1. 2. 4.
ඛත්තිය සූත්රය
14. සැවැත්නුවර–
එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගය කී ය:
දෙපා ඇත්තවුන් අතුරෙන් ක්ෂත්රියයා ශ්රේෂ්ඨ ය. සිවුපාවුන් අතුරෙන් ගවයා ශ්රේෂ්ඨ ය. භාර්ය්යාවන් අතුරෙන් බාලකාලයෙහි පාවා ගන්නා ලද්දී ශ්රේෂ්ඨ ය. පුතුන් අතුරින් වැඩිමහල්ලා ශ්රේෂ්ඨ ය.
[භගවත්හු:]
දෙපා ඇත්තවුන් අතුරෙන් බුදුරජාණන් වහන්සේ ශ්රේෂ්ඨයහ. සිවුපාවුන් අතුරෙන් ආජානීය අශ්වයා ශ්රේෂ්ඨ ය. භාර්ය්යාවන් අතුරෙන් හිමියා පිණවන්නී ශ්රේෂ්ඨ ය. පුතුන් අතුරින් කීකරු වූයේ ශ්රේෂ්ඨ ය.
1. 2. 5.
සනමාන සූත්රය
15. සැවැත්නුවර–
[දෙවි:]
සිටි මද්දහනෙහි පක්ෂීන් ඉසුඹු ලන කල්හි වනය (මහත් සේ) හඬ නගන්නාක් මෙනි. එය මට බියක් ව වැටහේ.
[භගවත්හු:]
සිටි මද්දහනෙහි පක්ෂීන් ඉසුඹු ලන කල්හි මහවනය (මහත් සේ) හඬ නගන්නාක් මෙනි. එය මට සිත් පිණවන්නක් ව වැටහේ යි.
1. 2. 6.
නිද්දාතන්දී සූත්රය
16. සැවැත්නුවර–
[දෙවි:]
නින්ද, තෙමරිය, ඇඟ මැලි කැඩීම, කුසල් දහම්හි නොඇල්ම, බත්මතය යන මෙයින් මෙලොව සත්ත්වයන්ට ආර්ය්යමාර්ගය ප්රකට නො වේ.
[භගවත්හු:]
නින්ද, තෙමරිය, ඇඟ මැලි කැඩීම, කුසල් දහම්හි නො ඇල්ම, බත්මතය යන මොවුන් වීර්ය්යයෙන් දුරුකොට (සිටියහුට) ආර්ය්යමාර්ගය පිරිසිදු වේ.
1. 2. 7.
දුක්කර සූත්රය
17. සැවැත්නුවර–
[දෙවි:]
බාලයා විසින් මහණදම නොකට හැක්කේ ද, නොඉවසිය හැක්කේ ද වේ. යම් මහණදමෙක්හි බාලයා පසුබසී ද, එහි ඔහුට සම්බාධයෝ බොහෝ වෙති.
[භගවත්හු:]
ඉදින් සිත (වරදින්) නොවළකන්නේ නම් කී දවසක් මහණකම කරන්නේ ද? පාපවිතර්කයන්ට වසඟ වූයේ පියවරක් නොහොත් අරමුණක් පාසා පසු බසින්නේ ය.
ඉදිබුවා අවයව සිය කබලෙහි බහන්නාක් මෙන් මහණ තෙමේ මනෝවිතර්කයන් (භාවනාලම්බන නමැති කපල්ලෙහි) බහන්නේ නිඃශ්රය රහිත වූයේ අනුන් නොවෙහෙසන්නේ (කෙලෙස් පිරිනිවුමෙන්) පිරිනිවියේ කිසිවකුට උපවාද නො කරන්නේයි.