1. 5. 6.
මහාධම්මසමාදාන සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ, අනේවඩු මහසිටාණන්ගේ ආරාමයෙහි වැඩවාස කරන සේක. එකල භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්ෂූන් ඇමැතුසේක. ඒ භික්ෂූහු ‘වහන්සැ’යි භාග්යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
2. මහණෙනි, සත්ත්වයෝ “අනිෂ්ට, අකාන්ත, අමනාප, ධර්මයෝ පිරිහී යෙත්වා - ඉෂ්ට, කාන්ත, මනාප, ධර්මයෝ වෙසෙසින් වැඩීයෙත්වා”යි බෙහෙවින් මෙසේ කැමැතියහ. මෙසේ සඳ ඇතියහ. මෙසේ අධිප්රාය ඇතියහ. මහණෙනි, මෙසේ කැමැති, මෙසේ සඳ ඇති, මෙසේ අධිප්රාය ඇති ඒ සත්ත්වයනට අනිෂ්ට, අකාන්ත, අමනාප ධර්මයෝ වැඩෙත්. ඉෂ්ට, කාන්ත, මනාප ධර්මයෝ පිරිහෙත්. මහණෙනි, එකරුණෙහි තෙපි කිනම් හේතුවක් ප්රත්යය කොට ගන්ව? “වහන්ස, අපගේ ධර්මයෝ භාග්යවතුන් වහන්සේ මුල් කොට ඇතියහ. භාග්යවතුන් වහන්සේ නේතෘ කොට ඇතියහ. භාග්යවතුන් වහන්සේ කෙරෙහි පිළිසරණ ඇතියහ. වහන්ස, අයැද සිටුම්හ: තෙල භාෂිතයාගේ අර්ත්ථ භාග්යවතුන් වහන්සේට ම වැටහේවා. භාග්යවතුන් වහන්සේගේ බස් අසා භික්ෂූහු ධරන්නාහ.” එසේ නම් මහණෙනි, අසව, මනාකොට මෙනෙහි කරව. කියම්හ. ‘වහන්ස, එසේ ය’යි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්යවතුන් වහන්සේ තෙල වදාළහ:
3. මහණෙනි, මෙලොව (බුද්ධාදී) ආර්ය්යයන් නො දක්නාසුලු, ආර්ය්ය ධර්මයෙහි අදක්ෂ, ආර්ය්යධර්මයෙහි අවිනීත, (බුද්ධාදී) සත්පුරුෂයන් නො දක්නාසුලු, සත්පුරුෂධර්මයෙහි අදක්ෂ, සත්පුරුෂධර්මයෙහි අවිනීත අශ්රැතවත් පෘථග්ජන සෙවියයුතු දහම් නො දන්නේ ය. නොසෙවියයුතු දහම් නො දන්නේ ය. භජන කළයුතු ධර්ම නො දන්නේ ය. භජන නො කළයුතු ධර්ම නො දන්නේ ය. හේ සෙවියයුතු ධර්ම නො දන්මින් නොසෙවියයුතු ධර්ම නො දන්මින් භජන කළයුතු ධර්ම නො දන්මින් භජන නොකළයුතු ධර්ම නො දනිමින්, නොසෙවිය යුතු ධර්ම සෙවුනේ ය. සෙවියයුතු ධර්ම නොසෙවුනේ ය. භජන නොකළයුතු ධර්ම භජන කරන්නේ ය. භජන කළයුතු ධර්ම භජන නො කරන්නේ ය. නොසෙවියයුතු දහම් සෙවුනා, සෙවියයුතු දහම් නොසෙවුනා, භජන කළයුතු දහම් භජන නො කරන, භජන නොකළයුතු දහම් භජන කරන ඒ අශ්රැතවත් පෘථග්ජනයාහට අනිෂ්ට, අකාන්ත, අමනාප ධර්මයෝ වෙසෙසින් වැඩීයෙති. ඉෂ්ට, කාන්ත, මනාප ධර්මයෝ පිරිහීයෙති. ඒ කවර හෙයින යත්: මහණෙනි, අන්ධබාල පෘථග්ජනයාහට යම්බඳු (හේතුයෙක්) වේ ද, තෙල එබඳු ම වෙයි.
