2. 5. 1.
201. යම් ශාස්තෘ කෙනකුන් වෙත මේ බඳු ශ්රාවක තෙම ලොව්තුරුදහමක් සාක්ෂාත් කරන්නේ ද, ඒ බුදුහු අසිරිමත්හ, දහම්හු අසිරිමත්හ, අපගේ ශාස්තෲන් වහන්සේගේ (දශබලාදි) සම්පත්හු ආශ්චර්ය්යයෝ යි.
202. ගණන් නැති මහාකල්පයන්හි පඤ්චෝපාදානස්කන්ධයෝ මා විසින් ලබනලද්දාහු ය. ඔවුනතුරෙහි මේ පශ්චිම වූ පඤ්චස්කන්ධය යි. මේ අන්තිමශරීරය යි. ජාතිමරණ සහිත සංසාර සඞ්ඛ්යාත වූ පුනර්භවයෙක් දැන් නැතැ යි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් කුමාරකාශ්යප ස්ථවිරයන් වහන්සේ ...
කුමාරකාශ්යප ස්ථවිරගාථා යි.
2. 5. 2.
203. එකත්නෙන් යම් තරුණමහණෙක් බුදුසසුන්හි (අප්රමාද වැ) වෑයම් කෙරේ ද, (අවිද්යානිද්රායෙන්) නිදන්නන් අතුරෙහි (ශ්රද්ධාදීන් නිදි වරන්නේ වේ ද, ඔහු ගේ ජීවිතය නො සිස් වෙයි.
204. එහෙයින් නුවණැති මහණ තෙම බුදුන්ගේ අවවාදය සිහි කරන්නේ ශ්රද්ධා යැ ශීල යැ තුනුරුවන්හි ප්රසාද යැ සියුසස්දහම් දැකුම් යැ යන මෙහි ව්යායාම කරන්නේ යි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් ධම්මපාල ස්ථවිරයන් වහන්සේ ...
ධම්මපාල ස්ථවිරගාථා යි.
2. 5. 3.
205. කවරක්හු ගේ ඉන්ද්රියයෝ අස්දම්සැරිහු විසින් මොනොවට දමනය කරනලද අසුන් මෙන් සන්හුන් බවට ගියාහු ද, ප්රහීණ වූ මානය ඇති අනාස්රව වූ තාදී (අකම්ප්ය) වූ කවරක්හට දෙවියෝ පවා කැමැති වෙත් ද,
206. මා ගේ ඉන්ද්රියයෝ අස්දම්සැරිහු විසින් මොනොවට දමනය කරනලද අසුන් මෙන් සන්හුන් බවට ගියාහු යැ, ප්රහීණ වූ මානය ඇති අනාස්රව වූ තාදී වූ මට දෙවියෝ පවා කැමැති වෙත් යයි.
මෙසේ මේ ගාථා බ්රහ්මාලි ස්ථවිරයන් වහන්සේ ...
බ්රහ්මාලි ස්ථවිරගාථා යි.
2. 5. 4.
207. (රොවින් නට බැවින්) නපුරුසිවි ඇති භද්ර වූ සිත ඇති එම්බා මෝඝරාජය, තෙපි එක්වන් සමාහිත සිත් ඇත්තාව, තෙපි පැවිදි වූවාහු (අනුන් සෙනසුන් නො දෙන කල්හි සඟසතු සෙනසුනට ද නො පිවිසැ) හිමපාතසමයෙහි සිත වූ රෑ මුළුල්ල කිසෙයින් දිවි පැවැත් වූහු ද?
208. සියලු මගධ රට පැසුණු ගොයම් ඇත්තේ යයි මා විසින් අසනලද පිදුරින් සොයනලද සිරුරු ඇත්තෙම් සුඛජීවී සෙස්සන් සෙයින් ශයනය කෙළෙම් යයි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් මෝඝරාජ ස්ථවිරයන් වහන්සේ ...
මෝඝරාජ ස්ථවිරගාථා යි.
2. 5. 5.
209. තමා නොද හුවාදක්නේ යැ, මෙරමා නොද හෙළාදක්නේ යැ, පහත් කොට නො බලවත්වන්නේ යැ, රහතුන් වහන්සේ නො ගටන්නේ යැ, තමාගුණ පිරිස් මැද නො කියන්නේ යැ, සන්හුන්නෙක්, පමණ දැන බණන්නෙක්, මනා පැවතුම් ඇත්තෙක් වන්නේ යි.
210. ඉතා සියුම් තියුණු (සත්යප්රතිත්යසමුත්පාදාදි) අර්ත්ථ දක්නාසුලු වූ ප්රඥායෙහි දක්ෂ වූ යටත් පැවැතුම් ඇත්තා වූ වෘද්ධයන් සෙවුනාසුලු වූ ඒ මහණහු විසින් යම් හෙයකින් නිර්වාණය දුර්ලභ්ය නො වේ ද, එහෙයිනි යි.
මෙසේ මේ ගාථා විසාඛපඤ්චාලිපුත්ත ස්ථවිරයන් වහන්සේ ...
විසාඛපඤ්චාලිපුත්ත ස්ථවිරගාථා යි.
2. 5. 6.
211. මනා සිළු ඇති මනා පිල්කලබ ඇති මනා නිල්ගෙල ඇති මනා මුවතුඬු ඇති මනහර නාද ඇති මොනරු නද දෙති. මේ මහපොළොව ද මනා නිල්තණ ඇත්තී යැ, මොනොවට පැතිරගිය දිය ඇත්තී යැ, අහස සොඳුරු වලාකුළු ඇත්තේ යි.
212. මනාසිත් ඇත්තහුට (ඍතුසත්ප්රායාදීන්) අතිශයින් මනෝඥස්වභාව ඇත්තේ යැ, එහෙයින් ධ්යාන කරව, සම්යක්සම්බුද්ධශාසනයෙහි මනා වීර්ය්යය ඇති වැ ඒ උතුම් අතිශයින් දැකීමට දුෂ්කර වූ තියුණු වූ සුදෝසුදු අච්යුතපදය (නිවන) ස්පර්ශ කරව යි.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් චූළක ස්ථවිරයන් වහන්සේ ...
චූළක ස්ථවිරගාථා යි.