5. 1. 1.
315. භික්ෂුවක් වූ මම අමුසොහොනට ගොස් සොහොනෙහි හැරපියන ලද පණුවන් විසින් පැතිරැ කනලද (මළ) ස්ත්රියක දිටිමි.
316. ඇතැම් කෙනෙක් ලාමක වූ යම් මළ සිරුරක් දැක පිළිකුල් කෙරෙත් ද, මට එහිලා කාමරාගය පහළ විය. (යම් සිරුරක්) නවදොරින් අසූචි වැහේ නම් එහි අන්ධදයකු මෙන් වීමි.
317. බතක් පැසීමෙන් මෙපිට එතැනින් බැහැර ගියෙමි. මම සිහි ඇත්තෙම් නුවණ ඇත්තෙම් එක් පසෙකැ හුන්මි.
318. එයින් මට යෝනිසෝමනසිකාරය උපන. ආදීනව පහළ විය. නිර්වේදය එළැඹ සිටියේ.
319. එයින් මාගේ සිත (කෙලෙසුන් කෙරෙන්) මිදිණ. ධර්මයාගේ සුධර්මතාව බලව, ත්රිවිද්යාවෝ ලබන ලදහ. බුදුන්ගේ අනුශාසනය කරනලදැයි.
මෙසෙයින් ආයුෂ්මත් රාජදත්ත ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
රාජදත්ත ස්ථවිරගාථා යි.
5. 1. 2.
320. කටයුතු කැමැති වන පුරුෂ තෙම නො යෙදියයුතු අත්තකිලමථානුයෝගයෙහි තමා යොදන්නේ වේ ද, ඉදින් එහි හැසිරෙනුයේ අභිමතාර්ත්ථය නොලබන්නේ වේ ද, එය මාගේ දුර්භග ලක්ෂණය යි.
321. ඉදින් ක්ලේශවිජය නො කොට එක මැ අප්රමාදය හරනේ නම් දුර්භගයෙක් මැ වන්නේ යැ, ඉදින් සියලු වීර්ය්යාදී ධර්මය හරනේ නම් සමවිෂම නො දක්නා හෙයින් අන්ධයෙක් මැ වෙයි.
322. යමක් මැ කරන්නේ නම් එය මැ කියන්නේ යැ. යමක් නො කරන්නේ නම් එය නො කියන්නේ යැ. නො කරන දැය කියනුවන්ට පඬිවරු පරිභව කෙරෙති.
323. යම්සේ සිත්කලු වූ වර්ණවත් වූ සුවඳ නැති මලෙක් වේ ද, එපරිද්දෙන් සුභාෂිත වචනය ද නො කරනුවහුට නිෂ්ඵල වෙයි.
324. යම්සේ සිත්කලු වූ වර්ණවත් වූ සුවඳ සහිත මලෙක් වේ ද, එපරිද්දෙන් සුභාෂිත වචනය කරනුවහුට සඵල වේ යයි.
මෙසෙයින් ආයුෂ්මත් සුභූත ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
සුභූත ස්ථවිරගාථා යි.
5. 1. 3.
325. මනා ගැයුමක් මෙන් වැසි වසී. මාගේ කිළිය සොයනලද, සුව එළවන්නී යැ, (පියූ දොරකවුළු ඇති බැවින්) වාතපීඩා රහිත යැ, එහි සන්හිඳුනෙම් වාස කෙරෙමි. මේඝය ඉදින් රිසියෙයි නම් වර්ෂා කර.
326. මනා ගැයුමක් මෙන් වැසි වසී. මාගේ කිළිය සොයනලද, සුව එළවන්නී යැ, වාතපීඩා රහිත යැ, එහි සන්හුන් සිත් ඇත්තෙම් වාස කෙරෙමි. මේඝය ඉදින් රිසියෙයි නම් වර්ෂා කර.
327. වැසි වසී ... පහවැගිය රාග ඇත්තෙම් එහි වෙසෙමි. ... මේඝය ඉදින් රිසියෙයි නම් වර්ෂා කර.
328. වැසි වසී ... පහවැගිය ද්වේෂ ඇත්තෙම් එහි වෙසෙමි. … මේඝය ඉදින් රිසියෙයි නම් වර්ෂා කර.
329. වැසි වසී ... පහවැගිය මෝහ ඇත්තෙම් එහි වෙසෙමි. ... මේඝය ඉදින් රිසියෙයි නම් වර්ෂා කර.
මෙසෙයින් ආයුෂ්මත් ගිරිමානන්ද ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
ගිරිමානන්ද ස්ථවිරගාථා යි.
5. 1. 4.
330. උපාධ්යායන් වහන්සේ (ශමථවිදර්ශනාදි) ධර්මයන් කෙරෙහි යම් දහමක් පතන්නාහු අමා කැමැති මට (ඔවා දීමෙන්) අනුග්රහ කළ සේක් ද(එය ලබනුවට) මා විසින් කරණී කරනලද.
331. තමා විසින් (නවලොවුතුරු) දහම ලබන ලද, පසක් කරනලද, නිසැක (ඉතිකිරා රහිත) කරනලද. (මම) විශුද්ධඥාන ඇතියෙම් නිසැක වැ තොප වෙත ප්රකාශ කෙරෙමි.
332. පෙරවිසූ කඳපිළිවෙළ දනිමි. දිවැස පිරිසුදු කරනලද, මා විසින් ස්වාර්ත්ථය (රහත්බව) ලබනලද, බුදුන්ගේ අනුසසුන් කරනලද.
333. අප්රදමාද වූ මා විසින් තොපගේ ශාසනයෙහි ශික්ෂාවෝ මොනොවට හික්මෙනලද. මාගේ සියලු ආශ්රවයෝ ක්ෂය වූහ. දැන් පුනර්භවයෙක් නැත.
334. ආර්ය්යව්රතයෙන් මට අනුශාසනා කළහ, අනුකම්පා කළහ, අනුග්රහ කළහ. තොපගේ අවවාදය නො සිස් විය. හික්මුණු අතැවැසියෙක් වීමි.
මෙසෙයින් ආයුෂ්මත් සුමන ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
සුමන ස්ථවිරගාථා යි.