5. 1. 12.
370 යමෙක් ඒකාන්තයෙන් ගුරුන්ගේ වදන් දන්නේ ධීර වූයේ ඒ ගුරුන්ගේ අවවාදයෙහි වසනුයේ එහි ප්‍රේම උපදවන්නේත් වේ ද, හෙතෙම භක්ති ඇත්තේ නමුදු පණ්ඩිත වූයේ නමුදු වෙයි. (සිව්සස්දහම්) දැන (ලොවිලොව්තුරා) දහම්හි විශිෂ්ට ද වන්නේ යැ.
371. උපන් (ශීතොෂ්ණාදි ප්‍රකට වූත් රාගාදී ප්‍රතිච්ඡන්න වූත්) ආපදාවෝ බලවත් වූවාහු නුමුදු පටිසංඛානබලයෙහි සිටි යම් පුද්ගලයකු නො සලත් ද ඒ පුද්ගල තෙම පරාක්‍රම ඇත්තේ නමුදු පණ්ඩිත වූයේ නමුදු වෙයි. (සිසුසස්දහම්) දැන දහම්හි විශිෂ්ට වූයේ ද වන්නේ යැ.
372. යමෙක් ඒකාන්තයෙන් සමුද්‍රය මෙන් අකම්පිත වූයේ ස්ථිර වැ සිටියේ ද ගැඹුරු නුවණැත්තේ සියුම් අරුත් දන්නාසුලු වේ ද හෙතෙම (කෙලෙසුන් විසින්) පැහැරගත නො හැක්කේ නමුදු පණ්ඩිත වූයේ නමුදු වෙයි. සිවුසස් දහම් දැන දහම් හි විශිෂ්ට වූයේ ද වන්නේ යැ.
373. යමෙක් බහුශ්‍රුත වූයේ ධර්‍මධර වූයේත් වේ ද, නවලොව්තුරුදහමට අනුධර්‍ම වූ පූර්‍වභාගප්‍රතිපදායෙහි හැසිරෙන්නේත් වේ ද හෙතෙම ගුරුන් හා සදෘශ වූයේ නුමුදු පණ්ඩිත වූයේ නුමුදු වෙයි. සියුසස්දහම් දැන දහම්හි විශිෂ්ට වූයේ ද වන්නේ යැ.
374. යමෙක් (සම්බුද්ධ) භාෂිතයාගේ අර්‍ත්‍ථයත් දනී ද අර්‍ත්‍ථය දැන ඒ දහම්හි වූ පරිදි පළිපදනේත් වේ ද, හෙතෙම අර්‍ත්‍ථාන්තර ඇත්තේ නමුදු පණ්ඩිත වූයේ නමුදු වෙයි. සිසුසස් දහම් දැන දහම්හි විශිෂ්ට වූයේ ද වන්නේ යි.
මෙසෙයින් ආයුෂ්මත් කෝසිය ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
කෝසිය ස්ථවිරගාථා යි.
උද්දානය:
රාජදත්ත යැ, සුභූත යැ, ගිරිමානන්‍ද යැ, සුමන යැ, වඩ්ඪ යැ, නදීකස්සප යැ, ගයාකස්සප යැ, වක්කලී යැ, විජිතසේන යැ, යසදත්ත යැ, සෝණ යැ යන තෙරවරු දොළොස් දෙනෙක් ද ගාථා සැටක් ද පඤ්චකනිපාතයෙහි
වෙත්.
පඤ්චකනිපාතය නිමි.