6. 7.
1087. ඉතා උස්වූ පියුම්රාමිණි ආදියෙන් කළ ටැම් ඇති මේ විමානය හාත්පසින් සොළොස් යොදුනෙකි. වෙරළුමිණියෙන් කළ ටැම් ඇති රුවන්පෝරු ඇතුරූ බිම් ඇති උදාර වූ යහපත් වූ කුළුගෙවල් සත් සියයෙක් වෙත්.
1088. එහි (තෝ) සිටිනෙහි ය. පානය කරනෙහි ය, අනුභව කරනෙහි ය, දිව්ය වීණාවෝ ද මිහිරි සේ වාදනය වෙති, සූ සැටක් පමණ වූ පුහුණු වූ සොඳුරු සැහැවි ඇති දෙව්ලොව සුවසේ හැසිරෙන්නා වූ උදාර වූ දිව්යකන්යාවෝ ද නටති ගයති ප්රමෝද වෙත්.
1089. (තෝ) දේවර්ධියට පැමිණියෙහි මහත් අනුභාව ඇත්තෙහි. මනුෂ්ය වූයෙහි කිනම් පිනක් කෙළෙහි ද? තාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කිනම් පිනෙකින් මෙසේ දිලියෙන පුණ්යර්ධි ඇත්තෙහි ද?
1090. මේ පුණ්යඵලය යම් කවර කර්මයක්හු ගේ දැ යි මුගලන් තෙරුන් විසින් පුළුවුස්නාලද ඒ දේවපුත්ර තෙමේ තුටු සිත් ඇත්තේ (මෙසේ) පැවසී ය.
1091. (වහන්ස) මම මිනිසුන් අතුරෙහි මිනිසෙක් වූයෙම් යව පල්ලෙක් විමි. (එකල්හි) පහවූ රාගාදි රජස් ඇති වෙසෙසින් පහන් වූ කෙලෙස් කිලුටෙන් නො කැලඹුණු සිත් ඇති පැවිද්දකු දුටිමි.
1092. මම පහන් වූයෙම් කොමුපිඬු කොටසක් උන්වහන්සේට සියතින් පිදීමි. (ඒ කොමුපිඬු) පිදීමෙන් නදුන්වෙනෙහි සතුටු වෙමි.
1093. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තෘහු මට පහළ වෙත්.
1094. මහත් අනුභාව ඇති ශ්රමණයන් වහන්ස, මිනිස් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්යර්ධි ඇත්තෙමි. මාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.
යවපාලකවිමාන යි
6. 8.
1095. (එම්බා දිව්යපුත්රය) අලඞ්කෘත වූ දිවමලින් බරවූ මනාවස්ත්ර ඇති ශෝභන කුණ්ඩලාභරණ ඇති අන්දම් තබන ලද කෙස්රැවුළු ඇති පැළඳි අත් අබරණ ඇති පිරිවර ඇති (තෝ) දිව විමන්හි සඳ මෙන් බබළන්නෙහි.
1096. (එහි) දිව්යවීණාවෝ මිහිරි සේ වාදනය වෙති. සූසැටක් පමණ වූ පුහුණු වූ සොඳුරු සැහැවි ඇති දෙව්ලොව සුවසේ හැසිරෙන්නා වූ උදාර වූ දිව්ය කන්යාවෝ ද නටති ගයති ප්රමෝද වෙත්.
1097. (තෝ) දේවර්ධියට පැමිණියෙහි මහත් අනුභාව ඇත්තෙහි. මනුෂ්ය වූයේ කිනම් පිනක් කෙළෙහි ද? තාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කිනම් පිනෙකින් මෙසේ දිලියෙන පුණ්යර්ධි ඇත්තේ වෙහි ද?
1098. මේ පුණ්යඵලය යම් කවර කර්මයක්හුගේ දැ යි මුගලන් තෙරුන් විසින් පුළුවුස්නාලද ඒ දේවපුත්ර තෙමේ තුටු සිත් ඇත්තේ (මෙසේ) පැවසී ය.
1099. (වහන්ස) මම මිනිසුන් අතුරෙහි මනුෂ්ය වූයෙම් සිල්වත් විද්යා හා චරණ ධර්මයන්ගෙන් යුත් පිරිවර ඇති බහුශ්රුත වූ තෘෂ්ණාක්ෂය කළ ශ්රමණයන් දැක පහන් සිතැත්තෙම් අහර ද පැන් ද සකස් කොට මහත් දානයක් දුනිමි.
1100. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
1101. මහත් අනුභාව ඇති ශ්රමණයන් වහන්ස, මිනිස් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්යර්ධි ඇත්තෙමි. මාගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි.
පඨමකුණ්ඩලීවිමාන යි.