1. 6. 9.
59. මම සැදැහැයෙන් පැවිදි වීමි, මට වෙනෙහි කුටියක් කරනලදු. අප්රමත්ත වූයෙම් කෙලෙසුන් තවන වැර ඇත්තෙම් සම්යක්ප්රඥා ඇත්තෙම් එළඹ සිටි සිහි ඇත්තෙම් වෙමි යි.
මෙසේ ... කෝසලවිහාරිය ස්ථවිරයන් වහන්සේ ...
කෝසලවිහාරිය ස්ථවිරගාථා යි.
1. 6. 10.
60. යමක් ප්රයෝජන කොට ඇත්තෙම් කිළියට පිවිසියෙම් ද, මා ගේ ඒ සංකල්පයෝ සමෘද්ධ වූහ, ත්රිවිද්යා අර්හත්ඵලවිමුක්ති සොයන්නෙම් මානානුසයයන් හළිමි.
මෙසේ ... සීවලී ස්ථවිරයන් වහන්සේ ...
සීවලී ස්ථවිරගාථා යි.
ෂෂ්ඨ වර්ගය යි.
උද්දානය:
ගෝධික ස්ථවිර යැ, සුබාහු ස්ථවිර යැ, වල්ලිය ස්ථවිර යැ, උත්තිය ස්ථවිර යැ, අඤ්ජනවනිය ස්ථවිර යැ, කුටිවිහාරී ස්ථවිර දෙනම යැ, රමණීයකුටික ස්ථවිර යැ, කෝසල ස්ථවිර යැ, සීවලී ස්ථවිර යැ යි ස වැනි වර්ගයෙහි තෙරවරු දස දෙනෙකි.
සප්තම වර්ගය
1. 7. 1.
61. දර්ශනසම්පන්න වූ ආර්ය්ය තෙමේ අවිපරීත කොට දක්නා ආර්ය්යයා දකී, අවිපරීත කොට නො දක්නා පෘථජ්ජනයා ද දකී. අවිපරීතඥානයෙන් තොර වූ අන්ධබාලපෘථජ්ජන තෙමේ ආර්ය්යයාත් අනාර්ය්යයාත් නො දක්නේ ය යි.
මෙසේ ... වප්ප ස්ථවිරයන් වහන්සේ ...
වප්ප ස්ථවිරගාථා යි.
1. 7. 2.
62. වනයෙහි හැර දමන ලද දරකඬක් සෙයින් අපි හුදෙකලාවමෝ වෙනෙහි වසම්හ. ස්වර්ගාමීන් (කැමති වන) නිරිසතුන් සෙයින් බොහෝ දෙනා මට කැමති වෙත්.
මෙසේ ... වජ්ජිපුත්ත ස්ථවිරයන් වහන්සේ ...
වජ්ජිපුත්ත ස්ථවිරගාථා යි.
1. 7. 3.
63. මාංශපේශිය මුවින් ගිලිහුණී අනුක්රමයෙන් වැටෙමින් (බිමැ) පතිත වූ යැ, එතෙකුදුවත් (උකුස්සෝ) ගිජු වූවාහු වටාලා ආහ. ච්යුත වූවාහු නිරයාදියෙහි හෙති, හුණුවාහු ද කාමාදිභවයෙහි ගිජු වූවාහු වටාලා ආවාහු මැයි, මා විසින් (පරිඤ්ඤාදි සොළසවිධ) කෘත්යය කරනලදැ යැ, රමණය කළ යුත්ත (නිවන) රමණය කරන ලද යැ. (විදර්ශනා මාර්ග) සුවයෙන් (ඵල-නිර්වාණ) සුවය ලබන ලදැ යි.
මෙසේ ... පක්ඛ ස්ථවිරයන් වහන්සේ ...
පක්ඛ ස්ථවිරගාථා යි.
1. 7. 4.
64. හෙළ කෙහෙලි ඇතියහු (බිම්සර රජුහු) නිසා අම්බපාලිය කෙරෙහි උපන්නේ (මාන) ධ්වජය නැසුනේ ප්රඥා (කේතුයෙන්) මැ කෙලෙස් මරහු අභිභවනය කෙළේ යි.
මෙසේ ... විමලකොණ්ඩඤ්ඤ ස්ථවිරයන් වහන්සේ ...
විමලකොණ්ඩඤ්ඤ ස්ථවිරගාථා යි.
1. 7. 5.
65. උක්ඛේපකටවච්ඡ මහණහු විසින් හවුරුදු බොහෝ ගණනකින් සිත්හි ලා රැස් කරනලද යම් දහමෙක් වේ ද, හෙ විමුක්තායතන ශීර්ෂයෙහි සිටියේ උදාර වූ ප්රමෝදය ඇති වැ ඒ දහම ගිහියනට දේශනා කෙරේ යයි.
මෙසේ ... උක්ඛේපකටවච්ඡ ස්ථවිරයන් වහන්සේ ...
උක්ඛේපකටවච්ඡ ස්ථවිරගාථා යි.