1. 1. 7.
7. මහත් වූ ඕඝය ඉතා දුඹුල් වූ නළ හෙයක් මෙන් යමෙක් (කාමාදි) මරසෙන් (අග්රමාර්ගයෙන්) දුරු කෙළේ ද, කෙලෙසුන් දිනූ පහ වූ බිය ඇති දැමුණා වූ (ක්ලේශපරිනිර්වාණයෙන්) පිරිනිවි හෙතෙම අකම්ප්ය වූ සිත් ඇත්තේ යි.
මෙසේ ... භල්ලිය ස්ථවිරයන් වහන්සේ ...
භල්ලිය ස්ථවිරගාථා යි.
1. 1. 8.
8. දුකසේ දමනය කළයුතු යමෙක් ආර්ය්යමාර්ගයෙන් දෝහෝ නොහොත් පුරුෂදම්යසාරථිහු විසින් දමනය කරනලද්දේ ද, වීර වූ සන්තුෂ්ට වූ දුරු කළ සැක ඇති කෙලෙසුන් දිනූ පහ වූ ලොමුදහ ඇති ඒ වීර මහණ පිරිනිවියේ (එහෙයින් මැ) අචලස්වභාව ඇත්තේ යි.
මෙසේ ... ආයුෂ්මත් වීර ස්ථවිරයන් වහන්සේ ...
වීර ස්ථවිරගාථා යි.
1. 1. 9.
9. මේ මාගේ ස්වාගතයෙකි, (එහෙයින් මැ) දුරාගතයෙක් නො වෙයි, මේ මා විසින් වරදවාගත් සිතිවිල්ලෙක් ද නො වෙයි. කවර හෙයින යත: (දුඃඛාදි) ප්රකාරයෙන් බෙදනලද ධර්මයෙහි ශ්රේෂ්ඨ වූ යම් සිව්සස්දහමෙක් වේ නම් එය ලදිම් ද එහෙයිනි.
මෙසේ ... ආයුෂ්මත් පිළින්දවච්ඡ ස්ථවිරයන් වහන්සේ ...
පිළින්දවච්ඡ ස්ථවිරගාථා යි.
1. 1. 10.
10. යමෙක් මෙ අත්බැව්හි හෝ පරඅත්බැව්හි නොහොත් ආධ්යාත්මික බාහිර ආයතනයන්හි තෘෂ්ණාව වෙසෙසින් දුරු කෙළේ ද මඟනුවණින් (නිවනට) ගිය සන්හුන් වූ (මාර්ගසංවරයෙන්) සංයත වූ සිතැති හෙතෙම (උපාදානස්කන්ධ) ලෝකයා ගේ උදය ව්යය ද දැන සියලු ආලම්බනධර්මයන්හි නො ඇලුණේ වේ.
මෙසේ ... පුණ්ණමාස ස්ථවිරයන් වහන්සේ ...
පුණ්ණමාස ස්ථවිරගාථා යි.
ප්රථම වර්ගය යි.
උද්දානය:
සුභූති ස්ථවිර ද කොට්ඨිත ස්ථවිර ද කඞ්ඛාරේවත ස්ථවිර ද මන්තානිපුත්ර (පුණ්ණ) ස්ථවිර ද දබ්බ ස්ථවිර ද සීතවන වැසි (සම්භූත) ස්ථවිර ද භල්ලිය ස්ථවිර ද වීර ස්ථවිර ද පිළින්දවච්ඡ ස්ථවිර ද අවිදු අඳුර දුරු කරන පුණ්ණමාස ස්ථවිර දැ යි (ප්රථමවර්ගයෙහි තෙරවරු දස දෙනෙකි.)