60. සට්ඨිනිපාතය
60. 1. 1.
1151. (අපි) ආරණ්යක වැ පිණ්ඩපාතික වැ පිඬුසිඟීමෙන් පාත්රයට පැමිණි අහරෙහි තුටු වැ (ගෝචර) අධ්යාත්මයෙහි මැනැවින් සමාහිත වැ මරහුගේ සේනාව සුන් කරම්හ.
1152. (අපි) ආරණ්යක වැ පිණ්ඩපාතික වැ පිඬුසිඟීමෙන් පාත්රයට පැමිණි අහරෙහි තුටු වැ ඇත්රදෙක් නළාගාරයක් (බටගෙයක්) සෙයින් මරසෙන් සලවම්හ.
1153. (අපි) වෘක්ෂ මූලික වැ (භාවනායෙහි) සාතත්යකාරී (නිරතුරු යෙදුණක් වැ) සිඟා ලද අහරෙහි තුටු වැ (ගෝචර) අධ්යාත්මයෙහි මැනැවින් සමාහිත වැ මරසෙන් සුන් කරම්හ.
1154. (අපි) වෘක්ෂමූලික වැ (භාවනායෙහි) සාතත්යකාරී (නිරතුරු යෙදුණක්) වැ සිඟා ලද අහරෙහි තුටු වැ ඇත්රදෙක් නළාගාරයක් සෙයින් මරසෙන් සලවම්හ.
1155. එම්බා ඇටසැකිලිමුවා කිළියක් ඇත්තිය, මසින් හා නහර වැලින් හිවුණිය (මැසුණිය). අසුචියෙන් පිරුණිය, දුගඳ වහන්නිය, තිට නින්දා වේවා! මෙරමා අයත් සිරුරෙහි තෝ මමායන කරනෙහි.
1156. එම්බා පුප්පිහිවාව (ගූථහස්ත්රාව), සමින් වැසුණිය, ළඟඬු (උරයෙහි නැඟුණු ගඬු ඇති) පිසස්නිය, යම් (ව්රණමුඛ) කෙනෙක් හැම තල්හි (අශූචි) වගුරත් නම් තීගේ සිරුරෙහි ඒ ව්රණමුඛයෝ නව දෙනෙකි.
1157. තිගේ සිරුර වණමුව නවයක් ඇතියේ යැ, දුගඳකර යැ, පරිබන්ධ (මනා පිළිවෙතට බාධක) යෙකි, පිරිසිදු බව කැමැත්තකු සෙයින් මහණ තෙම ඒ පුප් (අශූචි) වළ දුරු කෙරේ.
1158. මම යම්සේ ඒ අශූචිපිණ්ඩය දනිම් ද ජන තෙමේ එය එපරිද්දෙන් දනී නම් වැසි කල්හි අමේධ්යස්ථානයක් සෙයින් දුරින් දුරු කරන්නේ යි.
1159. ශ්රමණයන් වහන්ස, තෙපි යම්සේ වදාරවු නම් මහාවීරය, එය එසේ යැ, එතෙකුදුවත් මඩෙහි ජරද්ගවයකු සෙයින් ඇතැමෙක් මෙහි ගැලෙත් ලගිත්).
1160. යමෙක් කසටින් හෝ අන්රඳනෙකින් හෝ අහස රඳන්නට සිතන්නේ නම් ඒ වනාහි වෙහෙස පාළ කරන්නක් මැ වේ.
1161. (මා ගේ) ඒ සිත ආකාශය වැන්නැ, අධ්යාත්මයෙහි මැනැවින් සමාහිත යැ, එම්බා ළමු (නිහීන) සිත් ඇත්තීය, ගිනිකඳක් (ගටනා) පළඟකු සෙයින් (මා) නහමක් ගටව (නොගට).
