2. 1. 4.
පෝතලිය සූත්රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමෙයක්හි භාග්යවතුන් වහන්සේ අඞ්ගුත්තරාප ජනපදයෙහි ආපණ නම් අඞ්ගුත්තරාප නිගමයෙහි වැඩවසන සේක. එකල්හි භාග්යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පෙරව පාසිවුරු ගෙන ආපණයට පිඬු පිණිස පිවිසිසේක. ආපණයෙහි පිඬු සිඟා වැඩ පසුබත්හි පිණ්ඩපාතයෙන් වැළැකුණාහු දිවා විහරණය සඳහා එක්තරා වන ලැහැබක් කරා එළැඹි සේක. ඒ වන ළැහැබට ඇතුළු වැ අන්යතර වෘක්ෂ මූලයෙක්හි දිවාවිහරණයට වැඩහුන්සේක.
පෝතලිය නම් ගැහැවි ද පිරිපුන් සඳහා පෙරොනා ඇතියේ සතක් ගෙන වහන් නැඟී ජඞ්ඝාවිහරණයෙහි ඔබිනොබැ හැසිරෙනුයේ සක්මන් කරනුයේ ඒ වනළැහැබ කරා එළැඹියේ යැ. ඒ වන ළැහැබට ඇතුළු වැ භාග්යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ භාග්යවතුන් වහන්සේ සමඟ සතුටු විය. සතුටු වියැයුතු සිහිකළයුතු කථාව කොට නිමවා එකත්පස් වැ සිටියේ ය. එකත්පස් වැ සිටි පෝතලිය ගැහැවි හට බුදුහු තෙල වදාළහ: ‘ගැහැවිය අසුන් ඇත. ඉදින් රිසියෙහි නම් හිඳුව’ යි මෙසේ වදාළ කල්හි පෝතිලය ගැහැවි ‘ශ්රමණ ගෞතමයෝ මට ‘ගහපති’ යන බසින් වහරතී’ කිපියේ නො සතුටු වූයේ තූෂ්නිම්භූත වී. දෙවනවට දු භාග්යවත්හු පෝතලිය ගෘහපති හට තෙල වදාළහ: “ගැහැවිය අසුන් ඇත. ඉදින් රිසියෙහි නම් හිඳුව” යි දෙවනවට දු පෝතිලය ගැහැවි ශ්රමණ ගෞතමයෝ මා ‘ගහපති’ යන බසින් වහරතී’ යි කිපියේ නො සතුටු වූයේ තූෂ්නිම්භූත වී. තෙවනවට දු භාග්යවත්හු පෝතලිය ගෘහපති හට තෙල වදාළහ: ‘ගැහැවිය’ අසුන් ඇත. ඉදින් කැමැත හිඳුව’ යි. මෙසේ වදාළ කල්හි පෝතිලය ගැහැවි ශ්රමණ ගෞතමයෝ මා ‘ගහපති’ යන බසින් වහරතී’ යි කිපියේ නො සතුටු වූයේ භාග්යවතුන් වහන්සේට තෙල කී: ‘භවත් ගෞතමයෙනි, යම් හෙයකින් තෙපි මට ‘ගහපති’ යන බසින් ව්යවහාර කරහු ද, එ බස් නො නිස්ස. එ බස් නො සරුප්යැ’යි.
ගැහැවිය, තොපගේ ඒ ආකාරයෝ ඒ ලිඞ්ගයෝ ඒ නිමිත්තයෝ ගැහැවියක්හු ගේ යම් සේ ද එමෙනි. එසේ වතුදු භවත් ගෞතමයෙනි, මා විසින් හැම කර්මාන්තයෝ බහා තබන ලදහ. හැම ව්යවහාරයෝ සමුච්ඡින්න වූහ’යි. ගැහැවිය, තොප විසින් කවරපරිද්දෙකින් සියලු කර්මාන්තයෝ ප්රතික්ෂිප්ත වූවාහු සියලු ව්යවහාරයෝ සමුච්ඡින්න වූවාහ දැ’යි. ‘භවත් ගෞතමයෙනි, මෙහි මට යම් ධනයෙක් හෝ ධාන්යයෙක් හෝ රජතයෙක් හෝ ජාත රූපයෙක් හෝ වී ද, ඒ හැම පුතුනට දායාද්ය කොට දෙනලද, එහි මම් අවවාද නො කරනුයෙම් උපවාද නො කරනුයෙම් අසන වසන (කෑම් හැඳීම්) මතුවක් පරම කොට ඇතියෙම් වෙසෙමි. භවත් ගෞතමයෙනි, මෙසේ මා විසින් සියලු කර්මාන්තයෝ ප්රතික්ෂිප්තයහ. සියලු ව්යවහාරයෝ සමුච්ඡින්න වූහ’යි.
