4. 4.
712. (එම්බා) දෙව්දුව, යම්බඳු වූ තෝ මනා රුසිරෙන් සියලු දිගුන් බබුළුවන්නී දවහත් තරුව සේ සිටිනෙහි.
713. කවර හේතුවකින් තිට එබඳු සිරුරු පැහැයෙක් වී ද? කවර පිනෙකින් තිගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළ වෙත් ද?
714. මහත් ආනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කෙළෙහි ද? තීගේ මේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙබඳු දිලියෙන පුණ්යර්ධි ඇත්තී වෙහි ද?
715. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නාලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇතිතී මේ පුණ්යඵලය යම් කවර කර්මයක්හුගේ දැ යි (මෙසේ) පැවැසූ ය.
716. මම ද බරණැස දී සූර්ය්යබන්ධු වූ බුදුරජුන්ට පහන් වූවා සියතින් වියළි කොමු පිඬූවක් දුනිමි.
717. වියළි ලුණු නැති කොමුපිඬු දානයෙහි විපාකය ද බලනු මැනවි. (වියළි කොමුපිඬු පමණක් දී) සුඛිත වූ අලෝමාව දැක කවරෙක් පින් නො කරන්නේ ද?
718. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
719. මහත් ආනුභාව ඇති ශ්රමණයන් වහන්ස, මිනිස් දුවක් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්යර්ධි ඇත්තී වෙමි. මාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බුබුළුවයි.
අලොමාවිමාන යි.
4. 5.
720. (එම්බා) දෙව්දුව, යම්බඳු වූ තෝ මනා රුසිරෙන් සියලු දිගුන් බබුළුවන්නී දවහත් තරුව සේ සිටිනෙහි.
721. කවර හේතුවකින් තිට එබඳු සිරුරු පැහැයෙක් වී ද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළවෙත් ද?
722. මහත් ආනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කෙළෙහි ද? තීගේ මේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි, කවර පිනෙකින් මෙබඳු දිලියෙන පුණ්යර්ධි ඇත්තී වෙහි ද?
723. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී මේ පුණ්යඵලය යම් කවර කර්මයක්හුගේ දැ යි (මෙසේ) පැවසූ ය.
724. මම අන්ධකවින්ද රටදී සූර්ය්යබන්ධු වූ බුදුරජුන්ට තෙලින් දුහුන් කරනලද කෝලසම්පාක නම් බෙහෙත් කැඳක් දුනිමි.
725. තිප්පිලි සුදුලූනු සුවඳ හොටින් මිශ්ර වූ බෙහෙත් කැඳක් ඍජු වූ බුදුරජුන් වෙත වෙසෙසින් පහන් සිතින් දුනිමි.
726. සියලු අඟපසඟින් හොබනා වූ සැමියාහට නො ලමු දැකුම් ඇති යම් ස්ත්රියක් තොමෝ සක්විති රජකුට අගමෙහෙසි බව කරන්නී ද? එය මේ හඹුදනෙහි සොළොස්වන කලාවෙන් කලාවටත් නො අගී.
727. සියක් දහසක් රන්නික ද සියක් දහසක් අස්සු ද සියක් දහසක් අස් වෙළෙඹුන් යෙදූ රිය ද පැළැඳි මිණි කොඬොල් ඇති සියක් දහසක් කන්යාවෝ ද මේ කැඳ දුන් ඵලයෙහි සොළොස්වැනි කලාවෙන් කලාවකුදු නො අගිත්.