1162. යමක්හුගේ ධ්රැවභාවයක් හෝ ස්ථීතිභාවයක් හෝ නැත් ද, වණ වූ ඇටසැකිල්ල විසින් ඔසවනලද්දා වූ ගිලන් වූ නොයෙක් අයුරින් සංකල්පනය කටයුතු වූ විසිතුරු කරනලද්දා වූ ඒ සිරුර බලව.
1163. සමින් වෙළනලද (තුන්සියක්) ඇට ඇති, මිණියෙනුදු කොඬොලිනුදු විසිතුරු කරනලද රූපය බලව (ඒ) වස්ත්ර සහිත වි මැ හොබනේ යි.
1164. ලහරසින් රඳනාලද පාදයෝ, සුවඳසුනු අලෙවිදුන් මුව, බාලයාගේ සම්මෝහයට නිස්සැ පාරගවෙෂිහුගේ මෝහයට නිසි නො වෙයි.
1165. අෂ්ටපාදකෘතකේශයෝ (කියඹුවැල්) ද අඳුන් ඇඳි නේත්රයෝ ද බාලජනයාගේ මෝහයට පමණැ, පාරගවෙෂිහුගේ මෝහයට නො ද පමණි.
1166. සිතියම් කළ අළුත් අඳුන් කොපුවක් සෙයින් සරසනලද කුණුකය බාලයාගේ මෝහයට පමණැ, පාරගවෙෂිහුගේ මෝහයට නො ද පමණි.
1167. මුවවැදි තෙම මලපුඬුව දමාලී යැ, මුවා වරදැල නො පැහැසී (නො ගැටී) යැ, මුවවැද්දා හඬද්දී (ඇපි) ගොදුරු කා යම්හ.
1168. මුවවැද්දාගේ මලපුඬුව සිඳුණේ යැ, මුවා වරදැල නො පැහැසී යැ, මුවවැදි සොවිද්දී (ඇපි) ගොදුරු කා යම්හ.
1169. (ශීලාදි) නොයෙක් ආකාරවරයෙන් පරිපූර්ණ වූ සැරියුත් තෙරුන් පිරිනිවි කල්හි යම් (සෙනහඬ ආදි) බිහිසුණු අරමුණෙක් වී නම් එකල්හි ලොමුදහගැන්ම වී,
1170. අහෝ! සංස්කාරයෝ අනිත්යයෝ යැ. ඇතිවීම හා නැතිවීම ස්වභාව කොට ඇත්තෝ යැ, ඉපැද නිරුද්ධ වෙති, ඔවුන්ගේ සන්හිඳීම සුව යි.
1171. යම් කෙනෙක් පඤ්චස්කන්ධය අනාත්ම විසින් දකිත් නම් ඔහු (අඳුරෙහි විදුලිය එළියෙන්) සරයෙන් වලග විදුනා සේ සියුම් අරුත් පිළිවිදිත් (විනිවිද දකිත්). ආත්ම විසින් දක්නාහු නො ද පිළිවිදිත්.
1172. තවද යම් කෙනෙක් සංස්කාරයන් අනාත්ම විසින් දකිත් නම් ඔහු සරයෙන් වලග සේ නිපුණ වැ සියුම් අරුත් පිළිවිදියහ. ආත්ම විසින් දක්නාහු නො ද පිළිවිදියහ.
1173. මහණ තෙම සැතින් විදුනාලද්දකු සෙයින් හිස ගිනිගත්තකු සෙයින් කාමරාග ප්රහාණය පිණිස සිහි ඇති වැ වෙසෙන්නේ යි.
1174. මහණ තෙම සැතින් විදුනාලද්දකු සෙයින් හිස ගිනිගත්තකු සෙයින් භවරාග ප්රහාණය පිණිස සිහි ඇති වැ වෙසෙන්නේ යි.
1175. වඩනාලද සිත් ඇති පැසිම් සිරුරු (අන්තිම දේහය) දරන්නහු (ශාස්තෲන් වහන්සේ) විසින් චූදිතයෙම් පයැ මහපටැඟිල්ලෙන් මුවරමාපාය සැලීමි.