ ද? කවුරුන්ගේ විසීම නො නැසේ ද? මෙහි කවුරු තෘෂ්ණාව පිරිසිඳ දනිද් ද? කවුරුන්ට හැමකල්හි නිදහස්බව වේ ද?
(ශීලයෙහි) පිහිටි ඒ කවරකුට මවත් පියාත් බෑයාත් වැඳිද් ද? මෙලොව්හි පහත් ජාති ඇති කවරකුට ක්ෂත්රියයෝ වැඳිද් ද?
[භගවත්හු:]
මෙලොව්හි ශ්රමණයෝ කෙලෙස් නැත්තෝ ය. ශ්රමණයන්ගේ විසීම නො නැසේ. ශ්රමණයෝ තෘෂ්ණාව පිරිසිඳ දනිත්. ශ්රමණයන්ට හැමකල්හි නිදහස් බව වේ.
ශීලයෙහි පිහිටි ඒ ශ්රමණයාට මවත් පියාත් බෑයාත් වඳිත්. මෙහි පහත් ජාති ඇති ශ්රමණයාට ක්ෂත්රියයෝ වඳිත්.
ඣත්වා වර්ගය අට වැනියී.
එහි උද්දානය:
ඣත්වා, රථ, චිත්ත, වුට්ඪි, භීත, නජීරති, ඉස්සර, කාම, පාථෙය්ය, පජේජාත, අරණ ය යි සූත්ර එකොළොසෙකි.
දේවතා සංයුත්තය නිමියේ ය.