1. 4. 8.
සකලික සූත්රය.
38. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි මද්දකුච්ඡි නම් මුවවෙනෙහි වැඩවසන සේක.
එකල්හි භාග්යවතුන් වහන්සේගේ පාදය ගල්පතුරෙකින් පහළේ වේ. භාග්යවතුන් වහන්සේට දුක් වූ දැඩි වූ රළු වූ තියුණු වූ නොමිහිරි වූ අමනාප වූ බලවත් ශාරීරික වේදනාවෝ පවතිත්. භාග්යවතුන් වහන්සේ සිහි ඇති ව මනා නුවණ ඇති ව නොපෙළෙමින් ඒ වේදනාවන් ඉවසන සේක.
එකල්හි භාග්යවතුන් වහන්සේ සඟල සිවුර සිවුගුණු කොට පණවා දකුණු පයෙහි වම් පය මඳක් මෑත් කොට තබා දකුණුපසින් සිංහශය්යාව කරණ සේක.
ඉක්බිති මනා ඡවිවර්ණ ඇති පන්සියක් සතුල්ලපකායික දේවතාවෝ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු මද්දකුච්ඡිය බබුළුවා භාග්යවතුන් වහන්සේ වෙත එළඹියාහු ය. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියහ. එකත්පසෙක සිටි එක් දෙවියෙක් භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්රීතිවාක්යය පහළ කළේ ය:
භවත්නි, ශ්රමණ ගෞතම තෙමේ ඒකාන්තයෙන් නාගයෙකි. දුක් වූ දැඩි වූ කැකුළු වූ කටුක වූ නොමිහිරි වූ අමනාප වූ උපන් ශාරිරක වේදනාවන් නාග බැවින් ම සිහි ඇති ව මනා නුවණ ඇති ව නොපෙළෙමින් ඉවසයි.
ඉක්බිති අන් දෙවියෙක් භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්රීතිවාක්යය පහළ කළේ ය:
භවත්නි, ශ්රමණ ගෞතම තෙමේ ඒකාන්තයෙන් සිංහයෙකි. දුක් වූ දැඩි වූ කැකුළු වූ කටුක වූ නොමිහිරි වූ අමනාප වූ උපන් ශාරීරික වේදනාවන් සිංහ බැවින් ම මනා නුවණ ඇති ව නොපෙළෙමින් ඉවසයි.
ඉක්බිති අන් දෙවියෙක් භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්රීතිවාක්යය පහළ කළේ ය:
භවත්නි, ශ්රමණ ගෞතම තෙමේ ඒකාන්තයෙන් ආජානීයයෙකි. දුක් වූ දැඩි වූ කැකුළු වූ කටුක වූ නොමිහිරි වූ අමනාප වූ උපන් ශාරීරික වේදනාවන් ආජානීය බැවින් ම සිහි ඇති ව මනා නුවණ ඇති ව නොපෙළෙමින් ඉවසයි.
ඉක්බිති අන් දෙවියෙක් භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්රීතිවාක්යය පහළ කළේ ය:
භවත්නි, ශ්රමණ ගෞතම තෙමේ නිසභයෙකි. දුක් වූ දැඩි වූ කැකුළු වූ කටුක වූ නොමිහිරි වූ අමනාප වූ උපන් ශාරීරික වේදනාවන් නිසභ බැවින් ම සිහි ඇති ව මනා නුවණැති ව නොපෙළෙමින් ඉවසයි.
ඉක්බිති අන් දෙවියෙක් භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්රීතිවාක්යය පහළ කළේ ය:
භවත්නි, ශ්රමණ ගෞතම තෙමේ ඒකාන්තයෙන් ධොරය්හයෙකි (=ධුර ඉසිලීමෙහි සමර්ත්ථයෙකි). දුක් වූ දැඩි වූ කැකුළු වූ කටුක වූ නොමිහිරි වූ අමනාප වූ උපන් ශාරීරික වේදනාවන් ධොරය්හ බැවින් ම සිහි ඇති ව මනා නුවණැති ව නොපෙළෙමින් ඉවසයි.
ඉක්බිති අන් දෙවියෙක් භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්රීතිවාක්යය පහළ කළේ ය:
භවත්නි, ශ්රමණ ගෞතම තෙමේ ඒකාන්තයෙන් දාන්තයෙකි. දුක් වූ දැඩි වූ කැකුළු වූ කටුක වූ නොමිහිරි වූ අමනාප වූ උපන් ශාරීරික වේදනාවන් දාන්ත බැවින් ම සිහි ඇති ව මනා නුවණැති ව නොපෙළෙමින් ඉවසයි.
ඉක්බිති අන් දෙවියෙක් භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්රීතිවාක්යය පහළ කළේ ය: