1. 9.
75. (එම්බා) දෙව්දුව, යම්බඳු වූ තෝ මනා රුසිරින් සියලු දිගුන් බබුළුවමින් දවහත් තරුව සේ සිටිවු ද,
76. කවර හේතුවකින් තිට එබඳු සිරුරුපැහැයෙක් වී ද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන යම්කිසි සම්පත්තීහු වෙත් ද? ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළ වෙත් ද?
77. (එම්බා) දෙව්දුව, නිර්මල වූ ශරීරාලෝකයක් ඇති තෙපි කවර පිනෙකින් (අන් හැම සුරන් මැඩ) බබළන්නහු ද? කවර පිනෙකින් තීගේ සියලු ශරීරාවයවයන්ගෙන් සියලු දිගුහු බබළත් ද?
78.මහත් අනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කළහු ද? තීගේ (මේ) සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි. (කවර පිනෙකින්) මෙබඳු දිලියෙන පුණ්යර්ද්ධි ඇත්තී වූ ද?
79. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී මේ පුණ්යඵලය යම් කවර කර්මයක්හුගේ දැ යි (මෙසේ) පැවැසූ ය.
80.මම පෙර අත්බැව්හි මිනිස්ලොවැ මිනිසුන් අතර මිනිස් දුවක් වූවා පහන් දැල්වීමට සුදුසු බොල් ගන අඳුරෙහි පහන් උපකරණ දුනිමි.
81. යමෙක් පහන් දැල්වීමට සුදුසු බොල් ගන අඳුරෙහි පහන් දේ ද, (ඒ පිනෙන් හේ) බොහෝ උපුල් මල් ඇති බොහෝ සුදුපියුම් ඇති ජෝතිරස විමානයට පිළිසඳ විසින් පැමිණෙයි.
82. ඒ පිනෙන් මාගේ සිරුරුපැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන යම් කිසි සම්පත්තීහු වෙත් ද ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
83. නිර්මල වූ ශරීරාලෝක ඇති මම ඒ පින කරණකොට ගෙන අන් හැම දෙවියන් ඉක්මවා බබළමි. ඒ පිනින් මාගේ සියලු ශරීරාවයවයන් ගෙන් සියලු දිගුහු බබළත්.
84. මහත් ආනුභාව ඇති ශ්රමණන් වහන්ස, මිනිස් දුවක් වූ මම යම් පිනක් කෙළෙම් ද (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්යර්ද්ධි ඇත්තී වෙමි. මාගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි.
දීපවිමාන යි.
1. 10.
85. (එම්බා) දෙව්දුව, යම්බඳු වූ තෝ මනා රුසිරෙන් සියලු දිගුන් බබුළුවමින් දවහත් තරුව සේ සිටිවු ද,
86. කවර හේතුවකින් තිට එබඳු සිරුරුපැහැයෙක් වී ද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන යම්කිසි සම්පත්තීහු වෙත් ද? ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළ වෙත් ද,
87. මහත් අනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කළහු ද, තීගේ මේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි. (කවර පිනෙකින්) මෙබඳු දිලියෙන පුණ්යර්ද්ධි ඇත්තී වවු ද?
88. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී මේ පුණ්යඵලය යම් කවර කර්මයක්හුගේ දැයි පැන පුළුවුස්නා ලද්දී (මෙසේ) පැවසූ ය.
89. මම පෙර අත්බැව්හි මිනිස් ලොවැ මිනිසුන් අතර මිනිස් දුවක් වූමු. (එකල මම) පහවූ රාගාදී රජස් ඇති වෙසෙසින් පහන් වූ නොකැළඹුණු සිත් ඇති බුදුන් දුටිමි.