1. 8.
63. (එම්බා) දෙව්දුව, තෝ රනින් කළ පියසි ඇති නැවකට නැගී සිටිනහු. (එසේ ම දිව කුසුමෙන් ගැවසුණු) පොකුණට බැස සිටිනහු. අතින් පියුම් නෙළනහු.
64. කොටස් වශයෙන් බෙදනලද ප්රමාණවත් වූ, කුළුගෙවල් ඇති බබළන්නා වූ තීගේ නිවෙස්හු හාත්පස සිවුදිගුන් බබුළුවත්.
65. කවර හේතුවකින් තිට එබඳු සිරුරුපැහැයෙක් වී ද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන යම් කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළ වෙත් ද?
66. මහත් අනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කළහු ද, තීගේ මේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙබඳු දිලියෙන පුණ්යර්ද්ධි ඇත්තී වූ ද?
67. සම්බුදු රදුන් විසින් ම පුළුවුස්නා ලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී මේ පුණ්යඵලය යම් කවර කර්මයක්හුගේ දැයි (මෙසේ) පැවසූ ය.
68. මම පෙර අත්බැවුහි මිනිස් ලොවැ මිනිසුන් අතර මිනිස්දුවක් වූවා. හටගත් පවස් ඇති ක්ලාන්ත වූ භික්ෂූන් දැක නැගී සිට පීමට පැන් දුනිමි.
69.යමෙක් ඒකාන්තයෙන් හටගත් පවස් ඇති ක්ලාන්ත වූවන්ට නැගී සිට පීමට පැන් දේ ද, ඔහුට සිහිල් දිය පිරුණු බොහෝ මල් ඇති බොහෝ සුදුපියුම් ඇති නදීහු පහළ වෙති.
70. හැම කල්හි ම සිහිල්දිය ගලාබස්නා සිහිල්දිය පිරුණු සුදුවැලි අතුරනලද ගඞ්ගාවෝ ඔහුගේ විමන වටකොට සිටිත්. පිපුණු මල් ඇති අඹ සල් තිලක දඹ ඇසල පළොල් රුක්හු ද එහි වෙත්.
71. එවැනි භූමිභාගයන්ගෙන් පැසසියයුතු බැවින් යුක්ත වූ අතිශයින් බබළන දිව්යවිමාන ලබත්. (එදා මාවිසින් කළ) ඒ කර්මයාගේ මෙහි මේ විපාකය වෙයි. කළ පිනැත්තෝ මෙබඳු සම්පත් ලබත්.
72. කොටස් වශයෙන් බෙදනලද ප්රමාණවත් වූ කුළුගෙවල් ඇති බබළන්නා වූ මාගේ නිවෙස්හු හාත්පස සිවුදිගුන් බබුළුවත්.
73. ඒ පිනෙන් මාගේ සිරුරුපැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන යම්කිසි සම්පත්තීහු වෙත් ද? ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
74. මෙසේ මම ඒ පිනෙන් දිලියෙන පුණ්යර්ධි ඇත්තී වෙමි. ඒ මාගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි. බුදුරජාණන් වහන්සේ මාගේ ප්රයෝජනය පිණිස පැන් වැළදුසේක් ද ඒ කුසල කර්මයාගේ මේ විපාකය වේ.
තෘතීය නාවාවිමාන යි.
1. 9.
75. (එම්බා) දෙව්දුව, යම්බඳු වූ තෝ මනා රුසිරින් සියලු දිගුන් බබුළුවමින් දවහත් තරුව සේ සිටිවු ද,
76. කවර හේතුවකින් තිට එබඳු සිරුරුපැහැයෙක් වී ද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන යම්කිසි සම්පත්තීහු වෙත් ද? ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළ වෙත් ද?
77. (එම්බා) දෙව්දුව, නිර්මල වූ ශරීරාලෝකයක් ඇති තෙපි කවර පිනෙකින් (අන් හැම සුරන් මැඩ) බබළන්නහු ද? කවර පිනෙකින් තීගේ සියලු ශරීරාවයවයන්ගෙන් සියලු දිගුහු බබළත් ද?
78.මහත් අනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කළහු ද? තීගේ (මේ) සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි. (කවර පිනෙකින්) මෙබඳු දිලියෙන පුණ්යර්ද්ධි ඇත්තී වූ ද?
79. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී මේ පුණ්යඵලය යම් කවර කර්මයක්හුගේ දැ යි (මෙසේ) පැවැසූ ය.