‘ගැහැවිය, තෙපි අන් පරිද්දෙකින් ව්යවහාර සමුච්ඡේදය කියහු, එතෙකුදු වත් ආර්ය්ය විනයෙහි අන් පරිද්දෙකින් ව්යවහාර සමුච්ඡේදය වේ යැ’යි. ‘වහන්ස, ආර්ය්ය විනයෙහි කිසෙයින් ව්යවහාර සමුච්ඡේදය වේ ද? මැනැව වහන්ස, යම්පරිදි ආර්ය්ය විනයෙහි කිසෙයින් ව්යවහාරසමුච්ඡේදය වේ නම්, මට භාග්යවත්හු එපරිදි දහම් දෙසනසේක්ව’යි. එහෙයින් ගැහැවිය, අසව, මනාකොට මෙනෙහි කරව, කියමි’යි. ‘එසේ යැ, වහන්සැ’යි පෝතලිය ගෘහපති භාග්යවතුන් වහන්සේට පිළිවදන් දින. භාග්යවත්හු තෙල වදාළසේක.
ගැහැවිය, මේ අට දහම් කෙනෙක් ආර්ය්ය විනයෙහි ව්යවහාර සමුච්ඡේදය පිණිස පවත්නාහ. කවර අටදෙනෙකෙ යත්: ප්රාණවධ නො කරනු නිසා ප්රාණඝාතය හළයුතු යැ, දුන් දෑ ගැනීම නිසා අයිනාදන් හළයුතු යැ, සබසව නිසා මුසාව හළයුතු යැ, නො පිසිනුබස් නිසා පිසුනු බස් හළයුතු යැ, අගිද්ධිලෝභය නිසා ගේධසංඛ්යාතලෝභය හළයුතු යැ, අනින්දාරොසය නිසා නින්දා ගැටීම හළයුතු යැ, අකෝධූපායාසය නිසා ක්රෝධ උපායාස හළයුතු යැ, අනතිමානය නිසා අතිමානය හළයුතු යැ, ගැහැවිය, (මා විසින්) සැකෙවින් කියන ලද විස්තර විසින් විභාග නො කළ මේ අටදහම්හු ආර්ය්ය විනයෙහි ව්යවහාරසමුච්ඡේදය පිණිස පවත්නාහ.
වහන්ස, භගවත්හු විසින් සැකෙවින් වදාරනලද විස්තරයෙන් විභාග නො කළ යම් අෂ්ටධර්ම කෙනෙක් ආර්ය්ය විනයෙහි ව්යවහාරසමුච්ඡේදය පිණිස පවත්නාහු ද, භාග්යවතුන් වහන්ස, භාග්යවතුන් වහන්සේ මේ අෂ්ට ධර්ම විස්තර විසින් අනුකම්පා පිණිස විභාග කරනසේක්වා’යි. ගැහැවිය, එසේ වී නම් අසව, මොනවට මෙනෙහි කරව. කියන්නෙමි’යි. ‘එසේ යැ වහන්සැ’යි පෝතලිය ගෘහපති භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස්විය. භාග්යවතුන් වහන්සේ තෙල වදාළසේක.
‘ප්රාණවධ නො කරනු නිසා ප්රාණඝාතය හළයුතු’ යයි මෙසේ තෙල කියනලද. මේ කුමක් පිණිස කියනලද ද යත්: ගැහැවිය, මෙ සස්නෙහි ආර්ය්යශ්රාවක මෙසේ ප්රත්යවේක්ෂා කෙරෙයි: “මම් යම් සංයෝජන කෙනෙකුන් හේතු කොට ‘පාණාතිපාතී’ වෙම් නම් මම් ඒ සංයෝජනයන්ගේ ප්රහාණය පිණිස සමුච්ඡේදය පිණිස පිළිපන්මි. මම් වැළිත් පාණාතිපාතතී වෙම් නම් තෙමේත් මට ප්රාණවධ හේතුයෙන් නුගුණ කියන්නේ යැ. නුවණැත්තාහු දැන ප්රාණවධ හේතුයෙන් නිගා කරන්නාහු යැ. ප්රාණවධ හේතුයෙන් කාබුන් මරණින් මතු දුගතිය කැමැති වියයුත්තී යැ. යළි යම් ප්රාණවධයෙක් වේ ද මෙය මැ සංයෝජන යැ. මෙය නීවරණ යි. ප්රාණඝාත ප්රත්යයෙන් දුඃඛපරිදාහ ඇති යම් ආස්රව කෙනෙක් උපදනාහු නම් ප්රාණඝාතයෙන් වෙන් වූනහුට මෙසේ ඒ විඝාතපරිදාහ වූ ආස්රවයෝ නොවෙති. ‘ප්රාණවධ නො කරනු නිසා ප්රාණඝාතය හළයුතු’ යයි මෙසේ තෙල සඳහා කියනලදි.
‘දුන් දැය ගනු නිසා අයිනාදන් හළයුතු’ යයි මෙසේ තෙල කියනලද. තෙල කුමක් කියනලද යැ යත්: ‘ගැහැවිය, මෙ සස්නෙහි ආර්ය්යශ්රාවක මෙසේ සලකයි: “මම් යම් සංයෝජන කෙනෙකුන් හේතු කොට ‘අදින්නාදායී’ වෙම් නම් මම් ඒ සංයෝජනයන්ගේ ප්රහාණය පිණිස සමුච්ඡේදය පිණිස පිළිපන්මි. මම් වැළිත් අදින්නාදායී වෙම් නම් අදින්නාදාන