4. මහණෙනි, ආර්ය්යයන් දක්නාසුලු, ආර්ය්යධර්මයෙහි දක්ෂ, ආර්ය්යධර්මයෙහි සුවිනීත, සත්පුරුෂයන් දක්නාසුලු, සත්පුරුෂධර්මයෙහි දක්ෂ, සත්පුරුෂ ධර්මයෙහි සුවිනීත, ශ්රැතවත් ආර්ය්යශ්රාවක සෙවියයුතු දහම් දන්නේ ය. නොසෙවියයුතු දහම් දන්නේ ය. භජන කළයුතු දහම් දන්නේය. භජන නොකළයුතු දහම් දන්නේය. හේ සෙවියයුතු දහම් දනිමින් නො සෙවියයුතු දහම් දන්මින්, භජන කළයුතු දහම් දනිමින් භජන නො කළයුතු දහම් දනිමින්, නොසෙවියයුතු දහම් නොසෙවුනේ ය. සෙවියයුතු දහම් සෙවුනේ ය. භජන නොකළයුතු දහම් භජන නො කරන්නේ ය. භජන කළයුතු දහම් භජන කරන්නේ ය. නොසෙවියයුතු දහම් නො සෙවුනා සෙවියයුතු දහම් සෙවුනා, භජන නො කළයුතු දහම් භජන නොකරන, භජන කළයුතු දහම් භජන කරන ඒ ආර්ය්යශ්රාවකයාහට අනිෂ්ට, අකාන්ත, අමනාප ධර්මයෝ පිරිහීයෙති. ඉෂ්ට, කාන්ත, මනාප ධර්මයෝ වැඩීයෙති. ඒ කවර හෙයින යත්: මහණෙනි, ප්රශස්ත බුද්ධිඇති පණ්ඩිතයාහට යම්බඳු (හේතුයෙක්) වේ ද, තෙල එබඳු ම වෙයි.
5. මහණෙනි, මේ ධර්මසමාදානයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, මෙවත්මන්හිදු දුක්දෙන මතු අනායෙහි දු දුක්විවා දෙන ධර්මසමාදානයෙක් ඇත. මහණෙනි, මෙවත්මනු සුව දෙන, මතු අනායෙහි දුඃඛවිපාක දෙන ධර්මසමාදානයෙක් ඇත. මහණෙනි, මෙවත්මනු දුක් දෙන, මතු අනායෙහි සුඛවිපාක දෙන ධර්මසමාදානයෙක් ඇත. මහණෙනි මෙවත්මනුයෙහි සුව දෙන, මතු අනායෙහි සුඛවිපාක දෙන ධර්මසමාදානයෙක් ඇත.
6. මහණෙනි, එ ධර්මසමාදානයන් කෙරෙහි මෙවත්මනු දුඃඛදායක මතු අනායෙහි දුඃඛවිපාකදායක වූ යම් ධර්මසමාදානයෙක් (ප්රාණවධාදි ධර්මයන්ගේ ග්රහණයෙක්) ඇද්ද, එය අවිද්යායෙන් සමන්වාගත විද්වත් නො වූ පුද්ගල “මේ ධර්මසමාදානය නම් මෙවත්මනු දුක් දෙන්නා වූ ද, මතු අනායෙහි දුඃඛවිපාක දෙන්නා වූ ද එකෙකැයි ඇතිසැටි නො දන්නේ ය. අවිද්යාසමන්වාගත අවිද්වත් පුද්ගල ඒ ධර්මසමාදානය යාථාවයෙන් නො දන්නේ එය සෙවුනේ ය, එය නො හරනේ ය. ඒ ධර්මසමාදාන සෙවුනා, එය නො හරනා, ඔහට අනිෂ්ට, අකාන්ත, අමනාප ධර්මයෝ වෙසෙසින් වැඩෙත්. ඉෂ්ට, කාන්ත, මනාප, ධර්මයෝ පිරිහීයෙත්. ඒ කවර හෙයින යත්: මහණෙනි අවිද්වත්හට යම් බඳු (හේතුයෙක්) වේ ද, තෙල එබඳු ම වෙයි.
7. මහණෙනි, ඒ ධර්මසමාදානයන් කෙරෙහි මෙවත්මන්හි සුඛ වූ මතු අනාගතයෙහි දුඃඛවිපාක වූ යම් ධර්ම සමාදානයෙක් ඇද්ද, අවිද්යායෙන් සමන්වාගත අවිද්වත් පුද්ගල “මේ ධර්ම සමාදාන නම්, ප්රත්යුත්පන්නසුඛ ය, අනාගත දුඃඛවිපාක ය” කියා එය යථාස්වභාවයෙන් නො දන්නේ ය. අවිද්යාගත විද්යානැති පුද්ගල එය ඇතිසැටි නො දන්නේ එය සෙවුනේ ය. එය නොහරනේ ය. එය සෙවුනා, එය නො හරනා ඔහට අනිෂ්ට, අකාන්ත, අමනාප ධර්මයෝ වෙසෙසින් වැඩෙත්. ඉෂ්ට, කාන්ත, මනාප ධර්මයෝ පිරිහීයෙත්. ඒ කවර හෙයින යත්: මහණෙනි, අවිද්වත්හට යම්බඳු (හේතුයෙක්) වේ ද, තෙල එබඳු ම වෙයි.