11. තවද, මහණෙනි, අනෙකෙක් වෙයි. මහණ, හම්මනතාක් කුස් පුරා වළඳා සෙය්‍යසුඛයෙහි (ඇඳ පුටු පහසින් වන සැපයෙහි) පස්සසුඛයෙහි (පෙරළි පෙරළි හෝනාහට වන පාර්ශ්වසුඛයෙහි) මිද්ධසුඛයෙහි (නිදීමෙන් වන සැපයෙහි) යෙදුණේ වෙසෙයි. මහණෙනි, යම් ඒ මහණෙක් කැමැතිතාක් කුස්පුරා වළඳා සෙය්‍යසුඛයෙහි පස්සසුඛයෙහි මිද්ධසුඛයෙහි යුක්තප්‍රයුක්ත ව වෙසේ ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නො නැමෙයි. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නො නැමේ නම්, මෙසේ ඔහුගේ මේ සිවුවන චිත්තවිනිබන්‍ධය නො සිඳුණේ වෙයි.
12. තවද මහණෙනි, අනෙකෙක් වෙයි. මහණ, එක්තරා දේවනිකායක් පතා මම මේ සීලයෙන් හෝ වතින් හෝ තපසින් හෝ බඹසරින් හෝ දෙවියෙකිම් හෝ දෙවියන් අතුරෙන් එක්තරා එකෙකිම් හෝ වන්නෙමි’ යි බඹසර පුරයි. මහණෙනි, යම් ඒ මහණෙක් එක්තරා දේවනිකායක් පතා මම මේ සීලයෙන් හෝ වතින් හෝ තපසින් හෝ බඹසරින් හෝ දෙවියෙකිම් හෝ දෙවියන් අතුරෙන් එක්තරා එකෙකිම් හෝ වන්නෙමි’ යි බඹසර පුරා නම් ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නො නැමේ. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නො නැමේ නම් මෙසේ ඔහුගේ මේ පස්වන චිත්තවිනිබන්‍ධය නො සිඳුණේ වෙයි.
ඔහුගේ මේ චිත්තවිනිබන්‍ධයෝ පස් දෙන නො සිඳුණාහු වෙති.
13. මහණෙනි, යම් කිසි මහණක්හුගේ මේ සිත් කසළහු පස්දෙන ප්‍රහීණ නො වූවාහු ද, මේ චිත්තවිනිබන්‍ධයෝ පස්දෙන නො සිඳුණාහු ද, හෙ ඒකාන්තයෙන් මේ ශාසනයෙහි වැඩීමට ද විරුඪියට ද වෛපුල්‍යයට ද පැමිණෙන්නේ ය යන මේ කාරණය විද්‍යමාන නො වෙයි.
14. මහණෙනි, යම් කිසි මහණක්හුගේ මේ සිත් කසළහු පස්දෙන ප්‍රහීණ වූවාහු ද, චිත්තවිනිබන්‍ධයෝ මොනවට සිඳුණාහු ද, හෙ ඒකාන්තයෙන් මේ ශාසනයෙහි වැඩීමට ද විරූඪියට ද වෛපුල්‍යයට ද පැමිණෙන්නේ ය යන මේ කාරණය විද්‍යමාන වෙයි.
15. ඔහුගේ කවර නම් සිත් කසළහු පස් දෙනෙක් ප්‍රහීණ වූවාහු වෙත් ද?
මහණෙනි, මේ ශාසනයෙහි මහණ, බුදුන් කෙරෙහි සැක නො කෙරෙයි. විචිකිච්ඡා නො කෙරෙයි. නිශ්චයට පැමිණෙයි. පහදියි. මහණෙනි, යම් ඒ මහණෙක් බුදුන් කෙරෙහි සැක නො කෙරේ ද, විචිකිච්ඡා නො කෙරේ ද, නිශ්චයට පැමිණේ ද, පහදී ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියාව පිණිස ප්‍රධන් පිණිස නැමේ. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නැමේ නම්, මෙසේ ඔහුගේ මේ පළමුවන සිත්කසළ ප්‍රහීණ වූයේ වෙයි.
16. තවද, අනෙකෙක් වෙයි. මහණෙනි, මහණ, ධර්‍මයෙහි සැක නො කෙරෙයි. විචිකිච්ඡා නො කෙරෙයි. නිශ්චයට පැමිණෙයි. පහදියි. මහණෙනි, යම් ඒ මහණෙක් ධර්‍මයෙහි සැක නො කෙරේ ද, විචිකිච්ඡා නො කෙරේ ද, නිශ්චයට පැමිණේ ද, පහදී ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නැමෙයි. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නැමේ නම්, මෙසේ ඔහුගේ මේ දෙවන සිත්කසළ ප්‍රහීණ වූයේ වෙයි.
17. තවද, අනෙකෙක් වෙයි. මහණෙනි, මහණ, සඞ්ඝයා කෙරෙහි සැක නො කෙරෙයි. විචිකිච්ඡා නො කෙරෙයි. නිශ්චයට පැමිණෙයි. පහදියි. මහණෙනි, යම් ඒ මහණෙක් සඞ්ඝයා කෙරෙහි සැක නො කෙරේ ද, විචිකිච්ඡා නො කෙරේ ද, නිශ්චයට පැමිණේ ද, පහදී ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නැමෙයි. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නැමේ නම්, මෙසේ ඔහුගේ මේ තෙවන සිත්කසළ ප්‍රහීණ වූයේ වෙයි.
18. තවද, අනෙකෙක් වෙයි. මහණෙනි, මහණ, ශික්‍ෂාව කෙරෙහි සැක නො කෙරෙයි. විචිකිච්ඡා නො කෙරෙයි. නිශ්චයට පැමිණෙයි. පහදියි. මහණෙනි, යම් ඒ මහණෙක් ශික්‍ෂාව කෙරෙහි සැක නො කෙරේ ද, විචිකිච්ඡා නො කෙරේ ද, නිශ්චයට පැමිණේ ද, පහදී ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා කිරීම පිණිස ප්‍රධන් පිණිස නැමෙයි. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා කිරීම පිණිස ප්‍රධන් පිණිස නැමේ නම්, මෙසේ ඔහුගේ මේ සතරවන සිත් කසළ ප්‍රහීණ වූයේ වෙයි.